IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඔබට උසස් රැකියාවකට හිමිකම් කියන බලවත් ධර්ම කර්මාධිපති යෝගය

සමාජයේ බොහෝදෙනෙක් තම දැන උගත්කම් මත හෝ දක්ෂතා මත සුදුසු අයුරින් තැනක් නොලැබී සිත් තැවුලින් පසුවෙති. ඇතැම් අයට තම තමන්ගේ අධ්‍යාපන දැනුම හා කුසලතා මත විවිධ අංශයන් හි රැකියා තනතුරු ලැබීමේ වාසනා ගුණය උදාවේ. මෙහිදී තම ජන්ම පත්‍රයේ ධර්ම කර්මාධිපති යෝගය හිමි අයට තමාට හැකි ඉක්මනින් නිසි පරිදි උසස් රැකියා නිලතල බලාපොරොත්තු ඉටුවීමේ ඉහත ග්‍රහයෝගය සාර්ථකව බලපවතීනු ඇත.  

ජ්‍යොතිෂයේ දී ප්‍රධාන යෝගයක් වශයෙන් ධර්ම කර්මාධිපති යෝගය තම ලග්නයේ නව වැනි කොටුව හෙවත් භාග්‍යස්ථානය වේ. තවද පුණ්‍යස්ථානය වශයෙන්ද හඳුන්වනු ලබන මෙම ස්ථානය ත්‍රිකෝණ රාශි අතුරෙන් වඩාත් බලවත් වූ මෙම රාශිය තමාගේ පෙර පින්බලය ඉස්මතු කරවන ස්ථානය වේ. ලග්නයෙන් දස වැන්න රැකියා ස්ථානය හෙවත් කර්මස්ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම ස්ථාන දෙකේ අධිපති ග්‍රහයින් යෝග වී සිටීම හෝ රාශි මාරු කරගෙන සිටීම තුළින් ධර්ම කර්මාධිපති යෝගය බලවත් රාජ යෝගයක් වශයෙන් හඳුන්වනු ලැබුව ද විශේෂයෙන් වෘෂභ ලග්න හිමියන්ට ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානයේ සිටීම හෝ කුජ ග්‍රහයා එම ස්ථානයේ බලවත් වීම ද, සෙනසුරු නව වැන්නේ හෝ දහ වැන්නේ පිහිටීම ඉතා බලවත් රාජ යෝගයකි.  


මෙවැනි යෝගයක් හිමි අය තම උපන් බිමට කීර්තිය සලසා දෙන උදාර නායකයන් ලොවට දායාද කරන ඉමහත් රාජ යෝගයකි. ධර්ම කර්මාධිපති යෝගය ලග්නයෙන් ලග්නයට මෙසේ උදාවනු ඇත. මේෂ ලග්නයට නවය අධිපති ග්‍රහයා වන්නේ ගුරුය. දහ වැන්න අධිපති වන්නේ සෙනසුරුය. වෘෂභ ලග්නයට නව වැන්න සහ දහ වැන්න යන රාශි දෙකම අධිපති සෙනසුරු වේ.  


මිථුන ලග්නයට නව වැන්නාධිපති සෙනසුරුය. දස වැන්නාධිපති ගුරු ග්‍රහයා වේ. කටක ලග්නයට නව වැන්නාධිපති ගුරු ග්‍රහයා සහ දහ වැන්නාධිපති වන්නේ කුජ ග්‍රහයා වේ. සිංහ ලග්නයට නව වැන්නාධිපති වන්නේ කුජ ග්‍රහයායි. දහ වැන්නාධිපති වන්නේ සිකුරු ග්‍රහයා වේ.  


කන්‍යා ලග්නයට නව වැන්නාධිපති සිකුරු ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති බුධ ග්‍රහයා වේ. තුලා ලග්නයට නව වැන්නාධිපති බුද ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති සඳු ග්‍රහයා වේ. වෘශ්චික ලග්නයට නව වැන්නාධිපති සඳු ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති රවි ග්‍රහයා වනු ඇත. ධනු ලග්නයට නව වැන්නාධිපති රවි ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති බුධ ග්‍රහයා වනු ඇත.  


මකර ලග්නයට නව වැන්නාධිපති බුධ ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති සිකුරු වේ. කුම්භ ලග්නයට නව වැන්නාධිපති සිකුරු වන අතර දහ වැන්නාධිපති කුජ ග්‍රහයා වේ. මීන ලග්නයට නව වැන්නාධිපති කුජ ග්‍රහයා වන අතර දහ වැන්නාධිපති ගුරු ග්‍රහයා නම් වේ. මේ අනුව ධර්ම කර්මාධිපති යෝගයට අයත් එක් එක් ග්‍රහයන් එක පහ නවය හා දහය තුළ ද බලවත් වූ විට උසස් අධ්‍යාපනය රැකියා ලාභ ව්‍යාපාර දියුණුව මෙන්ම ලෞකික හා ලෝකෝත්තර වශයෙන් ද යහපත් මගකට මන්පෙත විවර කරන සුභ නිමිත්තක් බවට පූර්වාචාර්ය මතය වේ.  

 

 

 


කීර්ති ශ්‍රී ලංකාභිමානී, ජ්‍යෝතිෂ්‍ය විද්‍යා විශාර ද ගුප්ත විද්‍යාවේදී, 
ජේ.එම්. ජයන්ත ඒකනායක 
සියපත කාර්යාලය, දංගස්පිටිය වීරඹුගෙදර, කුරුණෑගල 



අදහස් (1)

ඔබට උසස් රැකියාවකට හිමිකම් කියන බලවත් ධර්ම කර්මාධිපති යෝගය

Malisha sachintha Monday, 02 September 2019 01:12 PM

මගෙ ලග්නෙ මිථුන මගේ කේන්දරයේ 9 වැන්නෙ සහ 10 වැන්නෙ කිසිදු ග්‍රහයකු නැත එවිට පලාඵල කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5254 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site