ගැමි රස කතා
මාතර නගරයෙහි ඉතිහාසය ලන්දේසි පාලනයට නතු වූයේ ක්‍රි.ව. 1780 දී බවට එහි ඇති ඔවුන් විසින් ගොඩනැගූ කොටු පවුරෙහි සඳහන් වෙයි. එවකට එහි වාසය කළ ලන්දේසි සෙබළුන් හට මෙන්ම අනෙකුත් නිලධාරීන් හට වෛද්‍ය පහසුකම් ලබාදී මෙහිදී එකී වෛද්‍යවරුන් නවාතැන් ගත් නේවාසිකාගාරය අද මාතර තානායම බවට පත්ව ඇති බව එහි ඉතිහාසය ෙපන්වා දෙයි. දෙවනුව එහි සිටි වෛද්‍යවරු ඉවත්වීමත් සමගම එදා සිට අද දක්වාම මෙම තානායම පවත්වාගෙන යන අතර වසර හයකට ආසන්න කාලයක් වසා දමා තිබුණි. ඒ 2004 වර්ෂයෙදී සිදුවූ අවාසනාවන්ත සුනාමි සිද්ධිය හේතුවෙනි.
නාගරික සංවර්ධන අධිකාරිය සහ මාතර මහ නගර සභාව අතර ඇතිවූ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම වටිනා දැකුම්කලු ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම දිනෙන් දින කල් ගතවූ අතර දෙවනුව කෙසේ හෝ 2010 වසරේදී අභිනව පාලනයක් යටතෙහි මෙම තානායම විවෘත වූයේ දහසක්
කම්කෙටාලු මැදය. මෙය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව අභිනව තානායම් පාලකතුමා අමුතු අදහස් ඇති අලුත් දේ කිරීමට පෙළඹෙන පුද්ගලයෙකු බව පැහැදිලි වන්නේ එහි භෝජනාගාරයෙහි සවිකර ඇති සුළං පන්කාව නෙත් ගැටුණු විටය.
ලන්දේසි යුගයෙහි ‘මැක්ඩොවල්’ නම් පාලකවරයාගේ ආකෘතියක් අනුව නිපදවන ලද මෙම සුළං පංකාව ඇත්ත වශයෙන්ම විශ්වකර්ම ක්‍රියාවකි. එදවස විදුලි බලය නොමැති අවධියක කෙනෙකු විසින් අතින් ඇදීමෙන් මෙය ක්‍රියාවට නංවන ලදී. මැක්ඩොවල් නම් ජෙනරල්වරයා මෙම පවන්පත නැතිනම් සුළං පංකාව එම ගොඩනැගිල්ලේ වහල මත විශාල ලීයක සවිකළ මෙය ලී පුවරුවකට සවිකල කඹයක් ඇදීමෙන් ක්‍රියාත්මක වෙයි.
එදවස කෙනෙකු විසින් අතින් අැදීමෙන් සිහිල් සුළං ලබාදී තිබූ මෙය නව තාක්ෂණය යටතෙහි නිපදවා ඇති අතර එය අද දෙස් විදෙස් රට වැසියන් මෙන්ම පුරවැසියන් මවිත කිරීමට සමත් වී ඇත.
මෙම පංකා ලන්දේසි යුගයේ ඉදිවූ පල්ලිවල ඉතාමත් ජනප්‍රිය විය. ශාන්ත ෆ්රැන්සිස් පල්ලියද වුල්ෆන්ඩෝල් පල්ලියද ඒ අතර විය. කොළඹ ඉදිවූ විශේෂිත ගොඩනැගිලිවලද මෙම පංකා සවිකිරීම හේතුව නිසා රස්නය අඩුකිරීමට බොහෝදුරට උපකාරී වී ඇත. අපගේ රටෙහි 40 දශකයෙහි අගභාගයේදී සාමාන්‍ය නගරවල විදුලි බලය නොමැති බව තතු දත් අය හොඳාකාරවම දනිති.
එම නගරයන්හි තිබූ විශේෂයෙන්ම අධිකරණ ශාලාවන්හි විනිසුරුතුමාණන්ගේ ආසනයට ඉහළින් මෙවැනි සුළං පංකා සවිකර තිබූ අතර එක් පුද්ගලයෙකුගේ රාජකාරි කටයුත්ත වූයේ එයට සම්බන්ධකර ඇති රැහැන් ඇදීමෙන් සුළං ලබාදීමයි.
මෙය අද දකින්නට නොලැබෙන අතර බදුල්ල පෙදෙසෙහි එවැනි ස්ථානයක එවැනි පංකාවක් ඇතැයි කියාද ආරංචියකි. කෙසේ නමුත් මාතර තානායමෙහි එවැනි ඓතිහාසික භාණ්ඩයකට නැවත පණ ලබාදීම අපි අගය කළ යුතුය.
ලන්දේසි පාලකයකු විසින් හඳුන්වා දුන් මෙම සුළං පංකාව අදත් ඉපැරණි ලන්දේසි ගොඩනැගිල්ලක නව තාක්ෂණය යටතෙහි හෝ දැක බලා ගැනීමට ලැබීම රටවැසියනට වාසනාවකි. මෙවැනි ඉතිහාසයට පණ දුන් එසේම මග පෑදූ මාතර තානායම් පාලකතුමාද අගය කළ යුතුය.
එඩ්මන්ඩ් සමරජීව
රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි කියනවට වඩා - තවමත් ඇයව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනන්නේ “පබා” විදිහට. එදා අහිංසක පබා වූ ඇය - මේ දිනවල පුංචි තිරයේ “මාස්ටර් සර
මියෝනා යන්නෙහි තේරුම ප්‍රාර්ථනාවක් කියලා තමයි ඇය කියන්නෙ. මේ ලස්සන මියෝනාගෙ ගම සුන්ඳර මහනුවර. ඇයගේ පවුලේ රුව ලස්සන මියෝනා කවුද කියලා කවුරුහරි ඇයගෙන්
කලාවෙන් සුපෝෂිත රටක, ගීතය යනු - ශ්‍රාවකයන් ගේ මෙන්ම ප්‍රේක්ෂකයන් ගේ නොමඳ ගෞරවයට ආදරයට පාත්‍ර වූ කලා අංගයකි. එම කලාව අස්වැද්දීමට සම්මාදම් වෙන සාමාජික
බාලාංශයේ සිට සංගීතය වෙනුවෙන් කැපවී , යම් දිනෙක ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ජනප්‍රිය ගායිකාවක වීමේ සුන්දර සිහිනයක නිමග්නව සිටිමින්, මේ වෙන විටත් ඒ ගමන් ම
කැළුම් රන්දිම ඔහුගේ නම වෙයි. ඒත් එදා පාසලේ සිටි යාළු මිත්‍රයින්-හිත මිතුරන් -ඥාතීන් සහ පවුලේ උදවිය හැර බොහෝ දෙනා ඔහුව හඳුනන්නේ ‘ගැමියා’ යන නාමයෙනි. මේ ‘
මේ අක්කයි - මල්ලියි වෙසෙන්නේ ලංකාවේ නෙවෙයි, ලෝකයේ ධනවත්ව රටවල් අතරින් මුල් පෙළේ රාජ්‍යයක් වන ජර්මනියේ තමයි මේ දෙන්නා වෙසෙන්නෙ. ජර්මනියෙ ‘බොන්’ නුවර වා
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
අතීතයට ගිය මාතර තානායම