IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නැකැත් සෑදීමේදී අත්හළ යුතු දස මහා දෝෂ

ජ්‍යොතිශ් ශාස්ත්‍රයේ ඉතාම ප්‍රයෝජනවත් වූද ක්‍රියාත්මක වූද වැදගත්ම කොටසක් ලෙස නැකැත් සකස්කර ගැනීම සඳහන් වෙයි. එසේම එය ඉතාම ගැඹුරු වූද අමාරුම වූද කාර්යයකි. නැකැත් සකස් කිරීම පිළිබඳව හෝරා හරණය, මුහුර්ත චින්තාමණිය, සර්වාර්ථ චින්තාමණි වැනි ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි බොහෝ විස්තර සඳහන් කර තිබේ. 
  
එක් එක් ග්‍රහයින් යහපත් තැන්වල සිටින වේලාවම යමක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබීම ​ ජ්‍යොතිෂ නියාමය වෙයි. ඒ හොඳ සුබ වේලාවල්වලට නැකැත් යනුවෙන් ව්‍යවහාර කෙරේ. නැකැත යනු එම අවස්ථාවට චන්ද්‍රයා හෙවත් සඳු සිටින ස්ථානයයි. නැකැත ඇසට නොපෙනෙන නිසා චන්ද්‍රයා මුල් කරගෙන වැඩ කිරීමට සිදුවෙයි. එම නිසා හොඳ හෝ වේවා නරක හෝ වේවා නැකැත් සාදා ගැනීමට චන්ද්‍රයාම මුල් කරගත යුතුවෙයි. චන්ද්‍රයාගේ පැවැත්ම ඇත්තේ සුර්යයා හෙවත් හිරැ නිසා බැවින් හිරු සඳු දෙදෙනා නැකැත් සෑදීමේදී අන්‍ය ග්‍රහයින්ට වඩා මූලික වෙයි.   


සුර්යයා හා චන්ද්‍රයා පිහිටි දුර ප්‍රමාණය අනුව තිථි සෑදේ. එමෙන්ම නැකැත් සෑදීමේදී ද ප්‍රධාන වශයෙන් අත්හල යුතු දෝෂ දහයක් ගැන ජ්‍යොතිෂයෙහි දැක්වේ. රිසානා, විෂ්මි, දග්ධ, කාණ, මර, විෂ, අග්නි, ශකව, භූමි ශුක්‍ර, ශුල සංක්‍රාන්ති යනුවෙන් ඒවා හැඳින්වෙයි. නැකැත් සැදීමේදී විශේෂයෙන්ම මෙම මහා දෝෂ දුරු කටයුතු වෙයි.   


මෙම මහා දෝෂවලට පළමුව අසුභ නරක දින තිථි නැකැත් යෝග කරන ආදිය ගැන දැනුම්වත් වීම අවශ්‍ය වෙයි. ඒවා අව යෝග ලෙස ජ්‍යොතිෂයේ දැක්වෙයි. සතියේ දින හතම අව යෝග යෙදීම මෙසේය.   
අව යෝග   


ඉරිදා  බෙරණ මුවසිරස අද මා විසා අනුර දෙට යන නැකැත් සහ ඉරිදා දිනයක උදා වේ නම් එය අවයෝග වෙයි. එසේම ඉහත නැකැත් සමග ජලවක සතවක දොළොස්වක යන තිථිහු යෙදුණි නම් නින්දිත යෝගවෙයි. කිසිම ශුභ කටයුත්තකට නොයෙදිය යුතුය.   


සඳුදා  ඇති මා විසා අනුර පුවසල උතුරු සල යන නැකැත් සමග සැටවක එකොළොස්වක යන තීථිහුද එකට හෙළු වෙන වෙනම සඳුදා දිනවල යෙදී තිබීම අවයෝග වෙන් සුබ කටයුතු සඳහා සුදුසු නොවේ.   


අඟහරුවාදා  අද දෙට දෙනට සුවන සියාවස , පුවපුටුප යන නැකැත්ද විශේනිය සතවක දවසක යන තීථිහුද අඟහරුවාදා දිනයක එකට නොව වෙන වෙනම හෝ යෙදීම අවයෝග වෙති.   


බදාදා  අස්විද බෙරණ මුල දෙනට පුවපුටුප රේවතී යන නැකැත්ද පෑලවිය. දියවක තියවක අටවක දවසක යන තිථිහුද බදාදා දිනයක එකට හෝ වෙන වෙනම යෙදීම අසුභ වෙති.   


බ්‍රහස්පතින්දා  රෙහෙණ මුවසිරස අද පුවපල් සියාවස යන නැකැත්ද සැටවක අටවක නවවක යන තිථිහුද බ්‍රහස්පතින්දා දිනව සුබ නැකැත් සැදීම සඳහා නොගත යුතුය.   


සිකුරාදා  පුෂ අස්ලිය මා විසා අනුර දෙට රෙහෙණ යන නැකැත්ද දියවක සතවක අටවක දසවක යන තිථිහුද සිකුරාදාට අවයෝග වෙයි.   


සෙනසුරාදා  පුනාවාස සුවසල උත්‍රපල් හත සිත සුවන රේවතී යන නැකැත්ම සැටවක සතවක අටවක එකොළොස්වක යන තිථිහුද එකම හෝ වෙන වෙනම යෙදුණ සෙනසුරාදා දිනයක සුභ වැඩ අත්හළ යුතුය.   
රික්තා දෝෂය  චන්ද්‍ර මාස දෙළහෙම පුර පක්ෂයේ හෝ අව පක්ෂයේ ජලවක නවවක හා තුදුද්වක යන තිථිහු රික්තා නම් වෙයි.   


දින රික්තාව  සතියේ දින හතෙහිම උදය කාලයේ සහ සවස් කාලයේ සතර වැනි පැය නවවැනි පැය සහ දහහතර වැනි පැය ඇති කල්හි නාඩි රික්තාව හෙවත් දින රික්තාව ලබා එම පැය අවසානයේදී ගෙවී යි.   
තත්කාල රික්තාව  ජලවක රික්තා දිනයෙහි සතර වැනි පැයද නවවක රික්තා දිනයෙහි නවවද පැය ද තුඩුස්වක රික්තා දිනයෙහි නව වන පැයද තුදුස්වක රික්තා දිනයෙහි තුදුස්වන පැයද තත්කාල රික්තා නම් වෙයි. මෙම කාය ඉතා නපුරු බවක් සියලු භය හා ජීවිත හානිය පවා සිදුවිය හැකි බවත් ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි දක්වා තිබේ. සුභ කටයුතුවලින් වැළකිය යුතුය.   


වාර රික්තාව ඉරිදා භූමියෙහිත් සඳුදා වනයෙහිත් සඳුදා වනයෙත් අඟහරුවාදා ගින්නෙහිත් බදාදා නගරයෙහිත් (ගමෙහිත්) බ්‍රහස්තින්දා පර්වයෙහිත් සිකුරාදා සාගරයෙහිත් සෙනසුරාදා මාර්ගයෙහිත් දවස හිමි රික්තව හැසිරෙන බව ජ්‍යොතිෂ නියාමය වෙයි.   


ඒ ඒ ස්ථානයන්හි හා කාලයන් දැන සියලු සුභ වැඩ නොකර අත්හළ යුතු බවද සඳහන් වෙයි. සියලු සුබ ඵල නසන්නාවු රික්තාව සුබ කටයුත්තෙහි ​යොදා නොගත යුතුය. රික්තා කිහිපයක් එකට යෙදුන විට අසුබ ඵලඉතා බලවත්වෙයි.   


සුබ නැකැත් සැදීමේ දී මෙසේ අත්හල රික්තාව පැරණි ජ්‍යෙතිෂ ගන්ත්‍රවල හඳුන්වාදී ඇත්තේ මෙසේය .   


රක්ත වර්ණයෙන් යුත් නේත්‍රා සහිත මුහුණක් ඇති නිර්වස්ත්‍ර ශරීරයෙන් යුතු කේෂයන්ගෙන් තොර වූ දික්වූ රෝමයන්ද නිය පොතුද  ඇති සියලු සැප සම්පත් නසන්නාවූ යමයාගේ ශ්‍රේෂ්ඨ දූතිය වූද මේෂ, වෘෂභ, මකර, කටක යන රාශිවල උපදාව පැවැති කල්හි රික්තා තොමෝ දිව්‍ය ලෝකයෙහි සිටින්නීය. එකල සියලුම සුබ කටයුතු පටන් ගැනීමෙන් යහපත් ප්‍රතිඵල ලැබේ.   


මිථුන කන්‍යා ධනු රාශින් උදාව ඇති කල්හි රික්තා නාග ලොව සිටින්නීය. එකල සුබ කටුයුතු පටන් ගැනීමෙන් මධ්‍යඵල ලැබේ. සිංහ වෘශ්චික කුම්භ මීන රාශීන් උදාව ඇති කල්හි රික්තා තොමෝ මුතාපාසලිමේ දිවයිනේ සිටින්නීය. එවිට සුභ කටයුතු ආරම්භ කිරීමෙන් අසුභ ප්‍රතිඵල ලබාදෙන බවද සඳහන් වේ.   


විස්ටි දෝෂය  පුර ජලවක එකො​ළොස්වක රාත්‍රි විෂ්ටිය. අටවක පසළොස්වක දහවල් විශ්ටිය අව තියමක දසවක තුදුස්වක දිවා විෂ්ටිය. අව පක්ෂයෙහි තියවක දසවක යන තිථිවල අගතිස් පැයක් ගණවක තුදුස්වක යන තිථිවල මුල තිස් පැයත් විෂ්ටිය. ජලවක එකොළොස්වක යන පුරපක්ෂයේ තිථිවල අග තිස් පැයක් අමාවක හා පසළොස්වක තිථිවල මුල් තිස් පැයත් විෂ්ටි දෝසය සහිත වෙයි.   


පුර ජලවක ලැබූ තැන් පටන් තිස් පැයක් ගිය තැන සත්පෑ හමාරක්ද පුර අටවක ලැබූ තැන් පටන් සත් රෑ හමාරක් ගිය තැන පටන් සත්පෑ හමාරක්ද පුර එකොළොස්වක ලැබූ තැන් පටන් හතළිස් පස් පැයක ගිය තැන සත් පෑහමාරක්ද පුර පසළොස්වක ලැබූ තැන පටන් පෑ විසි දෙක හමාරක ගිය තැන සත් පෑහමාරක් විෂ්ටිය වෙයි. 

 
අව තියවක ලබා පැය පනස් දෙක හමාරක් ගිය තැන සත්පෑ හමාරක්ද අව ඝනවක ලබා පසළොස් පැයක් ගිය තැන සත් පෑ හමාරක්ද අව දසවක ලබා පැය තිස්හත හමාරක් ගිය තැන සත්පෑ හමාරක්ද අව තුදුස්වක ලබා සත් පෑ හමාරක් ගිය තැන සත්පෑ හමාරක්ද විෂ්ටිය වෙයි.   


දහවලව කී විෂ්ටි රාත්‍රියට යෙදුණත් රාත්‍රියට කී විෂ්ටි දහවලට යෙදුනොත් දෝෂ ඇතිනො​ෙව්. නැකැත ගන්නා තත්කාල කේ්න්ද්‍රයේ ලග්නය. පස්වැන්න හයවැන්න එකොළොස් වැන්න යන ස්ථානයක සෞම්‍ය ග්‍රහයෙක් හෝ ග්‍රහයින් සිටි කල්හිද චන්ද්‍රයා වර්ගෝත්තම කල්හිද සියලු විෂ්ටි දෝෂ භංග වන්නේය.   


ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි විෂ්ටිය හඳුන්වාදී ඇත්තේ හීන්දු පාද ද දික්වූ නායිකාවක් හා දන්තයන් ඇත්තාවූ ඉතා කළු පැහැය ඇති දහසක් ගිනි සිලු ශරීර​ෙයහි වෙළි බබලන්නාවූද පිටට නික්මුනාවූ දළ දෙසක් ඇති රාක්ෂ මුඛයකින්ද විශාල වු කොණ්ඩයන්ගේද යුතු අතිශයින්ම පාපිෂ්ට වූ සියලුම සුබ මංගල්‍යයක් විනාශ කරන්නාවූ ලක්ෂණ ඇති විෂ්ටි තෙම සියලුම කල දුරුකටයුතු බවකි. තවද සුභ ගුණාංග කෙ​තෙක් තිබුණත් විෂ්ටි නමැති දෝෂය යෙදුණ කල කරන ලද මොනයම් කටයුත්තකි හෝ විනාශ බවට පැමිණීම හා ස්වකීය කුලය පවා විනාශවීම සිදුවන සඳහන් වෙයි.   


ජලවකට යෙදෙන දිශා විෂ්ටියට කරාල් යයි ද පුර අටවක යෙදෙන විෂ්ටියට නන්දනී යයිද පුර එකලොස්වකට යෙදෙන විෂ්ටිය රෞද්රිය යයිද පුර පසලොස්වකට යෙදෙන විෂ්ටියට දුර්මුඛ යයි ද අව නියාමකව යෙදෙන විෂ්ටියට සුමිකි යයි ද අවඝනවකට යෙදෙන විෂ්ටියට ත්‍රිරාශි යයිද අව දවසක යෙදෙන විෂ්ටියට වෛෂ්ණවි යයි අව තුදුස්වකට යෙදෙන විෂ්ටියට සිංහ යයි ද ව්‍යවහාරව වන බව ජෙතිෂ ග්‍රණ්ථයන්හි දැක්වෙයි.   
අට දිසාවෙහි විෂ්ටි ලබනුයේ මෙසේය. පුර ජලවක තිථිය උදාවූ තැන් පටන් පැය තිහක් ගතවූ පසු පැය හත හමාරක් බස්නාහිර පුර අටවක ලැබූ තැන් පටන් පැය හතරහමාරක් ගිනිකොන්ද පුර එකලොස්වක ලබා හතලිස් පැයක් ගෙවුන පසු පැය හතහමාරක් ගිනිකොණ පුර එකොලොස්වක ලබාහතළිස් පැයක් ගෙවුන පසු පැය හතහාමාරක් උතුරු දිසාවේද පුර පහළොස්වක ලබා පැය විසිදෙක හමාරක් ගෙවුන පසු පැය හත හමාරක් නිරිත දිග ද අව තියවක ලබා පැය පනස් දෙකහමාරක් ගතවු තැන් පටන් පැය හත හාමරක් ඊසාන් දිගටද අවසන්වක බා පසළොස් පැයක් ගත වූ තැන් පටන් පැය හතහමාරක් දකුණු දිසාවට ද අව දවසක ලබා පැය තිස් හතහමාරක ගිය තැන් පටන් පැය හතහමාරක් වයඹ දිගටද අව තුදුස්වක තිථිය ලබා පැය හතහමාරක් ගත වූ පසු ඊළඟ පැය හතහමාරක නැගෙනහිර දෙසටද විෂ්ටි ලබයි. මේ කාලයන්හි විෂ්ටි තිබෙන දිසාව බලා මොනම සුබ වැඩක්වත් ආරම්භ නොකළ යුතුය   


දශ්ධ දෝෂය ඉරිදාට දොළොස්වකද සඳුදාට එකලොස්වකද, අඟහරුවාදාට විශේනිය ද, බදාදාට දියවක තිථිය ද බ්‍රහස්පතින්දාට සැටවක තිථිය ද සිකුරාදා අටවකද සෙනසුරාදා නවයක තිථියද යන දිනයන් තිථි යෙදුණ කල දග්ධ නම් මහා දෝෂය යෙ​ෙද්.   


ඉරිදාට සුවසල නැකැත හා පෑළවිය තිථියද සඳුදාට උතුරු සල නැකැතක හා අමාක අඟහරුවාදාට අස්ලිය නැකැත හා පෑලවිය තිථිය ද බදාදාට කැති නැකැත හා දවස තිථිය ද බ්‍රහස්පතින්දාට පුව පුටුප නැකැත හා විශේෂීය තිථිය ද සිකුරාදාට උත්‍රපල් නැකැත හා අටවක ද සෙනසුරාදාට රෙහෙන නැකැත හා පොළොස්වක තිථිය ද යෙදීම දින තිථි නැකැත් හා යෙදුන දග්ධ දෝෂයෝ වෙති.   


රාශි සහ තිථි සමග දග්ධ දේෂය යෙදෙනුයේ මෙ​සේය. 

 
හිරු මේෂ රාශයේ සිටින කාලය හෙවත් මේෂ රවියෙහි සැටවක තිථිය ද, වාෂභ රවියෙහි ජලවක තථිය ද මිථුන රවියෙහි අටවක ද කටක රවියෙහි සැටවක තිථිය ද සිංහ රවියෙහි දසවක තථිය ද කන්‍යා රෂියෙහි අටවක ද තුලා රෂියෙහි දොළොස්වක තිථිය ද වෘශ්චික රෂියෙහි දවසක තිථිය ද ධනු රවියෙහි දිසාවක නම් තිථිය ද මකර රවියෙහි දොළොස්වක තිථියද කුම්භ රවියෙහි ජලවක තිථිය ද මීන රශියෙහි දිවක තිථිය ද යන රාශි හා තිථි යෙදීමෙන් ද දග්ධ දෝෂය ඇති වෙයි.   


උපත ලබන තිථි අනුව දග්ධ හෙවත් ඵල නොදෙන රාශි මෙසේ සඳහන් වෙයි   


පෑළවිය - තුලා -මකර   
දියවක - ධනු - මීන   
තියවක - සිංහ - මකර   
ජලවක - වාෂභ - කුම්භ   
විශේනිය - මිථුන - කන්‍යා   
සැටවක - මේෂ - මකර   
සතවක - කටක -ධනු   
අටවක - මිථුන - කන්‍යා   
නවවක - සිංහ - වාශ්චික   
දසවක - සිංහ - වාශ්චික   
එකොළොස්වක -ධනු - මීන   
දොළොස්වක - තුලා - මකර   
තෙළෙස්වක - වෘෂභ - සිංහ   
තුදුස්වක - මීන - මිථුන - කන්‍යා - ධනු   


(පසළොස්වක හා අමාවක නොයෙදේ.)   

 


දග්ධ යෝගයක් පවතින අවස්ථාවක විවාහයක් සිදුවුණි. නම් වැන්දඹු වෙයි. ගමනක් ගියාහු නම් මරණය පවා සිදුවීමට ඉඩ ඇත. නිවාස වැඩ ආරම්භ කළහොත් නිවස ගින්නෙන් විනාශ වෙයි. නිවසට ගෙවදීම සිදු කළොත් මහත් බයට පැමිණේ. සියලු සුබඵල අපේක්ෂාවෙන් කරන වැඩ දග්ධ යෝගය වළකා කිරීමට ඉටාගත යුතුය.   


කාණ යෝග දෝෂය ඉරිදාට අනුර හා මුවසිරස නැකැත්ද, සඳුදාට කැති හා උත්‍රසල නැකැත්ද අඟහරුවාදා දෙනට හා සියාවස නැකැත්ද බදාදාට බෙරණ හා අස්විද නැකැත්ද බ්‍රහස්පතින්දාට මුවසිරස හා පුවහල් නැකැත්ද, සිකුරාදාට දෙට හා අස්ලිය නැකැත්ද සෙනසුරාදාට හත හා රේවතී නැකැත්ද යෙදුන කල කාන යෝග දෝෂය වෙයි. 

 
මර යෝග දෝෂය  ඉරිදා මා නැකැත ද සඳුදා විෂා නැකැත ද අඟහරැවාදා අද නැකැත ද බදාදා මුල නැකැතද බ්‍රහස්පතින්දා සියාවස නැකැත ද සිකුරාදා රෙහෙන නැකැත ද සෙනසුරාදා පුවසල නැකැත ද යෙදුන කල්හි මර යෝග වෙති. මෙම මර යෝගද කොටස් හයකින් යුක්ත වෙයි. ඒ හමස්, මර තිථි මර ලග්න මාර, තිථි හමස් මර, නැකැත් පාද දිවා රම, නැකැත් පාද, රාත්‍රි මර යනුවෙන් සඳහන් වෙයි.   


හමස් මර දෝෂය  ඉරිදාට විසා නැකැත ද සඳුදාට මා නැකැත ද අඟහරුවාදාට සියාවස නැකැතද බදාදාට දෙනට නැකැතද බ්‍රහස්පතින්දාට මුවසිරස නැකැතද සිකුරාදාට පුස නැකැත ද සෙනසුරාදාට රේතී නැකැතද යෙදුන කල හමස් මර යෝග දෝෂය වේ.   


තිථි මර දෝෂය  ඉරිදා දොළොස්වකද සඳුදා එක​ෙලොස්වකද අඟහරුවාදා දවසක ද බදාදා නවවකද, බ්‍රහස්පතින්දා අටවකද සිකුරාදා සත්‍යවක ද සෙනසුරාදා සැටවකද යන තිථි ​යෙදුණ කල්හි තිර මර දෝෂය වෙයි.   
ලග්න මර දෝෂය  ඉරිදා මේෂ සඳුදා වෘෂභ අඟහරුවාදා මකර බදාදා කන්‍යා බ්‍රහස්පතින්දා කටක සිකුරාදා මීන සෙනසුරාදා තුලා යන ලග්න යෙදුණු කල්හි ලග්න මර දෝෂය යෙදේ. මේ දිනයන්හි එම රාශි ලග්නයේ තබා සුබ කටයුතු නොකළ යුතුය. මර යෝග කිහිපයක් එක්වූ කල ඉතා බරපතළ අනිසි ප්‍රතිඵල ලැබේ.   


තිථි හමස් මර දෝෂය  තියවක තිථිය හා අනුර නැකැත ද විශේනිය තිථිය හා බෙරණ කැති සා නැකැත්ද සතවක තිථිය හා සා නැකැත ද අටවක තිථිය හා රෙහෙන න මුල පුටුප නැකැත්ද ​තෙළෙස්වක තිථිය හා උත්‍රසල හා අස්ලිය නැතක්ද යෙදුණ කල්හි තථි හමස් මර දෝෂය ඇති වෙයි. වැඩක් ආරම්භ කළොත් හය මාසයකින් එය විනාශ වනු ඇත. තමාට ද විනාශය ළඟා වේ.   


නැකැත් පාද දිවා මර දෝෂය  බෙරණ නැකැතේ සතරඩ වන පාදයද අද නැකැතේ දෙවන පාදයද අස්ලිය නැකැතේ තුත් වන පාදයද, හත නැකැතේ ප්‍රථම පාදය ද විසා නැකැතේ ප්‍රථම පාදය ද උත්‍රප නැකැතේ තුන් වැනි පාදය ද යන නැකැත් පාද දවල් කාලයේ උදාවු කළ ඒවා දිවා මර නැකැත්පාද වේ.   


නැකැත් පාද රාත්‍රි මර දෝෂය  අස්විද නැකැතේ තුන්වන පාදය ද මුවසිරස නැකැතේ දෙවැනි පාදයද පුෂ නැකැතේ තුන් වන පාදයද මා නැකැතේ දෙවැනි පාදයද උත්‍රපල් නැකැතේ පළමුවන පාදයද සිත නැකැතේ තුන්වැනි පාදයද සා නැකැතේ පළමුවන පාදයද අනුර නැකැතේ තුන්වන පාදයද සුවන නැකැතේ සතර වන පාදයද පුව පුටුප නැකැතේ තුන් වන පාදයද උත්‍රපුටුව රේවතී යන නැකැත්වල තුන් වැනි පාදයද රාත්‍රි කාලයේ උදාවු වීම නිසා රාත්‍රි මර දෝෂය උදා වෙයි.   


විෂ යෝග දෝෂය  ඉරිදාට කැති නැකැත හා විශේනියද සඳුදාට සිත නැකැත හා දියවකද, අඟහරුවාදාට රෙහෙණ නැකැත හා පසලොස්වකද බදාදාට බෙරණ නැකැත හා සතවකද බ්‍රහස්පතින්දාට අද නැකැත හා තෙලෙස්වකද සිකුරාදාට සුවන හෝ අනුර නැකැතත් හා සැටවක ද සෙනසුරාදාට රේවතී හෝ පුෂ නැකැත් හා අටවකද යෙදුණ කල්හි මහත් වූ සර්ප විෂයකට බඳුවිය. යෝග වෙයි. මෙවන් විස යෝගයක සුබ කටයුතු නොකළ යුතු අතර කොළොත් විෂ රෝග භය මරණ ඇතිවිය හැකිය.   


අග්නි යෝග දෝෂය  ඉරිදා දෙ‌ාළොස්වක තිථියද සඳුදා සැටවක තිථියද අඟහරුවාදා සතවක තිථියද බදාදා අටවකටද බ්‍රහස්පතින්දා නවවක තිථියද සිකුරාදා දවසක තිථියද සෙනසුරාදා එකොළොස්වක තිථියද උදා වූ කල අග්නියෝග දෝෂය වේ. මෙම යෝග කාලයෙහි කරනු ලබන සියලුම සුබ කටයුතු ගින්නෙන් විනාශ වන්නාක් මෙන් විනාශයට පත් වෙයි. මෙම යෝගය පවතින දිනවල අණවින හදි හූනියම් කිරීමට පමණක් සුදුසු වනු ඇත.   
ශකට යෝග දෝෂය  බ්‍රහස්පති ග්‍රහයා යම් රාශියක යම් නවාංශකයක සිටීද ඒ රාශියේ පටන් හය අට දොළහ වූ රාශියක ඒ ගණය වු නවාංශකය චන්ද්‍රය සිටි කල්හි ශකට යෝග දෝෂය යෙදේ. මෙය සියලුම සුබ ඵල නසන දෝෂයකි.   


භූමි ශුක්‍ර දෝෂය  පුර පක්ෂයෙහි දියවක තිථිය යෙදුන දින සිකුරු ගින්නෙහිද පුර නවවක තිථිය ලක් දින භූමියෙහි ද පුර දවසක තිථිය යෙදුන දිනට අහසෙහිද පුර දොළොස්වකදාට ගින්නෙහිද සිටී. අව ජලවක තිථිය ලත් දිනට සිකුරු භූමියෙහිද අව විශේනිය දාට ගින්නනෙහිද අව සතවසක දාට භූමියෙහිද අව කුදුස්වක දාට අහසෙහිද අව පසළොස්වකදාට භූමියෙහිද සිටී, සිකුරු භූමියෙහි සිටීම භූමි ශුක්‍ර දෝෂයි.   


ශූලදොෂය  සූර්ය සංක්‍රාන්තියට පෙර හා පසු තිස් පැය බැගින් ශුල සංක්‍රාන්ති දෝෂයි. මකර හා කටක රාශිවල සූර්ය සංක්‍රාන්තියෙදි පෙර පසු තුන් දින බැගින් හය දිනක් ශුල දෝෂ වේ. මේෂ තුළ දෙරැසට සංක්‍රාන්ති කිරිමේදී පෙර පසු අනු පැය බැගින් තුන් දිනක් ශූල දෝෂයි. ශුල සංක්‍රාන්ති දෝෂ කාලය සුබ වැඩට යෝග්‍ය නොවේ.   


ඉහත සඳහන් වූයේ සුබ නැකැතක් සාදා ගැනීමේදී විශේෂයෙන් දුරු කටයුතු දස මහා දෝෂයෝය. මෙයට අමතරව තවත් දෝෂ කිහිපයක් ද නැකැත් සැදීමේදී පරීක්ෂා කළ යුතු​ වේ. ඒ රාහු කාලය ගුළිකය, සූර්ය දෝෂ වධ යෝග දෝහ විෂ නැකැත් පාද නැකැතේ විෂ සත්දින විෂ තිථිවිෂ ලග්න විෂ ගන්ඩාන්ත දෝෂ ආදිය වෙති.   


මනුෂ්‍යයාගේ උත්පත්තියේ පටන් මරණය දක්වාම වැදගත් සැම කටයුත්තකට ජ්‍යෙතිෂ් ශාස්ත්‍රයේ නැකැත් නියම කර තිබේ. එම නිසා නැකැත් සැදිමේදී ඉහත සඳහන් මහා දොෂ මොනවාද ඒවා පවතින්නේ කුමන රාශි තිථි දින හෝරා ආදියෙහි දැයි සුපරීක්ෂාකාරි සොයා බලා සුභ කටයුත්තක් සඳහා සුබ නැකැතක් සාදාගැනීමට අවශ්‍ය වූ විට ඉහත සඳහන් කරුණු උපයෝගී කර ගන්න. 

 

 

 

 
සටහන ගම්පහ අබේසේන හේරත් 



අදහස් (0)

නැකැත් සෑදීමේදී අත්හළ යුතු දස මහා දෝෂ

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6210 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site