IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


අගවිනිසුරුට මරු කැඳවූ නුවරඑළියේ පොලීසිය

අගවිනිසුරුට මරු කැඳවූ නුවරඑළියේ ඉපැරැණි රජයේ තානායම (පැරණි නුවරඑළියේ පොලිස් ගොඩනැගිල්ල)

ගොඩනැගිල්ල ඉපැරැණි බව කියන සලකුණ

 

 

ඉංග්‍රීසීන් ගොඩනැඟූ නුවරඑළිය නගරය එද‌ා සිට මේ දක්වා සංචරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ පුංචි නගරයකි. ගොවීන්ගේ නගරයක් ලෙස කලක් නම් කළ නුවරඑළිය නගරය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ මනස පිනවන තැනක් වී ඇත. අද වෙනවිට සතිඅන්ත නිවාඩු දිනයක් උද‌ාවෙත්ම දේශීය සංචාරකයින්ට නවාතැන් පහසුකම් ලබාදෙමින් තම ආර්ථිකය ශක්තිමත් කරගන්නා වූ පිරිස බොහෝය.  


නගරයේ පවතින ප්‍රධානපෙළේ සංචාරක හෝටල්, නිවාඩු නිකේතන හා නවාතැන් පොළවල් බොහෝය. තම පදිංචි නිවසේ කාමරයක් කුලියට දී ගනුදෙනුවක් සොයා ගන්නා අයද ඒ අතරට එක් වේ. උපරිම පහසුකම් මෙන්ම අවම පහසුකම්ද මේ ක්ෂේත්‍රයේ වේ. වසර කීපයකට පෙරදී තරුණ යුවලක් අවම පහසුකම් සහිත වූ කාමරයක ලැගුම් ගෙන ගල් අඟුරු තිබූ උඳුනක් කාමරය තුළ තබාගෙන සීතල රැය පහන් කරන්නට දැරු උත්සාහය මරණයෙන් කෙළවර වූ බව අපට මතකය. එවැනි පහසුකම් රහිත වූ නිවාඩු නිකේතන ඉංග්‍රීසීන් ගොඩ නැංවූ පුංචි එංගලන්තයේ එද‌ා තිබුණු බවට තොරතුරු කියන තැනකි නුවරඑළිය පැරණි පොලිස් ස්ථාන ගොඩනැගිල්ල.  
ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන්පොළ තුල අපට හමුවෙන සුවිශේෂ සොහොන් ගල් කීපයකි. 1838 මැයි 19 දින මියගිය ‘ශ්‍රීමත් විලියම් රෝගින්’ අවුරුදු 64ක් වයසැති සොහොන එම සොහොන් ගලේ ‘අගවිනිසුරු’ ලෙස සටහන් වී තිබීමද වැදගත් වේ. නුවරඑළිය නගරය ගැන අධ්‍යයනය කිරීමේදී අවුරුදු 185 කාලයක් ගෙවුණ ද නගරය නිර්මාණය වූ මුල් කාලය තුළදී සෞඛ්‍ය පහසුකම් ඉතා අවම මට්ටමක තිබුණු බව වාර්තා වේ.  


1970 දශකයේ මුල් කාලයේදී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන් විසින් ලියූ එද‌ා සහ අද යන වාර්තාවකට අනුව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය පැරණි පොලිස් ස්ථානයට අයත් ගොඩනැගිල්ල එද‌ා 1830 දශකයේ සිට රජයේ තානායමක් ලෙස පවත්වාගෙන පැමිණ ඇත.  


එම තානායමේ ලැගුම් ගෙන ආහාරපාන ගත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයෙකු හා තවත් සිව් දෙනෙකු හදිසියේ මියගොස් ඇති බව කියැවේ. මෙම හදිසි මරණයන් පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික පාලකයින් විසින් (කොමිසමක්) පත්කර පරීක්ෂණයක් සිදුකර ඇත. එහිදී තානායමේ තිබුණු අවම පහසුකම් හේතු කොටගෙන අගවිනිසුරුවරයා ඇතුළු සිව්දෙනා ‘‘කොළරාව’’ වැළදී මියගොස් ඇති බව තහවුරු කරගත් බව කියැවේ.   

 

මියගිය අගවිනිසුරුගේ සොහොන

 

ඉපැරැණි ගොඩනැගිල්ල තුළ 1907දී ඉදිකළ සලකුණ

 


1877දී ලබාදුන් එම කොමිෂන් වාර්තාව අනුව නිර්දේශ 5ක් ඉදිරිපත් කර ඇත. වළ වැසිකිළි වෙනුවට බාල්දි වැසිකිළි භාවිතය, තලගල ඔයේ දිය නෑම වැළැක්වීම ඒ අතර ප්‍රධාන වේ. ඒ සමඟම නුවරඑළිය නගරය සඳහා ප්‍රථමවරට 1886 නගර පාලක මණ්ඩලයක් පත්කිරීමද ඒ නිර්දේශ අතර වේ. කෙසේ වුවත් ඉංග්‍රීසින් පැරණි සොහොන්පොළේ ඇති අගවිනිසුරු සොහොනක් නුවරඑළිය පැරණි පොලිසියේ පවත්වාගෙන ගිය රජයේ තානායමේදී මියගිය අගවිනිසුරුවරයා එක් අයෙකුද යන්න පැහදිලි නැත. ඊට හේතුව අගවිනිසුරු මියයෑම කොමිෂන් වාර්තාව ප්‍රකාශ වීම අතර වසර 29ක් වෙන නිසාය.  


කෙසේ වුවත් අගවිනිසුරුවරයෙකු ඇතුළු සිව්දෙනෙකු මියයෑම නිසා කොමිසම ක්‍රියාත්මක වී නුවරඑළිය නගරය විධිමත් ලෙස සකස් කිරීමට ඉංග්‍රීසීහු පියවර ගෙන ඇත. ඒ අනුව 1886 නගරය සෑදීම සඳහා ඉඩම් වෙන්කිරීම 1896දී ප්‍රථම පළාත් පාලන ආඥාවක් නිකුත් කිරීම ඒ අතර වේ. ක්‍රමානුකූලව නගරයට අවැසි දේ එතැන් සිට සම්පාදනය වෙමින් ඇති බව නුවරඑළිය ගැන විමසීමේදී පෙනෙන්නට තිබේ. ඒ හේතුව නිසාම 1921 වසරේ නුවරඑළිය සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත වී 1931 දක්වා එම මණ්ඩලය නුවරඑළිය තුළ ක්‍රියාත්මක වී ඇත. 1932 වසරේදී සුළු නගර සභාවක් බවට පත් වූ නුවරඑළිය සංවර්ධන මණ්ඩලය 1949 වසරේදී මහානගර සභාවක් බවට පරිවර්තනය වී ඇත. එද‌ා අවුරුදු 174කට පෙරදී අගවිනිසුරුවරයකු ඇතුළු සිව්දෙනෙකු කොළරාව වැල ඳී මියගිය නගරය අද ශ්‍රී ලංකාවේ සොඳුරුතම පාරිසරික පාරාදීසය බවට පත්ව ඇත. එයට ඉවහල් වූ නුවරඑළිය පැරණි පොලිස් ගොඩනැගිල්ල අද ද නව පොලිස් ස්ථානය 2000 පෙබරවාරි 16 දින විවෘතවීමෙන් පසු නුවරඑළිය මූලස්ථාන පොලිසිය අසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත සංරක්ෂණය කෙරේ.  
මෙම ගොඩනැගිල්ල නුවරඑළියේ සලකුණක්ද වේ.  

 


ඡායාරූප හා සටහන 
නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි



අදහස් (0)

අගවිනිසුරුට මරු කැඳවූ නුවරඑළියේ පොලීසිය

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 55 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 72 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 90 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 51 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 129 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 102 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 289 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 572 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 316 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site