IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


අපල දුරුකළ හැකි නිවැරදි මග

ග්‍රහ අපල සඳහා ශාන්තිකර්ම නියම කිරීමේ දී වත්මන් ජ්‍යෙතිර්වේදීන් නොමග යනබව පෙනෙයි. බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ යන්ත්‍රයක් මැණික් ගලක්, අඩුම තරමින් දුම් කුඩු ටිකක් හෝ විකුණා ගැනීමටය. ඒවාද ශාන්තිකර්ම වේ. නමුත් ජ්‍යොතිෂ්‍ය එතරම් පටු නැත. ජ්‍යොතිෂයට අනුව කේන්ද්‍රයේ යම් ග්‍රහයකු දුර්වල වූ විට එමගින් කියාපාන්නේ එම ග්‍රහයාට අයත් කරුණු අදාළ පුද්ගලයා කෙරෙහි අයහපත් ලෙස විපාක දෙන බවයි. නැතහොත් එම කරුණු දුර්වල වන බවයි. එමෙන්ම අයහපත් දශා සහ ග්‍රහ ගෝචරය තුළින්ද දුෂ්කර කාල වකවානු දක්වනු ලැබේ.   


මේ සියල්ල ජ්‍යොතිෂයට අනුව ග්‍රහ අපලය. අපල යනු පූර්ව අකුසල් ජ්‍යෙතිෂයට අනුව හඳුනා ගැනීමයි. අපල ලෙස පෙන්නුම් කරනු ලබන්නේ ඔබ පෙර කරන ලද අකුසල්ය. එම පූර්ව අකුසල් අනුව මේ භවයෙහි ඔබට නොයෙක් විපාකවලට මුහුණ දෙන්නට සිදුවේ. පෙර කරන ලද කුසල කර්ම නිසා ප්‍රඥාව, ධනය, බලය, නිරෝගී බව, සැප ලබාදෙන අතර පූර්ව අකුසල් හේතුවෙන් කරදර බාධක අැතිවන අතර දියුණුව සැපත අඩාළ කරනු ලබයි.   


ජ්‍යොතිෂය තුළින් කෙරෙන්නේ එම අකුසල් හඳුනාගෙන එවාට පිළියම් කිරීමයි. එමෙන්ම එම අකුසල් විපාක දෙන කාල වකවානු හා අංශ හඳුනා ගැනීම ද ජ්‍යෙතිෂය තුළින් සිදු කළ හැකිය. උදාහරණයක් ලෙස, කිසියම් කේන්ද්‍රයක රවි දුර්වල වන්නේ පෙර භවයක පියාට නොසැලකීම අවමන් කිරීම, යහපත් මිනිසුන්ට නිග්‍රහ කිරීම, අනුන්ගේ දියුණුවට බාධා කිරීම වැනි අකුසල් විපාක මතයි.   


කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව නිවැරදිව එය හඳුනා ගත හැකිය. ජන්ම කේන්ද්‍රයේ රවි දුර්වල වීමෙන් මෙම භවය තුළ පිය සෙනෙහස අහිම වීම, පියාගෙන් උදව් උපකාර නොලැබීම, පිළිගැනීම අඩුවීම, කුලයෙන් පහත් වීම, නායකත්වය නොලැබීම මෙන්ම තේජෝ ගුණය අඩු වීමෙන් ඇතිවන රෝගවලින් පෙළීම ඒ හරහා සිදුවේ. ජ්‍යොතිෂ්‍ය තුළින් මෙම අපල හඳුනාගෙන ඒවාට නියමිත ප්‍රතිකර්ම කිරීමෙන් අයහපත් විපාක මර්දනය කරගත හැකි වේ. එමෙන්ම එම අසුබ විපාක දෙන කාල වකවානු නිවැරදිව හඳුනාගත් විට එම කාලය තුළ අරපරිස්සමින් ඉවසීමෙන් සහ සැලසුමක් අැතිව වැඩ කටයුතු කිරීමෙන් අනිටු විපාක බොහෝ දුරට අවම කරගත හැකිය.   


එමෙන්ම ග්‍රහ අපල මේ භවයේ කරන කර්ම අනුවද වෙනස් වේ. උදාහරණයක් ලෙස අායු බලය අඩු කෙනෙකු මේ භවයෙහි නිතර කුසල් කරයි නම් අනතුරුදායක හා නීති විරෝධි කටයුතුවලින් ඈත්ව ජීවත්වේ නම් ඔහුගේ ආයු කාලය කේන්ද්‍රයේ පෙන්වනවාට වඩා වැඩිවේ. එමෙන්ම ඔහු මෙකලද දුරාචාරයේ යෙදෙමින් නිතර පව් කරමින් නීතිවිරෝධී කටයුතු යෙදෙයි නම් ඔහුගේ මරණය කේන්ද්‍රයේ පෙන්වන ආයු ප්‍රමාණයට වඩා අඩුවේ.   


කිසියම් අපලයකට ශාන්තිකර්ම කිරීමේ දී මොනවා හෝ ශාන්තිකර්ම ටිකක් කිරීමෙන් අපල දුරුවන්නේ නැත. අදාල කර්මය නිවැරදිව හඳුනාගෙන ඊට අවශ්‍ය ශාන්තිකර්මය කළ යුතුය. විශේෂයෙන්ම පෙර අකුසල් දුරුකිරීමට නම් මේ භවයෙහි කුසල් කළ යුතුය. එම කුසල ක්‍රියාවන් තෝරා ගත යුත්තේ කේන්ද්‍රයේ පෙන්වන පූර්ව අකුසල් අනුවයි. කුසල් සිදු කිරීම පමණක් නොව අනෙකුත් ශාන්තිකර්මද පූර්ව අකුසලයට අනුවම කළ යුතු වේ. වර්තමානය වන විට ජොතිෂ්‍යය ව්‍යපාරයක් බවට පත්වී තිබෙන අතර මැණික්, වාලම්පුරි, රුදාක්ෂ, වජ්‍ර විවිධ කාසි හැම අපලයකටම නියම කරයි. කිසිම මැණිකකට යන්ත්‍රයකට හෝ වෙනත් දෙයකට ඔබේ කර්ම විපාක සහමුලින්ම දුරු කළ නොහැකිය. ඔබේ කර්ම විපාක වෙනස්කර ගතහැකි වන්නේ ඔබටම පමණි. ජ්‍යොතිෂය සහ ජ්‍යොතිෂ වේදියාගෙන් ලැබෙන්නේ එය කළ යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීමයි.   


සෑම ප්‍රශ්නයක්ම මැණික් පැළදීමෙන් දුරු කළ නොහැක. එමෙන්ම සැම ප්‍රශ්නයක්ම යන්ත්‍රයක් දැමු පමණින් දුරු වන්නේද නැත. නමුත් මැණික් පැළැදිය යුතු අවස්ථා ද යන්ත්‍ර දැමිය යුතු අවස්ථා ද තිබේ. අවශ්‍ය තැනට අවශ්‍ය දේ දක්ෂ දෛවඥයා නියම කළ යුතුයි.   


නමුත් බොහෝදුරට අද සිදුවන්​නේ ජ්‍යොතිර්වේදීන් තමා ළඟ විකුණන්නට තිබෙන දේ හැම අපලයකටම නියම කිරීමයි. අප සත්‍යයෙන් ඇතට ගමන් කරමින් සිටියි. කිසිවෙකුට තමන්ගේ කර්ම විපාක තවකෙකුට පැවරිය නොහැකිය. එහෙයින් ජ්‍යොතිෂ භාවිත කරන විට එය බුද්ධිමත්ව කළ යුතු වේ. නැතහොත් තවදුරටත් අමාරුවේ වැටෙනවා මිසක සහනයක් ලැබිය නොහැකි වේ. ඕනෑම අපලයක් සඳහා පිළියම් කිරීමේදී ප්‍රධාන පියවර තුනක් අනුගමනය කළ යුතුය.   


මානසික හා කායික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම   


ඕනෑම අපලයක දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ සිත දුර්වල වීමයි. එහෙයින් දෛවඥයා විසින් පළමුව කළ යුත්තේ සිත නිරවුල් කර ගැනීමට ශක්තිමත් කරගැනීමට උදව් වීමයි. අපලය හෙවත් පූර්ව අකුසල් පිළිබඳව අවබෝධයක් ලබාදිය යුතුයි. එමෙන්ම ඔහුගේ ජීවන ක්‍රියාවලිය අවශ්‍ය පරිදි වෙනස්කර ගැනීමට උපදෙස් දිය යුතුයි.   


කුසල් වර්ධනය කිරීම   


දෙවනුව අවශ්‍ය කුසල්වලට පුද්ගලයාව යොමු කළ යුතුයි. මෙහිදී කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම් අනුව දෛවඥයා විසින් පෙර කරන ලද අකුසල් හඳුනා ගත යුතුයි. එම අකුසල්වලට අභියෝග කළ හොත් කුසල්කර්ම සුදුසු පරිදි ලබාදිය යුතුයි. එම පිං කම් ද දිනක් දෙකක් නොව අපල කාලය පුරාවට සිදු කළ යුතුය.   


යන්ත්‍ර මන්ත්‍ර, මැණික්, දේවපුර   


තුන්වනුව බාහිරින් ලබාදිය හැකි ශක්තින් වන යන්ත්‍ර, මැණික්, සෙත්කවි, දේව පුජා අවශ්‍යතාවට අනුව සිදු කළ යුතුවේ. එය ද ආවට ගියාට නොව නොදුන් දුර්වල තැන් සොයා බලා අවශ්‍යම දේ නියම කළ යුතුයි. අපලයත් අයහපත් විපාක දුරු වන්නේ මෙම කරුණු තුන නිවැරදිව සම්පූර්ණ වූ විටය.   


අපල දුරු කිරීමේ වත් පිළිවෙත් ගැන කතා කිරීමේ දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් තිබේ. ඔබ කුමන ශාන්තිකර්මයක යෙදුන ද එය ඉතා භක්තියෙන් සහ විශ්වාසයෙන්ම කළ යුතුයි. භක්තිය සහ විශ්වාසයෙන් තොරව කරනු ලබන කිසිදු ශාන්තිකර්මයන් නිසි පල ලැබිය නොහැකිය. සෑම ක්‍රියාවකටම චේතනාව මුල්වේ. එය මූලය දුර්වල වූ විට අපිරිසිදු වු විට ක්‍රියාවේ පලය දුර්වල වේ.   

 

 


වාස්තුවිද්‍යාව උපදේශක, ​
ජ්‍යොතිෂාචාර්ය අනුරාධ පෙරේරා   



අදහස් (0)

අපල දුරුකළ හැකි නිවැරදි මග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 308 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1617 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site