IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මිහිමතින් ගිය ජීවියෙක් හඳේ ජීවය පටන් අරන්

 

 

 වතුර නොමැතිව මනුෂ්‍ය අපට දිවි රැක ගත හැක්කේ පැය 100 ක් දක්වා පමණි. එහෙත්, වතුර නොමැතිව දශක ගණනක් දිවි රැකගෙන සිටිය හැකි ජීවියකු සිටිනවා යැයි කීවොත් ඔබ පුදුම වෙනවා නොවේද? මේ ජීවියාගේ ප්‍රමාණය මිලිමීටරයකි. පෘථිවියේ ඉතාමත් අධික උණුසුමක් යටතේ පමණක් නොව, ඉතාමත් අධික සීතල කාලගුණයක් යටතේ දිවි රැක ගනිමින් ජීවත් වෙන්න මේ විස්මිත ජීවියාට හැකියාව ඇත. එපමණක් නොවෙයි, අධික විකිරණශීලීත්වයක් මැද වුවත් මේ ජීවියාට හානියක් සිදුවන්නේ නැත. මේ ජීවියා නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘ටාර්ඩිග්‍රෙට්’ යනුවෙනි. ඒ අනුව, සත්ව විද්‍යාඥයන්ට අනුව, පෘථිවියේ ජීවීන් අතරින් ඕනෑම දේකට ඔරොත්තු දිය හැකි, පෘථිවියේ ජීවීන් අතර සිටින ශක්තිවන්තයා වන්නේ ‘ටාර්ඩිග්‍රෙට්’ය. මිලිමීටරයක ප්‍රමාණය නිසා මේ ජීවියා දැක ගැනීමට නම් අන්වීක්ෂයක් අවශ්‍යය. පෙනුමෙන් හුරුබුහුටි, මහත වළසකු වැනිය. ඒ නිසාම, ඉංග්‍රීසි බසින් ‘වෝටර් බෙයාර්’ (දිය වලහා) යනුවෙන් ද ‘ටාර්ඩිග්‍රෙට්’ හැඳින් වෙයි.   


පෘථිවි ජීව විශේෂ අතරින් බහුතරයකට ජීවත් වීමට වතුර එසේත් නැතිනම් ජලය අවශ්‍ය වෙයි. ජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලියට (සෛල අතරේ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය) ජලය අවශ්‍ය වෙයි. ඒත් ‘දිය වලහා’ ට මෙය අදාළ වන්නේ නැත. මේ සත්වයාගේ සිරුරේ ක්‍රියාවලිය සිදුවන්නේ වෙනස් ආකාරයකටය. එය ‘ඇන්හයිඩ්‍රෝ බයෝසිස්’ යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙයි. ඇන්හයිඩ්‍රෝ බයෝසිස් ග්‍රීක වදනකි. එහි අර්ථය ‘ජලය නොමැතිව පවතින ජීවිතය’ යන්නය. ‘ටාර්ඩිග්‍රෙට්’ යනු මෙවැනි හැකියාවක් ඇති හුදෙකලා වූ ජීව විශේෂයක් නොවේ. බැක්ටීරියා සහ ඒක සෛල ආකේයා ජීවීන්ට ද විවිධ ශාක සහ ඇතැම් සත්ව විශේෂවලට ද ජලය නොමැතිව වියළීමට ලක් වී දිවි රැක ගැනීමට හැකියාව ඇත.   


ටාර්ඩිග්‍රෙට් ජීවීන් ‘ඇන්හයිඩ්‍රෝ බයෝසිස්’ ක්‍රියාවලියට ලක් වෙන්නේ, හැකරැල්ලකු සිරුර හකුලා ගනිමිනි. ටාර්ඩිග්‍රෙට් පාද අට සිරුර තුළට වකුටු කර ගනිමින් බෝලයක් වෙයි. ඉන්පසු දශක ගණනාවක් හෝ ජලය ලැබෙන තුරු නිද්‍රාගත තත්ත්වයකට පත් වෙයි. ජලය නොමැති විට, ටාර්ඩිග්‍රෙට් ජීවීන් මෙසේ වකුටු වී, නිද්‍රාගත තත්ත්වයට පත් වෙද්දී, උන්ගේ සිරුරේ ඇති සුවිශේෂී අණු ටාර්ඩිග්‍රෙට්ගේ සෛලවලට අහිමි වන ජලය වෙනුවෙන් ආදේශක දියරක් නිර්මාණය කරයි. මෙම දියරය දියර බුබුළකි. ඩී.එන්.ඒ. අනු, ප්‍රෝටීන් සහ තුනී පටල ඒ තුළට ගෙන ආරක්ෂා කරයි. හැකිළී ඇති අනු දිග හැරීම, ඩී.එන්.ඒ. විනාශවීම හෝ අනු එකිනෙකට බද්ධ වීම එයින් වැළකෙයි. ජලය යළි ලැබී, විජලන තත්ත්වය මඟ හැරී යද්දී, එම  බුබුළ විනාශ වෙයි. එවිට නිද්‍රාගත තත්ත්වයෙන් ටාර්ඩිග්‍රෙට් අවදිවෙයි. විනාශ නොවුණු සෛල තිබුණු අයුරින්ම හොඳින් ක්‍රියාකාරී තත්ත්වයට යළි පත් වෙයි.   
දැඩි වියළි පාරිසරික තත්ත්වයන් පමණක් නොව, තවත් අති බිහිසුණු පාරිසරික තත්ත්වයන්ට හොඳින් ඔරොත්තු දීමට ඒ අනුව ටාර්ඩිග්‍රෙට්ට හැකිවෙයි. අයිස් තට්ටු අතරේ මිදී සිටින්න, නටන උණු වතුරේ නොනැසී සිටින්න පමණක් නොවෙයි, අධික විකිරණ මැද යහතින් ඉන්නත් ටාර්ඩිග්‍රෙට්ට හැකියාවක් ඇත. විස්මිත කරුණ නම්, අභ්‍යවකාශයේ පවා නිද්‍රාගත තත්ත්වයට පත් වී නොනැසී දිවි රැක ගන්න ටාර්ඩිග්‍රෙට්ට හැකියාව තිබීමය. ඒනිසා, ටාර්ඩිග්‍රෙට් පෘථිවියට ආ පිටසක්වළ ජීවියකු යැයි ඇතැමුන්ගේ අදහස වී තිබේ. එහෙත්, එය වැරදි යැයි විද්‍යාඥයන් තහවුරු කර තිබේ. ඒ, ටාර්ඩිග්‍රෙට්ට ජීවීන්ගේ මූලාරම්භය පෘථිවියේ සිදුවුණු බවට පැහැදිලි සාක්ෂි ඔවුන්ට හමුවී ඇති බැවිනි. පෘථිවියේ අප ඇතුළු අනෙක් ජීවීන් සේම ටාර්ඩිග්‍රෙට් ද පරිණාමයට ලක් වී ඇත.   


එම පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස ටාර්ඩිග්‍රෙට් විශේෂ 11,000 කට වැඩි ප්‍රමාණයක් අද ලොව සෑම අස්සක් මුල්ලකම ජීවත් වෙයි. සොයා නොගත් ටාර්ඩිග්‍රෙට් විශේෂ ද සිටිනවා යැයි ද අනුමාන කෙරේ. ටාර්ඩිග්‍රෙට් අපෘෂ්ඨවංශිකයෙකි. මොවුන්ගේ සමීපතම ඥාතීන් ලෙස සැලකිය හැක්කේ ආත්‍රපෝඩාවන් වන කෘමීන්, මකුළුවන් සහ ඉස්සන්, කකුළුවන් අයත් ක්රැස්ටාසෙයාවන්ය. පැහැදිලි ලෙස වෙන්වී ඇති හිසක්, එකිනෙකට සම්බන්ධ නොවුණු වෙන් වෙන්ව පිහිටි කුඩා ගාත්‍රා සහ ශක්තිමත් නිය ටාර්ඩිග්‍රෙට් සතුය. ටාර්ඩිග්‍රෙට්ට ‘දිය වලහා’ යන නම පට බැන්දේ 1773 දී ජර්මන් සත්ව විද්‍යාඥ ජොහාන් ගූස් ය. ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන බැවින් ටාර්ඩිග්‍රෙට් සත්වයෝ සෑම මහද්වීපයකම ජීවත් වෙති. ඇන්ටාක්ටිකාවේ පවා ජීවත් වෙති. කාන්තාර, අයිස් තට්ටුවල, මුහුදේ, මිරිදිය ජලයේ, වැසි වනාන්තරවල, මඩ යමහල්වල සහ ඉහළම කඳු ශිඛරවල ටාර්ඩිග්‍රෙට් ජීවීන්ගේ නිවහන වෙයි.   


ගෙවත්තේ, උද්‍යානවල පෙද පාසි අතරේ පවා ටාර්ඩිග්‍රෙට් ජීවීහු ජීවත් වෙති. ඔවුන් දැක ගැනීමට නම් ඔබට අන්වීක්ෂයක් මෙන්ම හොඳ ඉවසීමක් ද තිබිය යුතුය. විද්‍යාඥයෝ ටාර්ඩිග්‍රෙට් ගැන ලොකු උනන්දුවක් දක්වති. ඒ ටාර්ඩිග්‍රෙට් ජීවීන්ගේ නිද්‍රාගත තත්ත්වය කෙසේ සිදුවනවාදැයි තේරුම් බේරුම් කර ගනිමින්, එය මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් ඖෂධ නිපදවීම කළ හැකි බැවිනි. කාලගුණ විපර්යාස නිසා ඕනෑම පරිසර තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයේ භෝග නිපදවා ගැනීමට ටාර්ඩිග්‍රෙට් ජීවීන්ගේ ඇති සුවිශේෂී හැකියාව යොදා ගැනීමට පුළුවනි. අභ්‍යවකාශයේ දිවි රැක ගැනීමට ටාර්ඩිග්‍රෙට් යොදා ගන්නා උපක්‍රම භාවිත කළ හැකිය. ගගනගාමීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත උපක්‍රම භාවිත කළ හැකිය. අප පෘථිවිය වඩා වෙනත් විපරිත ජීවය ආරම්භ කිරීමට ටාර්ඩිග්‍රෙට් ජීවීන් යොදා ගැනීම කෙරෙහි ද විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇතැයි ද පැවැසෙයි.   

 

 


ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම අසාර්ථක වීමට පෙර, පසුගිය අප්‍රේල් මාසයේ තවත් අසාර්ථක වූ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමක් සිදුවිය. එම මෙහෙයුමට සම්බන්ධ වූයේ ඊශ්‍රායලයයි. ඊශ්‍රායලය ඔවුන්ගේ මෙම මංගල චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමට සම්බන්ධ රොබෝ ගවේෂණ යානය නම් කළේ ‘බෙරෙෂීත්’ යනුවෙනි. මෙහෙයුම සාර්ථක වූයේ නම්, ඊශ්‍රායලය සඳට යැවූ පළමු අභ්‍යවකාශ රොබෝ ගවේෂණ යානය ‘බෙරෙෂීත්’ වීමට ඉඩ තිබුණි. හීබෲ බසින්, ‘බෙරෙෂීත්’ යනු ‘ආරම්භය’ යන්නයි. ආරම්භය කෙසේ වෙතත් ආරම්භයට පෙර මෙහෙයුම අවසන් වූයේ කිලෝ ග්‍රෑම් 15ක් බරින් යුත් ගවේෂණ යානය සඳ මතය කඩා වැටීමෙනි. එය සිදුවූයේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය.   


ගවේෂණ මෙහෙයුම දියත් කළේ ඊශ්‍රායලයේ යෙහුද් හි පිහිටි ඊශ්‍රායල අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සියේ මූලිකත්වයෙනි. බෙරෙෂීත් රොබෝ යානයේ අරමුණ වූයේ සඳමත පතිත කරමින්, විවිධාකාරයේ පරීක්ෂණ කීපයක් සිදු කිරීමය. යානයේ එක් කුටියක ක්ෂුද්‍ර ජීවී ටාර්ඩිග්‍රෙට් රංචුවක් ද සිට ඇත. මේ බව අනාවරණය වූයේ මීට සති කීපයකට පෙරය.   
ඊශ්‍රායල විද්‍යාඥයන් ටාර්ඩිග්‍රෙට් ජීවීන් යැවීම කර ඇත්තේ ජලය නොමැතිව උන් නිද්‍රාගත තත්ත්වයට පත් කරමිනි. ‘බෙරෙෂීත්’ යානය සඳට කඩා වැටෙද්දී, ටාර්ඩිග්‍රෙට් රංචුව ද සඳුගේ පස් අතරට එක් වන්න ඇතැයි විද්‍යාඥයෝ පවසති. එය එක්තරා ආකාරයක ගැටලුවකි. සඳේ ජලය නොමැති අතර, ජල අංශු ඇති බව විද්‍යාඥයන් විසින් අනාවරණය කරනු ලැබ ඇත. යම් හෙයකින් ටාර්ඩිග්‍රෙට් රංචුව, උන්ගේ නිද්‍රාගත තත්ත්වයෙන් අවදි වුවහොත්, සඳ ඔවුන්ගේ නව නිවහන වනු ඇත. පෘථිවියේ දී මෙන් නොව සඳ මතුපිටදී ඔවුන් වෙනස් ආකාරයකට හැදී වැඩෙනු ඇතැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති.   

 

 


ලුසිත ජයමාන්න   
‘ද සන්’ ඇසුරිනි  



අදහස් (0)

මිහිමතින් ගිය ජීවියෙක් හඳේ ජීවය පටන් අරන්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site