IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අවුරුදු පනස් හතකට කලින් පොලිසිය හෙළි කළ පාතාලය

 

පාතාල අපරාධ සහ දූෂණ ශ්‍රී ලංකාවට පිළිලයක් බවට දැන් පත් වී තිබේ. විවිධ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වනු ලබන්නේ පාතාලය මගින් බවද හෙළි වී ඇත. මේ අයුරින් පාතාලය මගින් සිදු කරන දරුණු අපරාධ සහ විවිධ දූෂණ ක්‍රියා පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුවී ඇත. පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව මාධ්‍ය අංශ මගින් ද දිනපතා අනාවරණය කරනු ලැබේ.  


පාතාල ලෝකයේ දූෂණ ක්‍රියා පිළිබඳව ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් අනාවරණය වූයේ 1962 වසරේදීය. පොලිසිය විසින් සොයා ගනු ලැබූ පාතාල ක්‍රියාවලට රටවල් කීපයක් සම්බන්ධ කර ගෙන තිබූ බැව් එහිදී අනාවරණය වී තිබිණි. එදා එම පාතාල ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්තේ අබිං, රත්‍රන්, මැණික් සහ මුදල් නෝට්ටු වැනි ජාවාරම්ය. අබිං මෙම පාතාල ජාවාරම්කාරයන්ගේ ක්‍රියාකාරකම්වල ප්‍රධාන අංගයක්ද විය.  


මේ පිළිබඳව ප්‍රථම වරට සොයාගැනීමක් ගැන 1962 ඔක්තෝම්බර් 7 වැනිදා එවකට පැවති ඉරිදා ලංකාදීප පුවත්පත මගින් අනාවරණය කළේය. ඒ අවස්ථාවේ පාතාල ක්‍රියාවලට හසුකර ගෙන තිබුණේ අබිං, රත්‍රන්, මැණික් සහ මුදල් නෝට්ටු පමණි. ඒ පිළිබඳව ලංකාදීප පුවත්පත ‘කොළඹ පාතාල ලෝකය මතුවේ. පොලිසිය හෙළි කරයි’ යනුවෙන් ප්‍රථම වරට පළ කළේය. එම පුවත ඒ අයුරින්ම මෙසේය.  


‘ලෝක රටවල් සමග සංවිධානය වී රත්‍රන්, මැණික් සහ මුදල් නෝට්ටු හොර ජාවාරම් කරන ආකාරය පිළිබඳ තොරතුරු පොලිසිය මගින් අනාවරණය කර ගෙන තිබේ. මේ ජාවාරම් අතරින් වැඩියෙන්ම දරුණු අන්දමින් කෙරෙන්නේ අබිං, මුදල් නෝට්ටු හා මැණික් බවද පොලිසිය කියයි. මේ හොර ජාවාරම් නිසා ලංකාවෙන් විශාල මුදලක් පිටරටට ඇදී යන බවද පොලිසියට අනාවරණය වී තිබේ.  


අබිං ජාවාරම සම්බන්ධ ඉන්දියාව, මගින් ලංකාවට ගෙනෙන අබිං උතුරු වෙරළට බෝට්ටුවලින් ගෙන එනු ලැබේ. මෙම බෝට්ටු අබිං මිලදී ගැනීමට මනා සංවිධානාත්මකව මෙම හොර ජාවාරම් සඳහා රටවල් රැසක නියෝජිතයෝ සිටිති. උතුරු වෙරළට ගොඩබාන අබිං වේගවත් කාර් මගින් ගෙනවිත් කොළඹ සිටින නියෝජිතයන්ට විකුණනු ලැබේ.  
අබිං ගෙන ඒම සඳහා යොදවන කාර් සතියක් ඇතුළතදී විකුණනු ලබන අතර ඒ සඳහා නැවත අලුත් කාර් මිලදී ගනු ලබන බවද පොලිසිය කියයි. මෙසේ කරනුයේ පොලිසියට සැකයක් ඇති නොවන අන්දමටය.  


ලංකාවට ගෙන එනු ලබන අබිං සඳහා ලංකාවේ මුදල් නෝට්ටු දෙන බවද අනාවරණය වී තිබේ. මේ මුදල් ලංකාවට හොරෙන් එන ඉන්දියානුවන්ට විකුණනු ලැබේ. ලංකාවට එන කල්ලතෝනින්ට ලංකාවේ මුදල් ලැබෙන්නේ ඒ මගින් බවද පොලිසිය කියයි. අබිං ගොඩබාන පෙදෙස්වල සිටින සියලු දෙනාම මෙම ජාවාරමට සම්බන්ධ බවද මේ නිසා ඔත්තු ලබා ගැනීම අපහසු කාර්යයක් බැවින් මේ ජාවාරම මර්දනය කිරීම දුෂ්කර වී ඇති බවද පොලිසිය කියයි.  


කරවල වෙළෙඳාම රජයට ගෙන තිබීම හා උතුරු වෙරළේ මුර සේවයක් ආරම්භ කර තිබීම නිසා මේ ජාවාරම් තරමක් අඩපණ වී ඇති බැව්ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ රත්‍රන් ජාවාරම් සඳහා සියමය, බේරුට්, ප්‍රංශය සහ ඉන්දියාව යොදාගෙන ඇති බවද කියති.  


රත්‍රන් වැඩි වශයෙන් ලංකාවට ගෙන එනු ලබන්නේ පොලු වශයෙන් බවත් එසේ ගෙන එනු ලබන රත්‍රං පොලු මිලදී ගැනීමට සූදානම් ව සිටින වෙළෙන්ඳෝ පිරිසක් කොළඹ සිටින බවද ඔවුන් වැඩිදෙනෙකු තාවකාලිකව රටවැසි බලපත්‍ර ලබා පැමිණ සිටින විදේශිකයන් බවද පොලිසිය පවසයි.’ යනුවෙන් එහි සඳහන් කර ඇත.  


ශ්‍රී ලංකාවේ මැණික් හොර රහසේ ඉන්දියාවට ගෙන යන බවටද පාර්ලිමේන්තුවේදී ද මතුවිය. මැණික් සහ රත්‍රන් ඒ අයුරින් රැගෙන යන බවට පුවත්පත් වාර්තා මගින්ද පළවිය. එම හොර ජාවාරම් පිළිබඳව පොලිසිය ද දැඩි විමසිල්ලෙන් පසුවිය.  


ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට මැණික් ගල් තොග රැගෙන යන බවද අනාවරණය වී තිබිණි. මැණික් ගල් තොගයක් හොර රහසේ ගුවන්යානයක සඟවා ගෙන ගිය බවත් පිලිප් ගුණවර්ධන මහතා වරක් පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය. ඒ පිළිබඳව ආන්දෝලනයක් පැවතිණි. හොර ජාවාරම්කාරයන් ඉන්දියාව සමග කරගෙන යන ව්‍යාපාර මර්දනය කිරීම කරවල ප්‍රශ්නයක් නිසා අසීරු වී ඇති බවක්ද පැතිරිණි. එයට හේතුව ලෙස ඉදිරිපත්වූයේ ඉන්දියාවේ සිට කරවල මෙරටට ගෙන්වීම එම හොර ජාවාරම්වලට පහසුවක් වූ බවද කියමිනි.  


මේ අතර ඉන්දියාවෙන් එවකට ගෙන්වන ලද කරවල අතිශය බාල වර්ගයේ ඒවා බවද හෙළිවිය. මේ නිසා ශ්‍රී ලංකාවට හොඳ කරවල ගෙන ඒම සඳහා සතොසේ දූත පිරිසක් ඉන්දියාවට යාමටද සූදානම් විය. එහෙත් එය නතර කිරීමට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නියෝග කළාය. එම ආන්දෝලනාත්මක පුවතද එවකට පුවත්පත් මගින් ප්‍රකාශයට පත්විය.  

 


තිස්ස ජයවර්ධන  

 



අදහස් (0)

අවුරුදු පනස් හතකට කලින් පොලිසිය හෙළි කළ පාතාලය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 566 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site