IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාතාලයට ආරක්ෂාව සපයන බන්ධනාගාර

රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-6

.

රංගජීව මහතාට වෙඩි තැබූ අවස්ථාවේ පිළියන්දල නගරයේ දර්ශනයක්  

 

ලංකාවට හොරොයින් ගෙන්වන ජාවාරම්කරුවන් අතර පාතාලයේ නම් දැරූවන් සේම ඇතැම් මැති ඇමතිවරුද සිටින බවට වාර්තාවේ. ඒ අය අතරින් මේ වන විට ලංකාවට ප්‍රධාන වශයෙන් හෙරොයින් හා කේරළ ගංජා එවනු ලබන්නේ මධූෂ් හා කොස්ගොඩ සුජීය. ඔවුන්ගේ සහයට අංගොඩ ලොක්කා, කොස්ගොඩ තාරක, පොඩි ලැසී වැන්නෝ සිටිති. මේ අයගෙන් බහුතරයක් සිටින්නේ විදේශ ගතවය. ඇතැමෙක් සිටින්නේ බන්ධනාගාර ගතවය. මිනිසුන් අතර සිටිමින් ජාවාරමේ නිරත වෙන්නේ ඉතා සුළු පිරිසකි. මිනිසුන් අතරට යන්නේ ඔවුන්ගේ ගෝල බාලයින් පමණකි.   

මධූෂ් ඩුබායි සිට ලංකාවට එවන හෙරොයින් වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනි. එයින්ද වැඩි වැටලීම් ප්‍රමාණයක් සිදු වූයේ පොලිස් පරීක්ෂක රංගජීව මහතාගේ කණ්ඩායම යටතේය. ඒ නිසා රංගජීව මහතාගේ වැඩ නැවැත්විය යුතු බවට මධූෂ් දැඩි තීරණයකට ආවේ බොහෝ කලකට පෙර සිටය. එහෙත් ඊට අවස්ථාව ලැබුණේ නැත. දෙහිවල ප්‍රදේශයේ කළ එක් වැටලීමකින් අනතුරුව රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායම ගමන් ගත් රථය පසුපසින් හඹා ආ ජාවාරම්කරුවන් එම රථය අනතුරට ලක්කර අපරාධයක් කිරීමට උත්සාහ ගත්තද එම කණ්ඩායමේ සිටි නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ එම උත්සාහය ව්‍යර්ථ විය.   


බොහෝ අපරාධකරුවෝ තමන්ගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් ආරක්ෂාවීම සඳහා පොලිසියට භාර වෙති. එසේම සැඟවී සිටියදී අත්අඩංගුවට පත්වී දඬුවම් වැඩි කර ගන්නවාට වඩා භාර වී දඬුවම්වල වෙනසක් කරගන්නට හැකිවෙතැයි යන අදහසින් ද භාර වෙති. තවත් සැලසුම් ඇතිවද භාරවෙති. බන්ධනාගාරය අපරාධකරුවන්ට තමන්ගේ ආරක්ෂාවද සපයා ගනිමින් අපරාධ සැලසුම් කිරීමට තිබෙන හොඳම තැන බවට පත්ව ඇති බව පසුගිය කාලයේ වූ බොහෝ සිදුවීම් පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. එහි සිට ඔවුන් සිය නවීන ජංගම දුරකථන භාවිතා කරමින් ‘ඉමෝ’ හා වෙනත් විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් අපරාධ සැලසුම් කරති. ඇතැමුන් භාර වෙන්නේ එවැනි සැලසුමක් ඇතිවය. නවාස් භාර වූයේ නැත. එහෙත් කිසියම් තොරතුරක් අනුව කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැරෙන ඔහු ඉන් සති කීපයකට පසු පැමිණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගයන්ත මහතා හමුවී මධූෂ්ගේ හෙරොයින් තොග ලංකාවට පැමිණීම පිළිබඳ තොරතුරු ලබාදීමට ඉදිරිපත් වේ. ඔහු තොරතුරු දීමට ඉදිරිපත්වීමම සැලසුමක් බව දැන් පැහැදිලිය. ඇතැම් විට ඔහු අත්අඩංගුවට පත්වීමද සැලසුමක් වෙන්නට ඇත. එසේ සිතිය හැක්කේ මධූෂ්ට රංගජීව ඒ තරමටම හිසරදයක්ව පැවැති බැවිනි.   


පොලිස් පරීක්ෂක රංගජීව ඝාතනයට සැලසුම් කිරීමට මධූෂ්ට තවත් හේතුවක් තිබු බවට මතයක් තිබේ. එනම් 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළ වූ වෙඩි තැබීමේ හා සිරකරුවන් පිරිසක් ඝාතනයට ලක්වීමේ සිදුවීමේදී ඝාතනයට ලක්වූ එක් පාතාලයෙකු වෙනුවෙන් එම පාතාලයාගේ බිරිඳ දුන් පොරොන්දුවක් ඉටු කරනු වස් ලැබුණ කොන්ත්‍රාත්තුවක් අනුව එය සැලසුම් කළ බවය. සිය සැමියාගේ අාදාහන කටයුතු අවසන් කළ පාතාලයාගේ බිරිඳ තමන් මධූෂ් සමඟ එක්ව හෝ රංගජීවගෙන් පළිගන්නේ යැයි පැවසු බවද ඒ අනුව ඔහු මධූෂ් සමග කුළුපගව මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් බවද ඒ වෙනුවෙන් ඇය මධූෂ් සමග ඩුබායිහි එකට ජීවත් වූ බවද ඉලක්කය වැරදී ගිය පසු ඇය නැවත ලංකාවට පැමිණි බව ද ඒ මතය පළකරන්නෝ කියා සිටිති.   


එහෙත් ඒ මතය තරමක් විවාද සම්පන්නය. 2012 වසරේ වැලිකඩ සිදුවීම සිදුවෙන කාල වකවානුව වෙන විට මධූෂ් පාතාලයේ එතරම් නම් දැරූවෙක් නොවේ. ඩැනී හිත්තැටිය ඝාතනය හැර ඔහුගේ නමට ලියවුණ ප්‍රසිද්ධ ඝාතන චෝදනා කිසිවක් නොවින. එකල නම් දැරූ වෙනත් පාතාල නායකයින් සිටියදී මේ කොන්ත්‍රාත්තුව ඔහුටම ලබාදීමට මෙම කාන්තාව සිතන්නේ කුමක් නිසාද? මේ කරුණු විවාදිතය. එසේම ඒ කාලය වෙන විටත් මධූෂ් හිටියේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ බවටද තොරතුරු වාර්තා වේ. ඔහු නිදහස් වූයේ 2013 වසරේ නොවැම්බර් 21 වැනිදාය. ඉන්පසු කලක් ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමත් සමඟ එක්ව සිටි මධූෂ් හොර රහසේම විදේශ ගත විය.   

බොහෝ අපරාධකරුවෝ තමන්ගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වලින් ආරක්ෂාවීම සඳහා පොලිසියට භාර වෙති. එසේම සැඟවී සිටියදී අත්අඩංගුවට පත්වී දඬුවම් වැඩි කර ගන්නවාට වඩා භාර වී දඬුවම්වල වෙනසක් කරගන්නට හැකිවෙතැයි යන අදහසින් ද භාර වෙති. තවත් සැලසුම් ඇතිවද භාරවෙති. බන්ධනාගාරය අපරාධකරුවන්ට තමන්ගේ ආරක්ෂාවද සපයා ගනිමින් අපරාධ සැලසුම් කිරීමට තිබෙන හොඳම තැන බවට පත්ව ඇති බව පසුගිය කාලයේ වූ බොහෝ සිදුවීම් පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. එහි සිට ඔවුන් සිය නවීන ජංගම දුරකථන භාවිතා කරමින් ‘ඉමෝ’ හා වෙනත් විවිධ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් අපරාධ සැලසුම් කරති. ඇතැමුන් භාර වෙන්නේ එවැනි සැලසුමක් ඇතිවය. නවාස් භාර වූයේ නැත. එහෙත් කිසියම් තොරතුරක් අනුව කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදාහැරෙන ඔහු ඉන් සති කීපයකට පසු පැමිණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගයන්ත මහතා හමුවී මධූෂ්ගේ හෙරොයින් තොග ලංකාවට පැමිණීම පිළිබඳ තොරතුරු ලබාදීමට ඉදිරිපත් වේ. ඔහු තොරතුරු දීමට ඉදිරිපත්වීමම සැලසුමක් බව දැන් පැහැදිලිය. ඇතැම් විට ඔහු අත්අඩංගුවට පත්වීමද සැලසුමක් වෙන්නට ඇත. එසේ සිතිය හැක්කේ මධූෂ්ට රංගජීව ඒ තරමටම හිසරදයක්ව පැවැති බැවිනි. 


විදේශ ගත වූ මධූෂ් මෑතකදී ඉහත කී පාතාලයාගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර දැනටත් ඇය සිටින්නේ ඔහු සමඟ බවට ආරක්ෂක අංශ සතු තොරතුරුවලින් පැවසේ. ඇය විටින් විට ලංකාවට පැමිණ යන අතර ඇගේ දරුවාද ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කර ඇති බවද කියවේ. මෙම කාන්තාවගේ මවද වරින් වර දියණිය බැලීමට විදේශ ගත වෙන බවටද තොරතුරු ඇත. මධූෂ් සමඟ ඇයට ඇති සබඳතාව නිසා පොලිස් පරීක්ෂක රංගජීව ඝාතනය කළ යුතුමයි යන්න තීරණය කිරීමට ඇගේ පළිගැනීමේ චේතනාවද ඉවහල් වූවා වෙන්නට හැකිය. එහෙත් ඇය මුල සිටම එය මධුෂ් ලවා කරවීමට උත්සාහ කළා යන්න හෝ මධූෂ් සිදු කළේ හුදෙක් කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම පමණක් යන්න විවාදිතය.   

 

 

රංගජීවගෙන් පළිගැනීමේ අවශ්‍යතාව තිබූ තවත් කෙනෙක්ද විය. ඒ වෙලේ සුදාය. හේතුව කුමක් වුවද මධූෂ්ලාගේ උත්සාහය සාර්ථක කර ගත හැකි ක්‍රමයකට මඟ පෑදුනේ නවාස් අත්අඩංගුවට පත්වීමත් සමඟය. වැඩේ කරපු නවාස්ට රට පනින්නට නොදී අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණද ඔහු ඔත්තුකරුවෙක් ලෙස පිළිගැනීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පසුබට වීම නිසා එය වැළකී ගිය බව ආරක්ෂක අංශවලින් වාර්තාවෙන තොරතුරු අනුව පැහැදිලි වේ.   


ප්‍රහාරයෙන් පසු පොලිස් නිලධාරීන් රෝහල් ගත කළ පසු ඔවුන් බැලීමට පවා නවාස් පැමිණ ඇති බවද ඒ තොරතුරු අනුව පැහැදිලි වේ. එහෙත් දුරකථන දත්ත වාර්තා හා වෙනත් තාක්ෂණික ක්‍රම ඔස්සේ නවාස් හා මධූෂ් අතර සබඳතාව තෝරා බේරාගත් පොලිස් නිලධාරින් පිරිසක් නවාස් ලුහුබැඳ ගියහ. එහෙත් ඔවුන් මීගමුවට යන විට නවාස් මන්නාරමට ගොසිනි. ඔවුන් මන්නාරමට යන විට නවාස් ඉන්දියාවේ බෝට්ටුවකට මාරු වී හමාරය. තාක්ෂණයෙන් විද්‍යාවෙන් දියුණු පාතාලය මඬින්නට යන පොලිස් දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කණ්ඩායම් සතු යල් පැනගිය වාහනවල තත්ත්වයත් නවාස්ට පැන යන්නට ඉඩකඩ හැදුවාට සැක නැත.   
මධූෂ්ගේ කල්ලිය හා සමයංගේ කල්ලිය අතර ගැටුම පසුගිය කාලයේ මේ රට තුළ දැවැන්ත අපරාධ රැල්ලක් ඇති කළේය. සමයං හා අංගොඩ ලොක්කා කඩුවෙල කේන්ද්‍ර කරගත් පාතාලයින්ය. කඩුවෙල පාතාල ලෝකයේ නම් දැරූවේ කලක් කඩුවල වසන්තය. ඉන්පසු කරාටේ ධම්මිකය. මේ අය ඝාතනයට ලක්වීමෙන් පසු කඩුවෙල පාතාලයේ රජුන් වීමට කීප දෙනෙක්ම තරඟ කළහ. එයින් එක් අයෙකු වූයේ අංගොඩ ලොක්කාය. අනෙකා රණාලේ සමයංය.   


අංගොඩ ලොක්කා ගමේ චණ්ඩියෙකු ලෙස ඉදිරියට එද්දී ඔහුට චන්දන පුෂ්පකුමාර නොහොත් මෝචාගෙන් කරදර සිදු විය. මේ කරදර ඉවසිය නොහැකි තැන ඔහු මරා දැමීමට අංගොඩ ලොක්කා සැලසුම් කළේය. 2011 වසරේ ජනවාරි 18 වැනිදා අංගොඩ රෝහල දෙසට ගමන් කරමින් සිටියදී මෝචා ඝාතනයට ලක් වූ අතර එම ඝාතන චෝදනාව ලොක්කාට එල්ල විය.   


සමයංද ඒ වෙන විට කරළියට එමින් සිටියේය. ඔහු ඝාතන චෝදනාවකට ලක්වෙන්නේ කෙසෙල්වත්තේ පලතුරු ව්‍යාපාරික කිත්සිරි රාජපක්ෂ ඝාතනය කිරීම සම්බන්ධයෙනි. ඔහු එය සිදුකර තිබුණේ තවත් ව්‍යාපාරිකයෙකුගේ කොන්ත්‍රාත්තුවක් මතය. ඒ කොන්ත්‍රාත්තුව ඔහුට ලැබෙන්නේ තරුණයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී හමු වූ දිනුක නමැත්තෙකුගෙනි. ඔහු බන්ධනාගාර ගතව සිටියේ ඝාතන චෝදනාවක් මතය. ඒ සිය පියා වන නීල් ඝාතනය කළැයි සැක කරන කිත්සිරි නමැති ව්‍යාපාරිකයාගේ පුතා ඝාතනය කළ බවට වූ චෝදනාවක් මතය. නීල්ද ව්‍යාපාරිකයෙකි. තම පියා ඝාතනය කිරීමේ පළිය සම්පූර්ණ වීමට නම් කිත්සිරිද ඝාතනය කළ යුතු යැයි දිනුක කල්පනා කළේය. එසේ සිතමින් සිටින අතරතුර ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරයෙදී සමයං හමු විය. ඔහු සමයංට සිය කොන්ත්‍රාත්තුව දුන්නේය. ඇප මත නිදහස් වූ සමයං ඒ කොන්ත්‍රාත්තුව අකුරටම ඉටු කළේය.   


2014 වසරේදී මේ දෙදෙනාම සිටියේ රිමාන්ඩ් බාරයේය. ඒ 2014 වසරේදී ජුනි 07 වැනිදා කැලණිය පට්ටිවිලදී බාල්දි තිලක් හා ලඩියා නමැති අයෙක් ඝාතනය කළැයි අංගොඩ ලොක්කාට චෝදනා එල්ල විය. ඒ වසරේම අගෝස්තු 17 වැනිදා ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළැයි සමයංට චෝදනා එල්ල විය. මෙසේ සමයං අතින් ඝාතනයට ලක්ව තිබුණේ නවගමුවේ දීප්ති කුමාර නමැති අයෙකි.   


මේ චෝදනාවන් යටතේ අත්අඩංගුවට පත්ව අංගොඩ ලොක්කාත් සමයනුත් දෙදෙනාම රිමාන්ඩ් භාරයට පත්වේ. ඒ වෙන විටත් හෙරොයින් ජාවාරමේ නිරතවීම හා කප්පම් ගැනීම් නිසා සමයං අත විශාල වශයෙන් මුදල් ගැවසින. කෙටියෙන් කියන්නේ නම් ඔහු සතුව විසි කිරීමට තරම් මුදල් ගැවසිණ. ඒ මුදල් ඔහු යෙදෙව්වේ ඇප තැන්පත් කළ නොහැකි අයට ඇප ලබාදීමටය. තමන් සමඟ බන්ධනාගාර ගතව සිටින සැකකරුවන්ගේ ගෙවල්වලට වියදම් කිරීමටය. ඒ මගින් ඔවුන්ගේ විශ්වාසය හා හිතවත්කම, ආදරය දිනාගත් සමයං ඔවුන් සිය පාතාල මෙහෙයුම්වලට යොදා ගැනීමට උත්සාහ කළේය. තමන්ට අවනත නොවන්නන්ට සමයං පළමුව අවවාද කළේය. දෙවනුව මරණ තර්ජන එල්ල කළේය. එයින්ද මෙල්ල නොවූවන් ඝාතනය කළේය. සමයං එවැනි හතුරෙක් මේ රිමාන්ඩ් බන්ධනාගාර ජීවිතයේදී හදා ගත්තේය. ඒ චමීය. චමී සමයංට කලින් එළියට ආවේය. එතැන් සිට ඔහු සමයං ඝාතනයට සැලසුම් සකස් කළේය. ඒ වෙන විටත් රිමාන්ඞ් භාරයේ සිටි අංගොඩ ලොක්කාද එයට සහාය විය.   

 


 කවුද මේ චමී? සමයං ඝාතනයට මධූෂ් හවුල් වූයේ කෙසේද යන කරුණු මීළඟ කලාපයෙන් කතා කරමු.   

 

 

 


මුදිතා දයානන්ද



අදහස් (0)

පාතාලයට ආරක්ෂාව සපයන බන්ධනාගාර

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site