ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුදාවලි ලත් මෙම සොඳුරු ලක්බිම සුරක්ෂිතව රැකගැනීම ඈත අතීතයේ සිටම අප රට පාලනය කළ පාලකයන්ට මහත් අභියෝගයක් විය. මුල් අවදියේ මෙරටට ආසන්නතම රට වූ ඉන්දියාවේ, විටින් විට තම බලය තහවුරු කරගත් චෝල, පාණ්ඩ්‍ය, කේරළ ආදී දකුණු ඉන්දීය පාලකයෝ තම බලය ශ්‍රී ලංකා භූමිය තුළට ද ව්‍යාප්ත කළහ. මෙරට පැවති සෞභාග්‍යවත් බව හා සම්පත් බහුලතාව ඊට බොහෝ හේතු සාධක විය.
වීරකෝන් සෙන්පතියාගෙන් පසු තුන්වැනි පරම්පරාවට අයත් වූ එක්දහස් අටසිය හැත්තෑ ගණන්වල උපත ලැබ 1961 දී අභාවයට පත් වීරකෝන් මුදියන්සේලාගේ මොහොට්ටිහාමි නම් වූ (හිටපු දේශීය වෛද්‍ය ජෝතිරත්න වීරකෝන් මහතාගේ පියා) වැරැව්තැන්නේ මුත්තා හෙවත් බෝගහයට ගෙදර මුත්තා වශයෙන් හැඳින්වූ ප්‍රභූවරයා (පාරම්පරික කැඩුම්බිඳුම් වෛද්‍ය) විසින් 1960 දී වයස අවුරුදු 15 ක පාසල් යන සිසුවකු වූ ලියුම්කරුට පවසන ලද කරුණු අනුව වීරකෝන්ගම සිට උඩවේරියට යන මාර්ගයට පහළින් පිහිටි වැරැව්තැන්න නම් ගම් කොටසේ එදා වීරකෝන් මුදලි සෙන්පතියාගේ වලව්ව පිහිටා තිබූ බවත් පැහැදිලි විය.
විශ්‍රාමික අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
එච්.එම්. ජයතුංග, ඌවතැන්න
2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභීත රණවිරුවකුට සන්නසකින් පිදූ වීරකෝන් ගම