IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සඳු ග්‍රහයා කේන්ද්‍රයකට බලපාන අයුරු

 

ග්‍රහයෙකු යම් භාවයක සිටින විට ඇති වන ඵල විපාක විවිධ වේ. යම් ග්‍රහයෙකුට අයිති හෝ එම ග්‍රහයාට උච්ච වන රාශියක් වූ විට එම ග්‍රහයා බලවත් වන බැවින් එකී භව ඵල උසස් වේ. එසේම එම ග්‍රහයා නිසා විවිධ රාජයෝග ද උදා වනු ඇත.  
 
යම් කේන්ද්‍රයක මුදුනේ පිහිටි සතරැස් කොටුව එක හැටියට ගෙන වමට ගැනෙන කල දෙක තුන ආදී භාවයන් ගණන් ගැනේ. සඳු පළවෙනි රාශියේ වූ විට මනා සිරුරක් ඇති ලස්සන ඇස් දෙකකින් යුතු අයකු මෙන්ම සැප සම්පත් හිමි අයෙක් වේ. දෙවන භාවයේ නම් කෙනකුට දෙන්නට කැමැති හොඳ හැසිරීමක් ඇති අයෙක් වේ.   


තුන්වැන්නේ නම් සහෝදරාදීන්ට හොඳය. යුක්ති ගරුක සැමියෙක් හෝ බිරිඳක්වේ.   


සිව්වැන්නේ නම් ගේ දොර ඉඩකඩම් යාන වාහන අයිති අයකු වන අතර මවට හිතවත් අයෙකි. පස්වැන්නේ වූ විට හොඳ අධ්‍යාපනයක් හිමිය. දරුවෝ උගත් අයවෙති. දුවරුන් වැඩිය. ඒ අය රූමත් වේ.   


සය වැන්නේ නම් කරදර නැත. හිටියත් අනතුරක් නොවේ. රෝග පීඩා අඩුය හත් වැන්නේ නම් රූමත් සහකරුවකු හෝ සහකාරියක් ලබයි. විවාහ දිවිය සාර්ථක වේ. අටවැන්නේ වූ විට හදිසි අනතුරු ඇති වේ. ජල විපත් පැමිණේ. නව වැන්නේ නම් පිනට දහමට ලැදිය. පෙර පින ප්‍රකාශ වේ. දහ වන රාශියේ නම් හොඳ රැකියාවක් හිමිය. ව්‍යාපාරවලට හොඳය. පොහොසත් අයෙක් වේ.   


​හොඳට කතාකළ හැකි ප්‍රසිද්ධ අයෙක් වේ. එකොළොස්වන රාශිය සඳුට හොඳය. උසස් දනවතකු වේ. දොළොස් වන භාවයේ නම් එතරම් හොඳ නැත. පිටරටවල යනු ඇත. මවගෙන් හා නැදි මයිලන්ගෙන් වෙන්වනු ඇත.   

 

 


පාරම්පරික ​ජ්‍යෙතිර්වේදී විශ්‍රාමලත් විදුහල්පති 
ඇම්.ඩී.ඊ. සුමනරත්න   
හොරවල, වැලිපැන්න.   



අදහස් (0)

සඳු ග්‍රහයා කේන්ද්‍රයකට බලපාන අයුරු

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10953 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6218 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5952 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5294 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3252 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1724 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1783 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site