IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කියුබාවේ පිනට පහළ වූ විශිෂ්ට විප්ලවවාදියාගේ ග්‍රහ පිහිටීම්

කියුබාවේ හිටපු ජනපති ෆිදෙල් කස්ත්‍රෝ 1962 සිට තනි නායකත්වය යටතේ රට පාලනය කළේය. එතුමාගේ ජන්මපත්‍රයේ සුවිශේෂී රාජයෝග කිහිපයක් තිබෙන බව පෙන්වා දිය යුතුය. කේන්ද්‍රස්ථාන හතරේම ග්‍රහයන් බලවත්ව පිහිටා තිබීම නිසා චතුස්සාගාර නම් වටිනා යෝගය පිහිටා ඇත.  


තුලා ලග්නයෙන් උපත ලැබුවේ ශනි ලග්න ගතව උච්චක්ෂේත්‍රව සස යෝගය උද‌ාවෙමින් තිබෙන අවස්ථාවකය. මේ නිසා දීර්ඝායු ලබන ශෝභා සම්පන්න සම්පූර්ණ ශරීරයෙන් යුත් වීර්යවන්ත, දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන, දුක් කම්කටොලු විඳ දරා ගැනීමට හැකි තැනැත්තෙකුමය. එසේම කෘෂිකර්මාන්තයටද දක්ෂතාවය ඇති කෙරිණි.  


මොහුගේ කේන්ද්‍රයේ ගුරු 4 වැන්නේ නීචව සිටි අතර එහි අධිපති ශනි ලග්න ගතව සිටීම නිසා නීචය භංග කර රාජ යෝගයක් උද‌ා කර ඇත.  


කුජ හෙවත් අඟහරු ලග්නෙන් 7 වැන්නේ ස්වක්ෂේත්‍ර බලයෙන් රුචක යෝගය උද‌ා කරමින් සිටින නිසා දැඩි අධිෂ්ඨාන ශක්තිය ඇති මහත් තේජස ඇති බලවත් මරුටත් බිය නැති නිර්භීත අයකු බවට පත් කරන ලදී. රවි දිග් බලයෙන් යුක්තව කටක රාශියේ (10 වැන්නේ) සිටින බැවින් සෑම අංශයකින්ම දැනුම්වත්භාවය ඇති පොතපතේ දැනුම මෙන්ම බාහිර සමාජයේ ක්‍රියාකාරීත්වය සහ අධ්‍යාපනයෙන් තමා ලබා ගත් දැනුම සමාජයේ පොදු යහපත උදෙසා යොදවා නිවැරදිව පාලනය කිරීමේ ශක්තිය ඇති පුද්ගලයෙකුද විය.  


මෙවැනි යෝග පිහිටන පුද්ගලයන් අභියෝග හමුවේ නොසැලී සිටින අයද වේ. ඉතාමත් කලාතුරකින් මෙවැනි යෝග පිහිටන අතර ඔවුහු කුමන ක්ෂේත්‍රයක හෝ කැපී පෙනෙන පුද්ගලයන් වෙති.  


වර්තමාන සමාජයේ රටවල් පාලනය කරන බොහෝ දෙනෙක් රටේ යහපත කෙසේ වෙතත් තම තමන්ගේ සංවර්ධනය උදෙසා නම් නොබියව ක්‍රියා කරති. මතු අනාගත පරපුර වෙනුවෙන්වත් රටට හිතැති පුද්ගලයෙකු බිහිකර ගැනීමට මෙවැනි ග්‍රහ බල පවතින අය ඇත්නම් ඔවුන් දේශපාලන ක්ෂේත්‍රයට යොමුවීමෙන් තම රටට විශාල සේවයක් ඉටුකළ හැකි බව කිව යුතුයි.  

 

 

 


ජන්ම පත්‍රය උපුටා ගැනීම (The astrological Magazine 1975 October) 
ජ්‍යොතිර්වේදී   
ඛේමා සුභාෂිණී වීරතුංග   
මාඉඹුල, නිට්ටඹුව

 
 



අදහස් (0)

කියුබාවේ පිනට පහළ වූ විශිෂ්ට විප්ලවවාදියාගේ ග්‍රහ පිහිටීම්

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site