IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කිවිසුම් යාම බාධාවක්ද?

අලුතින් වැඩක් ආරම්භ කිරීමට හෝ ගමනක් යාමට සූදානම් වන අවස්ථාවක දී කිවිසුම් හඬක් ඇසීම බාධාවක් ලෙස සමාජයේ බොහෝ දෙනා පිළිගත් මතයක් පවතී. එවැනි අවස්ථාවක ආරම්භ කිරීමට සූදානම් කළ වැඩය හෝ ගමන ​ෙහා් ටිකක් ප්‍රමාද කරන ලෙස වැඩිහිටියන් උපදෙස් දෙනු අප අසා ඇත. කිවිසුම් යාම පිළිබඳව මෙයට අමතරව තවත් විවිධ මත ද සමාජය තුළ නැත්තේ නොවේ. 
  
සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන්නට ආසන්නයේ ද කිවිසුම් යනු අප අසා ඇත. අත දරුවකුට කිවිසුමක් ගිය විට පැරණි වැඩිහිටියෝ ‘‘ආයු බෝවේවා’’යි දිගාසිරි පතනු අප දැක අසා ඇත. එසේ කරනුයේ දරුවාට අසනීපයක් ඇති වෙතැයි වැඩිහිටියන් අතර බියක් ඇති නිසා බව සිතිය හැකිය. 

 
නාසය තුළින් යම් කිසිවක් මොළයට යාමට තැත් කිරීමේදී එය වැළැක්වීමේ සිද්ධාන්තයක් ලෙස කිවිසුම් යාම සිදු වීම සාමාන්‍ය දෙයකි. සෙම්ප්‍රතිශ්‍යාව, පීනස නිසා හෝ ආගන්තුක දේ නාසය හරහා ශරීරගත වීමට තැත් දැරීමේදී ද සාමාන්‍යයෙන් කිවිසුම් යාම සිදුවෙයි.   
කිවිසුම් යාම බාධාවක් බවට අසා පූර්ව නිගමනයකට එළඹ කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ සිරිතකි. නමුත් අප එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම වැදගත් වෙයි. යම් වැඩක දී හෝ ගමනක් යාම ආරම්භයේදී හෝ කිවිසුම් හඬක් ඇසීම සෑම විටම බාධාවක් හෝ අසාර්ථක වීමකට හේතුවක් වී දැයි විමසිය යුතුය.   


මේ පිළිබඳව පෙර ඉසිවරුන් පෙන්වා දී ඇති කරුණු පැරණි ග්‍රන්ථයක් අනුසාරයෙන් පාඨක ඔබගේ අවධානයට යොමු කරමි.   


ඒ අනුව කිවිසුම් හඬ ඇසුන දිසාව හා දිනය අනුව ඇති විය හැකි ප්‍රතිඵල මෙසේ දක්වා ඇත. 

 
ඉරිද‌ා දින උතුරු දිසාවෙන් කිවිසුම් හඬක් ඇසීම තදබල කරදරයක් ඇති කිරීමට සමත් වෙයි. තවද සතුරු කරදර සහ හිතවත් අය අමනාප වීමට ද හේතුවක් වනු ඇත.   


එදිනම ඊසාන දෙසින් කිවිසුම් හඬක් ඇසීම බිය ගෙන දෙන කරුණක් වෙයි. නැගෙනහිර දෙසින් නම් සතුටුදායක ආරංචියක් ලැබීමක් වේ. නමුත් ඒ සමගම සිතට වේදනා සහිත දෙයක් සිදුවීමට ද නියමිතය. 

 
දකුණ හා ගිනිකොණ දෙසින් ඇසුණේ නම් හිතවත් අයෙකු සමග බහින්බස්වීමක් නිසා මතභේදයක් උද්ගත වනු ඇත. 

 
නිරිත දිග දෙසින් කිවිසුම් හඬක් ඇසුණි නම් යහපත් ආරංචියක් ලැබීමක් හෝ සුබ ගමනක් යෙදෙනු ඇත. බස්නාහිර දෙසින් යම් සිත්තැවුල් මෙන්ම ආරම්භ කරන දෙයකට බාධා ගෙන දේ. මුදල් හානියක් සිදුවීමට ද ඉඩ තිබේ. වයඹ දෙසින් නම් එය රෝගයක පෙර නිමිත්තක් ලෙස සැලකෙයි.   


සඳුදා-බදාදා-සිකුරාදා දිනවල උතුරු දෙසින් කිවිසුම් හඬක් ඇසීම සුබ නොවේ. ඥාතියකු කරදරයකට පත්වීමක් පෙන්නුම් කරයි. තවද තමන්ද එයට හවුල් වෙන බවක් ඉඟිකරයි. ඊසාන දෙසින් නම් තමා යන ගමනින් බලාපොරොත්තු වන තරම් ප්‍රයෝජනයක් නොවන බව පෙන්වා දෙයි. නැගෙනහිර දෙසින් නම් සෙම් රෝගයක පෙර නිමිත්තකි. ගිනිකොණ දෙසින් නම් බලාපොරොත්තු ඉටු වන බව කියාපායි.   


දකුණ හෝ නිරිතදිග දෙසින් නම් මුදල් හානියකි. බස්නාහිර දෙසින් නම් සතුරෙකුට විපතක් ඇති කරයි. එයින් තමාට මානසික සහනයක්ද ගෙන දේ. වයඹ දෙසින් නම් කම්සැප විඳීමට අවස්ථාවක් සැලසෙන බව පෙන්වා දෙයි. නමුත් තමාව අවුලකට පැටලීමට ද ඉඩ ඇත.   


අඟහරුවාදා සහ සෙනසුරාද‌ා දිනවල උතුරු දෙසින් කිවිසුම් හඬක් ඇසීම සතුරු කරදරයක පෙර නිමිත්තකි. ඊසාන සහ නැගෙනහිර දෙසින් නම් මිතුරන් සමග අමනාපවීමට හේතු යෙදේ. ගිනිකොණ සහ දකුණ දෙසින් නම් එය රෝගයක් වැලඳීමේ ලක්ෂණයකි. සතියක් ඇතුළත ඉන් පීඩාවට පත් විය හැකිය.   


නිරිත හා වයඹ දෙසින් කිවිසුම් හඬක් ඇසුණේ නම් ලාභයක් පෙන්නුම් කරයි. මිතුරන් හමුවීමක් ද අපේක්ෂා කළ හැක. බස්නාහිර දෙසින් නම් අසන්නට ලැබෙනුයේ අසුබ ආරංචියකි.


බ්‍රහස්පතින්දා උතුරු දිසාවෙන් කිවිසුම් හඬක් ශ්‍රවණය කිරීම, ආරම්භ කළ කාර්යයෙහි බාධාවක් ඇති බව කියාපායි. කිවිසුම් හඬ කාන්තාවකගේ නම් එම බාධාව තදබල බව සිතට ගත යුතුය. ඊශාන හා ගිනිකොන දෙසින් නම් දෝෂාරෝපණයක් අසන්නට ලැබීමට ආසන්න බව ඉඟි කරයි. නැගෙනහිර දෙසින් නම් බලාපොරොත්තු මුදුන්පත් වීමේ පෙර නිමිත්තකි.   


දකුණු දෙසින් නම් සුබ ගමනක් අපේක්ෂා කළ හැක. එයින් මිල මුදල් ලාබ ලැබීමටත් ඉඩ ඇත. නිරිත හෝ බස්නාහිර දෙසින් ඇසුණේ නම් කනගාටුදායක ආරංචියක් අසන්නට ලැබේ. වයඹ දෙසින් ඇසී නම් එය ප්‍රතිඵල රහිතය.   


වාහනයකට නැගීමේදී කිවිසුමක් යාම එම ගමන සාර්ථක වන බවට පෙරනිමිත්තකි.  ආහාර ගැනීම, බෙහෙත් බීම, නිදා ගැනීම යන අවස්ථාවකට සූදානම් වන අවස්ථාවලදී කිවිසුම් යාම බාධාවක් නොවන බව ශාස්ත්‍රයෙහි දැක්වේ.   


නිවෙසේ ඇති කරන බලු බළල් ගව ආදී සතුන්ගේ කිවිසුම් යාම යහපත් ප්‍රතිඵල ගෙන නොදෙනු ඇත. ගවයන්ගේ කිවිසුම් හඬ මරණයක් පිළිබඳ ආරංචියක් අපට කියා දෙයි. වසස්ගත වූවන්ගේ මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාව, පීනස් රෝගය වැළඳුන අයගේ කිවිසුම් යාම ද ප්‍රතිඵල රහිත බව දක්වා තිබේ.   


ඉහත සඳහන් කරුණු ගැන සලකා බැලීමේදී කිවිසුම් යාම සෑම විටම බාධාවක් නොවන බව පෙනී යයි.   


ඔබත් මේ පිළිබඳව විමසිලිමත් වීමෙන් ඉහත සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යතාව ඔබටම අවබෝධ කර ගැනීමට හැකි වනු නොඅනුමානය.   


කිවිසුම ගැන සඳහන් කිරීමේ දී කිවිසුමක් නිසා පුරෝහිත බ්‍රාහ්මණයෙකුට සිදුවූ අනතුරක් ගැන පැරණි ජනප්‍රවාදයක මෙසේ දැක්වේ.   
අතීතයේ රාජ සභාවක සිටි පුරෝහිත බ්‍රාහ්මනයකුට ඕනෑම කඩුවක් සිඹ එහි ඇති මුවහත් බව ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබිණි.   
එරට එක් තැනැත්තෙක් ඉතා මුවහත් කඩුවක් තනා කඩුවේ මුවහත ගැන විමසීමට ඉහත කී බ්‍රාහ්මනයාට දුන්නේය. ඔහු කඩුව සිඹ මුවහත බැලීමට නාසයට ළං කරනවාත් සමගම ගිවිසුමක් ගියේය. ඒ සමගම ඔහු අත තිබූ කඩුව ගැස්සී ගොස් බ්‍රාහ්මනයාගේ නාසයෙන් කොටසක් කැපී ගියේය. මුවහත බැලීමට කඩුව දුන් තැනැත්තා කඩුවේ මිරිස් කුඩු අතුල්ලා තිබීම කිවිසුම යාමට හේතු විය.   

 

 

 


සටහන - 
ගම්පහ අබේසිංහ හේරත්   

 



අදහස් (0)

කිවිසුම් යාම බාධාවක්ද?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5256 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site