IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අවුරුදු 1700 කට කලින් මුහුදේ ගිලුණු නැවක් මතුවෙයි

මාළුසෝස්, ඔලිව් තෙල් සහ වයින් ප්‍රවාහනය කරලා  

 

 

කාලයේ වැලි තලාවෙන් වැසීයන අතීතය පොළොව යට පමණක් නොව මුහුද යට ද සැඟවී යයි. ඇතැම් විට එවැනි අතීත සාධක මතුවන්නේ ද අහම්බයකිනි.   


හිරු එළිය හොඳින් පතිත වී තිබූ 2019 ජූලි මාසයේ දිනක ස්පාඤ්ඤයේ මලෝකාර් හි කැන් පැස්ටිලා වෙරළේ ඇවිද ගිය ෆීලික්ස් ඇලාකර්න් සහ ඔහුගේ බිරිඳ වෙරළේ ඇති අමුතු දෙයක් දුටුවේ අහම්බයෙනි. ඒ ආසන්නයේම පදිංචිව සිටි මේ දෙදෙනා කොතෙකුත් වෙරළට පැමිණ තිබුණ ද එවැනි දෙයක් කිසිදා දැක තිබුණේ නැත. වෙරළේ තැන තැන කැඩී ගිය මැටි බඳුන්වල කොටස් රැසකි. ඒවා අහුලාගත් සැණින් ෆීලික්ස්ට අවබෝධ වූයේ මෙය ඉතා පෞරාණික මැටි බඳුනක කොටස් විය හැකි බවයි.   
ඔහු ඒ පිළිබඳ ප්‍රදේශයේ පුරාවිද්‍යා බලධාරීන්ට පැවසුවේය.   


ප්‍රතිඵලය වූයේ පුරාවිද්‍යාඥයන් මුහුදේ ගවේෂණයක් ආරම්භ කිරීමයි. වැඩි දිනක් ගත වූයේ නැත. වෙරළට ඉතා ආසන්නයේ වැලි අතර තිබූ අපූරු වස්තුවක් සොයා ගැනිණි.   
ඒ ගිලී ගිය යාත්‍රාවකි. මේ යාත්‍රාවේ යම් යම් දෑ පුරවා ඇතැයි සැලකෙන බඳුන් සිය ගණනක් තිබේ. ඇතැම් ඒවා කැඩී විනාශ වී ඇතත් පලුදුවී හෝ නැති බඳුන් සියයකට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වූහ.   


පර්​ෙ‌ය්ෂකයන් පවසන්නේ මේ යාත්‍රාව අදින් වසර 1,700කට පෙර ගිලී ගිය රෝම යාත්‍රාවක් බවයි. මේ බඳුන් එකල මාළු සෝස්, ඔලිව් තෙල් සහ වයින් ප්‍රවාහනය කිරීමටත් ගබඩා කර තබා ගැනීමටත් භාවිත කර ඇති බව ද කියති.   


මෙය අද්වීතීය සොයා ගැනීමකි. වසර 1,700 කට පෙර සිටි මිනිසුන් තම භාණ්ඩ ප්‍රවාහනය කළ ආකාරය, ඒවා ගබඩා කළ ආකාරය සහ ඔවුන්ගේ වෙළෙඳ කටයුතු සිදුවූ ආකාරය පිළිබඳ මේ ඔස්සේ අනාවරණය කරගත හැකි වනු ඇත. 

 
විද්‍යාඥයන් පවසන්නේ මෙම බඳුන් මුහුදෙන් ගොඩට ගත් විට විනාශ වී යා හැකි බැවින් විද්‍යානුකූලව සංරක්ෂණය කිරීමේ කටයුතු අවසන් වනතුරු ඒවා පරීක්ෂා කිරීම සඳහා විවෘත කළ නොහැකි බවයි.   


බැලේරික් සමුද්‍ර පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ පුරාවිද්‍යාඥ සෙබස්තියන් මුනාර් මෙසේ පවසයි.   

 

 


“මේ යාත්‍රාව පැරණි රෝම යාත්‍රාවක් බව පැහැදිලියි. එය දිගින් අඩි 33ක් සහ පළලින් අඩි 16ක් පමණ විය යුතුයි. මෙය මුහුදු වෙරළට ඉතා ආසන්නව මුහුදේ වැලි අතර වැළලී තිබෙනවා. වැලි අතර තිබීම නිසාම මෙහි ඇති බඳුන් විශාල ප්‍රමාණයක් ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙනවා. මේ යාත්‍රාව වර්තමාන ස්පාඤ්ඤයේ ප්‍රධාන භූමියේ සිට මලෝකාර් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කරන්න ඇතැයි සිතන්නට පුළුවන්. දැනට කරන ලද පර්​ෙ‌ය්ෂණ අනුව පෙනීගොස් තිබෙන්නේ මේ යාත්‍රාව අදින් වසර 1,700කට පමණ පෙර මුහුදේ ගිලී යන්නට ඇති බව.”   


ස්පාඤ්ඤ නාවික හමුදාවේ සහ ජාතික පොලිස් කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව පුරාවිද්‍යාඥයන් විසින් නැවේ ඇති භාජන විශාල ප්‍රමාණයක් ඉවත්කර මලෝකාර්හි කෞතුකාගාරයට යවා තිබේ. වසර 1,700ක් පුරා මුහුදු පත්ලේ තිබීමෙන් මුහුදේ ලවණ ස්ඵටික මේ බඳුන් වටා සැකසී ඇති බැවින් ජලයෙන් උඩට ගත් විට ස්ඵටික බිඳී බඳුන්වලට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා විශේෂයෙන් සැකසූ ජල ටැංකිවල බඳුන් බහා තැබූ බව පුරාවිද්‍යාඥයෝ කියති. එලෙස ජල තටාකයන්හි මාස හතරක පමණ කාලයක් බඳුන් තැබීමට සිදුවන බව ද පර්​ෙ‌ය්ෂකයන්ගේ මතයයි.   


මේ බඳුන්වල අක්ෂර දක්නට ලැබෙන බවත් ඒවා බොහෝ විට බඳුන්වල අඩංගු ද්‍රව්‍ය නාමයන් විය හැකි බවත් මේවා පරිවර්තනය කරගත හැකි වුවහොත් ඒවායේ අඩංගු ද්‍රව්‍ය හා ඒවා නිෂ්පාදනය කළ ආකරයත් කවර තැනක සිට කිනම් ස්ථානයකට ප්‍රවාහනය කරමින් තිබුණේ ද යන්න සොයා ගැනීමට හැකිවනු ඇති බවත් පුරාවිද්‍යාඥයෝ කියති. මේ යාත්‍රාව තවමත් සොයාගත්තා පමණි. එහි පර්​ෙ‌ය්ෂණ කටයුතු වඩාත් සංකීර්ණ හා විධිමත් ලෙස ඉදිරියට යද්දී අතීතයේ තවත් රසවත් කතාන්තර රැසක් මතුවනු ඇති බව නොරහසකි.  

 


සජීව විජේවීර



අදහස් (0)

අවුරුදු 1700 කට කලින් මුහුදේ ගිලුණු නැවක් මතුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 177 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 243 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site