IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


අනාගත ඉරණම අත්ලෙන් බලාගන්න

අයෙකුගේ අත්ල පරික්ෂා කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ අත්ල මත සුවිශේෂී සලකුණු දැකිය හැකිය. තම උත්පත්තියේ සිට ගෙන එන ලද පින් පව් සේම මෙම සුවිශේෂී ලකුණුද වෙනස්වීම්වලට භාජන නොවේ. එක් එක් අයට අනන්‍යවූ චරිත ලක්ෂණ මේ තුළින් දැකිය හැකි අතර වාසනාව හා අවාසනාව පිළිබඳවද දැනගත හැකිය.   


   
ත්‍රිශූලය   


ත්‍රිශූලය කියන්නේ උල්තුනකින් හැදුණ ලකුණකටයි. කිසියම් රේඛාවක මුල හෝ අග පිහිටන මෙවැනි ත්‍රිශූල එම රේඛාවෙන් උත්පාදනය වන බල ශක්තිය තුන් ගුණයකින් වැඩිවෙයි. මණ්ඩල මත ස්වාධීනව පිහිටන ත්‍රිශූල ලකුණ ගුරු මණ්ඩලයේ (දබරැගිල්ලේ මුල) දිස්වෙන තැනැත්තා ධනවත්වන බව කියැවේ. දැඩි ආගමික භක්තියක් ඇති අයගේ ත්‍රිශූල සලකුණ ශනි මණ්ඩලයේ විද්‍යාමාන වන අතර රවි මණ්ඩලයේ එය පිහිටීමෙන් ප්‍රසිද්ධ පුද්ගලයකු වන බව ද බුධ මණ්ඩලයේ එම සලකුණ පිහිටිවිට ව්‍යාපාර කටයුතුවල දියුණුවද චන්ද්‍ර මණ්ඩලයේ එය පිහිටීමෙන් ගුප්ත විද්‍යාවේ දක්ෂතාවද සිකුරු මණ්ඩලය මත පිහිටි ත්‍රිශූල ලකුණෙන් රාගාධික පුද්ගලයකු බව ද හඳුන්වා දෙයි.   


කතිර සටහන   


අත්ලේ කතිර සලකුණ ගැඹුරු ලෙස සටහන්වීම අසුභදායකවේ. මෙබඳු සලකුණකින් ශුභඵල ඇතිවන්නේ කලාතුරකිනි. බලාපොරොත්තු කඩවීම්, උවදුරු කරදර තත්ත්වයේ පහත වැටීම් හා මානසික පීඩා ඇතිවීමට කතිර ලකුණ හේතු වෙයි. වෙනත් රේඛා එක්වීමකින් තොරව හුදෙකලා ලෙස කතිර සටහනක් ගුරු මණ්ඩලයේ පිහිටි විට වාසනාවන්ත විවාහයක් සිදුවේ. එය සිදුවන කාලය කතිර සලකුණ පිහිටි ස්ථානය අනුව නිගමනය කළ හැක. ජීවන රේඛාව අසල නම් අවුරුදු විස්සට නුදුරුවද ගුරු මණ්ඩලය මැදවී නම් මැදි වයසේදීද ගුරු මණ්ඩලයේ ඉහළ කොටසේ දබරැගිල්ලට නුදුරුව නම් මැදි වයස ඉක්මවීමක් සමග ද විවාහය සිදුවේ.   


දැල් සටහන   


දිගට හරහට පිහිටියා වූ සිහින් රේඛා සමූහයක් එකිනෙක කැපී යන අයුරින් පිහිටිවිට දැල් ආකාර සලකුණක් වේ. මෙම සලකුණ සාමුද්‍රික ශාස්ත්‍රයේදී ශුභඵල දෙන සලකුණක් නොවේ. ගුරු මණ්ඩලය මත දැල් සටහනක් පිහිටියේ නම් ඉන් ලබන ශුභඵල වැළැකේ. පුද්ගලයා හිතුවක්කාර බවට පෙළඹේ. පහත් පෙළේ ක්‍රියාවන්ට යොමුවීමෙන් සමාජයේ අගෞරවයට ලක්වේ. ශනි මණ්ඩලයේ චෛතසික පීඩා බහුල වෙන අතර කල් ගතවෙන රෝග වැළඳීමට ඉඩ ඇත. බුධ මණ්ඩලය මත නම් වංක ගති ඇති අයකු වෙන අතර අන්‍යයන් රවටා දියුණුවීමට උත්සාහ කරන අයකු වන අතර චන්ද්‍ර මණ්ඩලය මත මෙම සලකුණ පිහිටියේ නම් මානසික පීඩා බහුල වෙන අතර ඇතැම්විට මානසික දුර්වලතා බලපෑමකටද ලක්විය හැක.   


චතුරස්‍ර හෙවත් කොටු සලකුණ   


අනතුරු විපත් ආදියෙන් ආරක්ෂා කිරීමේ ලකුණක් ලෙස කොටු සලකුණ හැඳින්විය හැක. කිසියම් මණ්ඩලයක හෝ රේඛාවකින් අනිෂ්ටඵල ප්‍රකට කෙරෙන ස්ථානයක කොටු සලකුණ පිහිටීමෙන් එමගින් ලැබිය හැකි උවදුරුවලින් ආරක්ෂා වේ. ඇතැම් විට ප්‍රධාන රේඛා විහිද යෑමේදී අතරමගදී රේඛාව කැඩී ටික දුරක් කිසිම සටහනක් නැතිව හිස් වෙන්නට හැර හිස් තැන එසේ තිබියදී නැවත රේඛාව විහිද යයි. එබඳු අවස්ථාවක කැඩුණු රේඛා කැබලි දෙක ස්පර්ශ වනසේ ඒ මැදින් කොටු සලකුණක් පිහිටීමෙන් ප්‍රධාන රේඛාව කැඩීමෙන් ඇතිවන අනිෂ්ඨ විපාක මග හැරේ. ජීවන ​ෙර්ඛාවේ එසේ වූ විට මරණය සහිත රෝගවලින්ද, ශීර්ෂ රේඛාවෙන් නම් මානසික ආබාධවලින්ද, රවි රේඛාවේ නම් කීර්ති හා ධන හානි වලින්ද දෛව රේඛාවේ නම් ආපදා ධන හානි තත්ත්වයෙන් පහළ වැටීම් ආදියෙන්ද අත් හිමියාට පලාපල සිදුවේ.   


මත්ස්‍ය ලකුණ   


මත්ස්‍ය සලකුණ (මාළුවා) මණ්ඩල මත වගේම රේඛා ආශ්‍රිතවත් පිහිටිය හැක. රේඛා ඛණ්ඩි ගැසීමෙන් බොහෝවිට මෙම ලකුණ පිහිටීමට ඉඩ ඇත. මත්ස්‍ය සලකුණ ඉතාමත් සුභඵල ගෙනදෙන ලකුණක් වේ. අනේක විධ භව භෝග සම්පත් ලැබීමට හේතු වන්නකි. කාන්තාවකගේ අතක මාළුවෙකුගේ ලකුණ පිහිටා තිබේ නම් ඇයට ලක්ෂ්මි යෝගය උදාවන බව ශාස්ත්‍රීය නියමයයි. වාසනාවන්ත පුරුෂයෙකුට බිරිඳ වන ඇය සුපුන්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක වේ.   


කවයක සලකුණ   


කවයක සලකුණ බොහෝවිට සුභදායක නොවේ. සුභදායක වන්නේ රවි මණ්ඩලයට පමණි. එමගින් ධනය, බලය හා කීර්තිය ළඟා කරයි. වෙනත් මණ්ඩලයක පිහිටියහොත් අනිෂ්ට විපාක ඇතිවිය හැක. මහපට ඇඟිල්ලේ හෝ බුධ මණ්ඩලයේ හෝ බුධ රේඛාවේ පිහිටිවිට වසවිෂ වලින් මරණය පවා සිදුවිය හැකිය. චන්ද්‍ර මණ්ඩලයේ කවයක සලකුණ පිහිටීම දියෙන් ඇතිවන විපත් පෙන්නුම් කරයි. වෙනත් ප්‍රධාන රේඛාවකට සම්බන්ධ වී නම් දුක් කරදර වලින් අඩුවක් නොවේ.   


දූපත් සලකුණ   


දූපත් සලකුණ අත්ලේ කුමන ස්ථානයක පිහිටියත් අසුභ ඵල ගෙනදේ. පුංචි දූපත් ලකුණු වලින් තදබල විපාකයක් සිදු නොවුණත් ලොකු දූපත් ලකුණුවලින් මාරක අපල පවා සිදුවිය හැකිය. ගුරු මණ්ඩලය මත පිහිටන දූපත් සලකුණෙන් ආත්මගෞරවයට හානි සිදුවන බවද ශනි මණ්ඩලයේ එම ලකුණ පිහිටීමෙන් අන් අයට උදව් කිරීමට යෑමෙන් තමනට වන බාධක කරදර ද බුධ මණ්ඩලයේ නම් හවුල් ව්‍යාපාරවලින් වන අලාභද සිකුරු මණ්ඩලයේ නම් රාගික හැඟීම්වලට වහල්වීමෙන් ඇතිවන ව්‍යසන ද පෙන්නුම් කරයි.   


ධාන්‍ය ලක්ෂණ   


මෙම ලකුණු බොහෝ විට අතේ ඇඟිලි පුරුක් අතර තිබිය හැක. ධාන්‍ය ඇටයක හෙවත් වී ඇටයක හැඩයෙන් යුතු ලක්ෂණය මේ නමින් හඳුන්වයි. මෙම සලකුණ භාග්‍යමත් ලක්ෂණයක් ලෙස සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙයි. අත්ලේ කුමන ස්ථානයක පිහිටියත් ධාන්‍ය ලක්ෂණය සුභඵල ගෙනදෙයි. යස ඉසුරු ලබාදෙන භාග්‍යමත් ලකුණක් වන මෙය රේඛාවක් මැද පිහිටීම ශුභදායක නොවන්නේ එම සටහන එවිට දූපතකට සමාන වන බැවිනි.   

 

 

 

 

 


හිඹුටානේ පියතිලකද අල්විස්   
158 හිඹුටාන මුල්ලේරියාව නව නගරය   
දුර: 0112419574, 0716212020



අදහස් (0)

අනාගත ඉරණම අත්ලෙන් බලාගන්න

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

“ඉරගිනි මද්දහන රටේ සෑම කාන්තාවක්ම නැරඹිය යුතු කතාවක් ”
2025 ජනවාරි මස 22 6 0

ඇයගේ තරුණකම බිලිගත් පසුත් තම දිවිය කඳුළකට සීමා නොකර දිරියෙන් ජීවිතය ජයගත් අනෝරා වැස්සටත් ඉහළින් පියා සැලූ රාජාලි රැජිනක් බඳු කඳුළු මායිම් නොකළ ගැහැන


එකගෙයි කෑම සංකල්පෙට මම කැමතියි - දසුන් පතිරණ
2025 ජනවාරි මස 22 8 0

’’එකගෙයි කෑම -දෙන්නම මගේ’’ කිව්ව ගමන් මේ දවස්වල ගොඩක් අයට මතක් වෙන්නෙ දසුන් පතිරණ කියන රංගන ශිල්පියාව. ඒ ඔහු රංගනයෙන් දායක වුණ මියුසික් වීඩියෝ නිර්මාණ


සම්මානනීය සුදු අක්කා - සනෝජා බිබිලේ
2025 ජනවාරි මස 21 16 0

“මුඩුක්කුවක ගෑනියෙකුගෙ චරිතය රඟ පාන්න සනෝජා බිබිලෙට පුළුවන් ද..?


බොහෝ දුරට විවාහයෙන් පසුව මම කලාවෙන් සමුගනීවි - රංගි රාජපක්ෂ
2025 ජනවාරි මස 20 39 0

නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු


අක්කා ගෙනාව බත් එකේ රස සුවඳ අදත් මට දැනෙනවා - ගීතා කාන්ති ජයකොඩි සහ රත්නා ලාලනී ජයකොඩි
2025 ජනවාරි මස 20 51 0

රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.


‘‘ජුරාලියා වූ අංජලි ’’- අංජලි ජයසිංහ
2025 ජනවාරි මස 20 27 0

ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 465 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 624 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 345 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site