IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සිකුරු උච්ච වෙයි ලග්න රැසකට සුබයි

ග්‍රහලොව සිටින දීප්තිමත්ම ග්‍රහයා වන සිකුරු 2018 මාර්තු 02 වන දින මෙතෙක් ගමන් කළ කුම්භ රාශියෙන් ගුරුට හිමි මීන රාශියට පැමිණෙයි. 2018 මාර්තු 26 වන දින දක්වා සිකුරු ග්‍රහයා මීන රාශියේ සිය අණසක පතුරුවමින් සිටී. සිකුරු තරුව, ඉරබටු තරුව, ශුක්‍ර, කිවි හා වීනස් දෙව්දුව නමින්ද හඳුන්වයි. ජ්‍යොතිෂයේදී සිකුරු ග්‍රහයා ඉතාමත් වැදගත් ග්‍රහයෙකි. ග්‍රහ මණ්ඩලයේ ස්ත්‍රී ස්වභාවයකින් සිකුරු ග්‍රහයා හඳුන්වනු අතර කුමරිය වන්නේ සිකුරුය. සිකුරු සැපතට අධිපතියාය. විවාහය සඳහා සිකුරු බලපායි. තරුණ තරුණියන්ට සිකුරු ලබන විට වාසනාව උදා වේ. 

වෘෂභ හා තුලා ලග්නවලට සිකුරු අධිපති වේ. බෙරණ, පුවපල්, සුවසල යන නැකැත් සිකුරුගෙන් පාලනය වේ. සිකුරු දශාව පුරා වසර 20 කි. මීන රාශියේ සිකුරු උච්ච බලය ලබයි. වෘෂභ හා තුලා රාශි සිකුරුට ස්වක්ෂේත්‍ර රාශි වන අතර කන්‍යා රාශියේ නීච නම් දුර්වල තත්ත්වයට පත්වේ. යම් ජන්ම පත්‍රයක සිකුරු 4 වෙනි භාවයේ තැන්පත් වීම ඇත්නම් එය දිග්බලය යැයි කියනු ලැබේ. එවිට සිකුරු බලවත් වී සුබපල දෙනු ලැබේ. සිකුරාදා දිනය, සිකුරු හෝරාව, මිශ්‍ර පාට, අංක 6 සිකුරුට හිමි වේ. සිකුරුට සුබ මැණික දියමන්තියයි. 


2018 මාර්තු 2 වන දින සිට 2018 මාර්තු 26 වන දින දක්වා සිකුරු ග්‍රහයා මීන රාශියේ උච්චවෙමින් ගත කරන කාලයේ මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්නවලින් මෙලොව එළිය දකින දරුවන්ට ‘මාලවි’ නම් පංච මහා පුරුෂ යෝගය උදා වේ. ‘මාලවි’ යෝගයෙන් උපන් අය පියකරු සිරුරකට හිමිකම් ඇති වේ. රූපශ්‍රීයෙන් යුක්ත වේ. ප්‍රියමනාප බව, සිත්ගන්නා රුව මෙන්ම අනුන් කෙරෙහි දක්වන කාරුණිකභාවය නිසා මෙම යෝගය ඇති අය ජනප්‍රිය පුද්ගලයෙක් වේ. හැම දෙනා අතරම ප්‍රසිද්ධවීමටද, බොහෝ දෙනා ඇසුරු කිරීමට ද අවස්ථාව උදාවේ. 


 මෙම ‘මාලවි’ යෝගය හිමි පුද්ගලයන් පිරිසිදුව ඇඳුම් පැළඳුම් සහ ආභරණ පැළඳීමට කැමැතිය. නිතර සිනාමුසු මුහුණින් සිටී. යාන වාහන, ගේදොර, භූමි ලාභ හිමි වීමේ භාග්‍ය උදා කරන ඉතා වාසනාවන්ත පිහිටීමකි. සංගීතයට ද, කලාවට ද දක්ෂතා පෙන්වයි. එම නිසා කලාකාමියෙක් බිහි​ වෙයි. තවද මෙම කාලසීමාව තුළ මීන රාශියේ බුධ ග්‍රහයා ද නීච වෙමින් උච්ච සිකුරු සමඟ රාශිගතවීමෙන් ‘නීච භංග රාජ යෝගයක්’ මෙම අලුත උපන් දරුවන්ට උදා වේ. මෙහිදී පුද්ගලයාගේ සියලු අසුබපල වළකා සුබපල උදාකර දෙන්නේය. 


 මෙම කාල සීමාවේ සිකුරුගෙන් නියෝජනය වන සංගීතඥයින්ට, විවිධ කලා ශිල්පීන්ට, ගායක ගායිකාවන්ට, නළු නිළියන්ට හා රූපලාවාන්‍ය ශිල්පයේ නියැළෙන්නන්ට සුබපල උදා කරයි. යම් පුද්ගලයෙකුගේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ සිත්තම පරික්ෂා කිරීමේදී සිකුරු බලවත් නම් ලෞකික සුවය, යාන වාහන, මිල මුදල් රූපශ්‍රීය උදාකරයි. ඊට හේතු වන්​ෙන් පෙ​ර ආත්මවල පිරිසිදු චරිතය, ඊර්ෂ්‍යාවෙන් තොරවීම, උතුමන්ට කරන ලද පුද සත්කාර ආදී පින්කම් නිසාය. ගුණවත් අයට අපහාස කිරීම, ඊර්ෂ්‍යාව, අනුන්ගේ සැප නොඉවසීම ආදිය නිසා සිකුරුගේ අපලය ඇති කිරීමට හේතු වේ. 


 සිකුරු ග්‍රහයා පාප ග්‍රහයකු සමග සංයෝග වී​ෙමන් හෝ නීච වීමෙන් හෝ 6, 8, 12 යන දුෂ්ඨ ස්ථානවල ස්ථානගතවීමෙන් දුර්වල වේ. එවිට සිකුරුගේ දුර්වල ග්‍රහබලය නිසා සිකුරු අපලය ඇති වේ. එවිට සිකුරුගේ දශාවක් ලබන විට දුර්වල විපාක පෙන්වයි. 


ශිෂ්‍යයකු නම් අධ්‍යාපනයට බාධා පැමිණෙයි. තරුණ වියේ නම් විවාහය කඩාකප්පල් වේ. ව්‍යාපාර බිඳවැටේ. මුත්‍රාශයේ ගල්, ගර්භාෂයේ රෝග, සෙම් ගෙඩි, මධුමේහය ආදී රෝග හටගනී. ග්‍රහ ශාන්තිකර්ම මගින් සිකුරුගේ අපලය බොහෝ දුරට මඟ හරවා ගත හැකිය. මේ අනුව සිකුරාදා දිනවල, සිකුරු හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා තබා පත්තිනි මෑණියන්ට පින් දී සෙත් පතා ගන්න. මංගල සූත්‍රය භාවිතය සුදුසුය. තවද සිකුරු අපලය ඇති අය ඇඹුල් රස ආහාර ගැනීම යහපත් නොවේ. කාමයේ වරදවා හැසිරීම නොකළ යුතුය. 


සිකුරු උච්චවීම ලංකාව හිමි කුම්භ ලග්න කේන්ද්‍රයේ ධනස්ථානයේ සිදුවන බැවින් රාජ්‍ය ආදායම වර්ධනය වේ. බැංකු තැන්පතු ඉහළ යයි. මල් නිෂ්පාදකයන්ට, ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට සුබපල උදාකරයි. සුඛෝපභෝගී මෝටර් රථවල මිල ගණන් පහළ යෑමට පිළිවන. චිත්‍රපට, රූපවාහිනී හා ගුවන් විදුලි කර්මාන්තවලට සුබයි. ඇඹුල් පලතුරුවල මිල පහළ බසී. එම පලතුරු බහුල වේ. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග යෙදේ. මංගල උත්සව බහුල වේ. කාන්තා පක්ෂයේ දියුණුවට වැඩපිළිවෙළක් ආරම්භ වේ.  


සිකුරු මීන රාශි ගතවීම උපන් ලග්නවලට බලපාන අයුරු. 


මේෂ:- 

මේෂ ලග්න හිමියන්​ෙග් කේන්ද්‍රයේ දොළොස්වැන්නේ සිකුරු බලවත් වීම මිශ්‍රඵලදායක වේ. විවාහ මංගල යෝජනා කල් දැමීම යෝග්‍ය වේ. විදේශ ගමන් සාර්ථක වේ. විවාහ සහකරුට තරමක් යහපත් නොවේ. හවුල් ව්‍යාපාර කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. සමාජ සේවා කටයුතුවලදී කාලය, ධනය හා ශ්‍රමය වැය වේ. බාධක මැදින් තම ඉලක්ක ජයගත හැකි වේ. 


වෘෂභ:- 

වෘෂභ ලග්න හිමියන්​ෙග් කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට සිකුරු පැමිණීම ඉතා යහපත් වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. රැකියා කටයුතුවල තත්ත්වය උසස් වේ. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකි වේ. ස්ත්‍රී පක්ෂයෙන් වැඩි සහයෝගයක් ලැබේ. අසල්වාසින් සමඟ සුහදත්වය වර්ධනය වේ. බලාපොරොත්තුවෙන් සිටි ණය මුදලක් ලබා ගැනීමට හැකි වේ. 


 මිථුන:- 

මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දස වැන්නට සිකුරු පැමිණ බලවත් වීම ඉතා සුබපල උදා කරන බව පෙනේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වන බව පෙනේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වන බව පෙනේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාභ ලැබිය හැකි වේ. පෙම්වතුන්ට සුබදායක වන අතර මංගල යෝජනා ස්ථීර වේ. රැකිරක්ෂා කටයුතුවල උසස්වීම් හා බලාපොරොත්තු සාර්ථක වේ. විදේශ රැකියා සාර්ථක වේ. 


 කටක:- 

කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නව වැන්නට සිකුරු පැමිණ බලවත් වීම පෙර පින භාග්‍යය දෙවි පිහිට උදා වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. උසස් ගුරුවරුන්ගේ හා පූජ්‍ය පක්ෂයේ උතුමන්ගේ ඇසුර ලැබේ. දුර වන්දනා ගමනකට සිත යොමුවන අතර විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ සිහින සැබෑ වේ. ගෘහ නිර්මාණ කටයුතුවලට යහපත් කාලයක් වේ. දරුවන්ගේ දියුණුවට කෙරෙන කටයුතු සාර්ථක වේ. 


සිංහ:- 

සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අට වැන්නට සිකුරු පැමිණීම මිශ්‍ර පලදායක වේ. රැකී රක්ෂා කටයුතුවලදී වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවේ. අන් සතු ධනයක් ලැබෙන්නට පුළුවන්. තවද විවාහ සහකරු නිසා ද ධනයක් ලැබෙන්නට ද පුළුවන. තම පියාට හා බාල සහෝදරයෙකුට තරමක් යහපත් නොවේ. මංගල කටයුතුවලටද බාධා ඇති වීමට ඉඩ ඇත. ආගම දහමට සිත යොමු වේ. 


කන්‍යා:- 

කන්‍යා ලග්න හිමියන්​ෙග් කේන්ද්‍රයේ හත් වැන්නට සිකුරු පැමිණ බලවත්වීම ඉතාම සුබදායක වේ. හවුල් ව්‍යාපාරවලින් ලාබ ලැබෙනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදා වේ. මංගල උත්සවවලට හා ප්‍රීති උත්සවවලට සහභාගිවීමට අවස්ථාව උදා වේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට යහපත් වේ. තැන්පත් ධනය වර්ධනය කර ගත හැකි වේ. විදේශ රැකියා ලාබ හිමි වේ. විවාහ සහකරුට සුබදායක වේ. 


තුලා:- 

 තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හය වැන්නට සිකුරුගේ පැමිණීම මිශ්‍ර පලදායකයි. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබාගැනීමට පහසුකම් සැලසේ. සතුරු කරදරවලින් ජයගත හැකිවේ. නිරෝගි සුවය ලැබේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සුබදායක වේ. අසල්වාසින් සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. උසස් කාන්තාවක් අමනාපවීමට ඉඩ ඇත. 


වෘශ්චික:- 

වෘශ්චික ලග්න හිමියන්​ෙග් කේන්ද්‍රයේ පස් වැන්නට සිකුරුගේ පැමිණීම සුබදායක වේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සෞන්දර්ය අධ්‍යාපන අංශවල ඉගෙනීම ලබන අයට යහපත් වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. මංගල යෝජනා හා පෙම් සබඳතා ස්ථීරවීමට කරුණු යෙදේ. දරුවන් අපේක්ෂාවෙන් සිටි අයට දරු ලාභ ලැබේ. 


 ධනු:- 

ධනු ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතර වැන්නට සිකුරු පැමිණ දිග් බලය ලබයි. සුබදායක වේ. ගෘහ ජීවිතය සතුටින් ගත කළ හැකි වේ. මවුපියන්ට යහපත් වේ. නිවසේ ප්‍රීති උත්සවයක් පැවැත්වීමට සිදුවේ. ගොවිතැන් කටයුතුවලින් හා ස්වයං රැකියා කටයුතුවලින් ලාභ ලැබෙනු ඇත. ආදායම් ඉහළ යයි. වාහන ගනුදෙනුවලට යහපත් වේ. නිවාස ඉදිකිරීම් කටයුතුවලට සුබ වේ. 


 මකර:- 

 මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන් වැන්නට සිකුරුගේ පැමිණීම නිසා සහෝදරයින්ට සුබ වේ. අසල්වාසින් අතර සුහදතාව වර්ධනය වේ. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කලා කටයුතුවලට යහපත් වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. හවුල් ව්‍යාපාරවලින්ද ලාබ ලැබෙනු ඇත. තවද විවාහ සහකරුටද සුබ වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. 


 කුම්භ:- 

කුම්භ ලග්න හිමියන්​ෙග් කේන්ද්‍රයේ දෙවැන්නට සිකුරුගේ පැමිණීම ඉතා සුබයි. තැන්පත් ධනය වර්ධනය කරගැනීමට හැකිවේ. රැකියා හා ව්‍යාපාරවලට යහපත් වේ. ගෘහස්ථ ව්‍යාපාර කරන අයට සුබදායක වේ. විදේශ ගමන් බලාපොරොත්තු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතු ද සාර්ථක වේ. ගෘහ නිර්මාණ කටයුතුවලට සුබදායක වේ. මවුපියන්ට යහපත් වේ. ගෘහ ජීවිතය සුබ පලදායක වේ. ආගම දහමට සිත යොමු වේ. 


 මීන:- 

 මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නයට සිකුරුගේ පැමිණීම මිශ්‍ර පලදායක වේ. සහෝදරයින්ට සුබපලදායකයි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු ද සාර්ථක වේ. පෙම්වතුන්ට සුබ පළදායකයි. තවද උසස් අධ්‍යාපනයේ යෙදෙන කලා විෂයයන් හදාරන සිසුන්ට යහපත් වේ. කෙසේ වෙතත් සිත් තැවුල් ඇති වීමට හෝ හිසේ රෝග ඇතිවීමට හැකියි. 


මේ අනුව සිකුරු මාරුව සමහර ලග්නවලට සුබ පල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් උදා කරන බව පෙනේ. සිකුරු ග්‍රහයාට අයත් ඉහත සඳහන් කරන ලද ශාන්ති කර්ම කිරීම මගින් අපල සමනය කරගත හැක. 

 

 

 


ජ්‍යොතිර්වේදිනී, 
අජන්තා නිශාන්ති ඒකනායක,
අංක 121, මාංගොඩ, මැද මහනුවර, 
දුක.අ. 0774275328



අදහස් (0)

සිකුරු උච්ච වෙයි ලග්න රැසකට සුබයි

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site