IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උදා වූ කෝණ මාසය ඔබට කොහොමද ?

ග්‍රහ ලොව පිය රජු ලෙස සැල​ෙකන හිරු හෙවත් රවි ග්‍රහයා 2018 ජුනි මස 15 වන දින මෙතෙක් ගමන් කළ වෘෂභ රාශියෙන් බුධ හිමි මිථුන රාශියට පැමිණෙති. 2018 ජූලි මස 16 දක්වා රවී ග්‍රහයා මිථුන රාශියේ ගමන් කරමින් සිටී. රවි ප්‍රවිශ්ට වන්නේ මිථුන රාශියටය. මිථුන රාශිය බුධට අයත්ය. බුධ ග්‍රහ ලොව රාජ්‍ය ලේකම් තුමා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහ මාරුව රෙජකු රාජ්‍ය ලේකම්තුමාගේ භවනට යන විට රජතුමා පිළිගැනීමට රාජ්‍ය ලේකම්තුමා බලා සිටිනු ඇත. 
  
රවි ග්‍රහයා එක් රාශියක් දින 30 ක් 31 ක් වශයෙන් ගමන් කරයි. එය මේෂ රවිය, වෘෂභ රවිය, මිථුන රවිය ආදී වශයෙන් වසරක කාල සීමාව තුළ රාශි 12 ක ගමන් කරයි. රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි තුළ ගමන් කරන කාලය කෝණ මාසය නමින් හඳුන්වනු ලබන අතර ගෘහනිර්මාණය, මුල්ගල් තැබීම් ආදී කටයුතු මෙන්ම විවාහ කටයුතු ද මෙම කාල සීමාව තුළ සුබ ඵල නොදෙන බව මතක තබා ගත යුතු වේ. රාශි චක්‍රය වූ අංශක 360° හතරට බෙදා අංශක 90° කෝණවලට මෙම මාස හතර ඇතුළත් වේ. එම නිසා රවි, මිථුන, කන්‍යා, ධනු, මීන යන රාශි හතරේ ගන් කරන මාස හතර කෝණ මාස ලෙස හැඳින්වේ.   


මාර්තු 14 හා අප්‍රේල් 14 අතර මීන රවි කෝණ මාසය උදා වේ.   
ජුනි 15 හා ජූලි 16 අතර මිථුන රවි කෝණ මාසය උදා වේ.   
සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 අතර කන්‍යා රවි කෝණ මාසය උදා වේ.   
දෙසැම්බර් 16 හා ජනවාරි 14 අතර ධනු රවි කෝණ මාසය උදා වේ.   
රවි මාරුව උපන් ලග්නවලට බලපාන හැටි.   


මේෂ


මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ තුන් වැන්නේ රවි සමග බුධ ගමන් ගන්නා විට ලග්නාධිපති කුජ දිග් බලව දස වැන්නේත් ගුරු හත් වැන්නේත් ගමන් කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවෙකුගේ ඉදිරි දියුණුව දැක සතුටු විය හැක. අායෝජන කටයුතුවලින් ලාභ ලැබේ. ඔබේ චිත්ත ධෛර්යය ඉහළ යයි. ශාස්ත්‍රීය කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබයි. මේ අතර රැකියා හා ව්‍යාපාර කටුතුවලට උසස් අයගේ උදව් උපකාර ලැබේ. ඉහළ තනතුරු ලැබේ. ආරක්ෂක අංශවල සේවය කරන අයට විශේෂ සුබ පළ ලැබේ. හවුල් ව්‍යාපාර සාර්ථකයි.   


වෘෂභ   


වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයේ දෙවැන්නේ රවි සමග බුධ ගමන් කරන විට ලග්නාධිපති සිකුරු සමග රාහු තුන් වැන්නේත් ගුරු හය වැන්නේත් ගමන් කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. කතාවෙන් ජය ගනී. අන් අයට උපදෙස් දෙයි. මේ අතර ගෙදර දොර අලුත්වැඩියා කිරීමට අවස්ථාව උදා වේ. සන්නිවේදන ක්ෂේත්‍රයේ නියැළෙන අයට විශේෂ සුබ පළ උදා වේ. තැන්පත් ධනය වර්ධනය වේ. කෙසේ නමුත් සෙනසුරු දශා ගත කරන අයට සේවක ගැටලු, චිත්ත පීඩා, සෙම්රෝග වැනි අපල තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබේ.   


මිථුන   


මිථුන ලග්න හිමියන්ගේ කේන්දරයේ ලග්නාධිපති බුධ දිග් බලව රවි සමග ලග්නයේ ගමන් කරන විට ගුරු ග්‍රහයා පස් වැන්නේ ගමන් කරයි. බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගනී. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. අධ්‍යාපන කටයුතුවලින් උසස් තැනක් හිමි වේ. ලිපි ලේඛන හා ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රයෝජන ලැබේ. සහෝදරයන්ගෙන් උදව් ලැබේ. ගෙවල් දොරවල් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි අයගේ පැතුම් ඉටු වේ. මේ අතර නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට හා සන්නිවේදන ව්‍යාපාර ආරම්භ කිරීමට සුබ නැකැත් උදා වේ.   


කටක   


කටක ලග්න හිමියන්ගේ කේන්දරයේ දොළෙස්වැන්නේ රවි සමග බුධ ගමන්කරන විට ගුරු හතර වැන්නේ ගමන් කරයි. වි​ෙද්ශ ගමන්වලට සුබ වේ. විදේශ රැකියා ලාභ හිමි වේ. ස්වයං රැකියා වලින් ලාභ බලාපො​රොත්තු විය හැක .මෙම කාල සීමාවේදී උසස් කෙනෙකු හෝ රැකියා ප්‍රධානියෙකු අමනාප වීමට ඉඩ තිබේ. පවුලේ කටයුතුවලට අමතර වියදම් දැරීමට සිදු විය හැකියි. කතාව නිසාද පාඩු සිදු වීමට හැකියි. ලිය කියවිලිවලට අත්සන් තබන විට කල්පනාකාරී වන්න. අසල්වැසියන් ද අමනාප වීමට ඉඩ ඇත. මේ අතර ඇස්වල ආබාධ ඇති විය හැකියි.   


සිංහ   


සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස් වැන්නේ ලග්නාධිපති රවි සමග බුධ ගමන් කරන විට ගුරු තුන්වැන්නේ ගමන් කරයි. ආදායම් තත්ත්වය යහපත් වේ. අලුතින් ව්‍යෘපාර ආරම්භ කිරීමට තිබූ බලාපොරොත්තු ඉටු වේ. අලුත් උසස් බුද්ධිමත් මිතුරන් හඳුනා ගැනීමට හැකි වේ. මේ අතර රැකියා කටයුතුවලදී උසස් අයගේ ප්‍රශංසා හිමි වේ. සමාජ සේවා කටයුතුවලදී ප්‍රමුඛත්වය හිමි වේ. මේ අතර අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. වැඩිමහල් සහෝදරයකුට සුබයි. කෙටි ගමන් බිමන් අධික වේ. ආගමික කටයුතුවලට සිත යොමු වේ.   


කන්‍යා   


කන්‍යා ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි දිග්බලව බලවත් බුධ සමග ගමන් කරන විට ගුරු දෙවැන්නේ ගමන් කරයි. රැකියා හා ව්‍යාපාර සාර්ථක වේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීමකට අවස්ථාව උදා වේ. අන් අය අතර ප්‍රධානත්වයක් හිමි වන කාලයකි. රැකියා ලාබ ලැබේ. තමන්ගේ නිර්මාණවලට සමාජයේ තැනක් ලැබෙන කාල සීමාවකි. නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට හා සන්නිවේදන ව්‍යාපාර ඇරඹීමට සුබ කාලසීමාවකි. මේ අතර විවාහ සහකරුගෙන් ධන ලාභයක් ලැබීමට ද අවස්ථාව උදා වේ. අවිවාහක අයට මංගල යෝග ද උදා වේ. තැන්පත් ධනය වර්ධනය වේ.   


තුලා   


තුලා ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි සමග බුධ භාග්‍යස්ථානයේ ගමන් කරන විට සිකුරු සමග රාහු දස වැන්නේ ද ගමන් කරයි. පෙරපින භාග්‍යය හා දෙවි පිහිට ලැබේ. ආගම දහමට සිත යොමු වේ. උසස් අධ්‍යාපනයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබයි. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ. විදේශ ගමන් පිළිබඳ කටයුතු සාර්ථක වේ. ව්‍යාපාර කටයුතුවල යෙදෙන අයට වැඩි ලාභයක් ලැබේ. රැකියා කටයුතුවල අලුත් තනතුරු ලැබීමට ඉඩ තිබේ. රැකියා හෝ දියුණු කරන කටයුතු වෙනුවෙන් නිතර නිවසින් බැහැරව යාමට සිදු විය හැකියි. විද්‍යාරම්භයට සුබ නැකැත් මෙම කාල සීමාව තුළ උදා වේ. කෙසේ නමුත් ගත වූ මාසයේ තිබූ රෝග වලින් නිදහස් වීමට ඉඩ තිබේ.   


වෘශ්චික   


වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි සමග බුධ අට වැන්නේ ගමන් කරන විට ලග්නාධිපති කුජ බලවත්ව කේතු සමග තුන් වැන්නේ ද ගමන් කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමග කටයුතු කරන විට කල්පනාකාරී වන්න. නීතියේ පිහිට බලාපොරොත්තු ​ෙනාවිය හැකි නිසා නීති විරෝධී කටයුතු වලට මැදිහත් නොවන්න. මේ අතර වියදම් පාලනය කර ගන්න. තම පියාට තරමක් අපලදායකයි. පොරොන්දු පත්‍රවලට අත්සන් කිරීමේදී සැලකිලිමත් වන්න. අන් අය සමග කතා කරන විට දූරදර්ශී වන්න. කෙසේ නමුත් උෂ්ණාධික රෝග හට ගැනීමට පුළුවන. ගුරු දශා ගත කරන අය සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. ඔබේ උත්සාහය හා ධෛර්යය ඉහළ මට්ටමක පවතින නිසා බෝහෝ බාධා ජය ගත හැකි වේ.   


ධනු   


ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි සමග බුධ හත් වැන්නේ ගමන් කරන විට ලග්නාධිපති ගුරු ලාභස්ථානයේ ගමන් කරයි. රාජ්‍ය අංශයේ රැකියා වරම් හිමි වේ. හවුල් ව්‍යාපාර වලින් ලාබ ලැබේ. ජුනි මස 25 වෙනි දින සිදු වන බුධ මාරුවට පෙර අවිවාහක අයට මංගල යෝග යෙදේ. බිරිඳ හෝ සැමියා සමග තිබූ අමනාප කම් දුරු වේ. මේ අතර කතාව නිසා පාඩු සිදු වීමට ඉඩ තිබේ. ඉවසීමෙන් කතා කරන්න. උසස් අය සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. කෙසේ නමුත් යහපත් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වේ. මේ අතර රාහු දශා ගත කරන අය සිතේ වංචල බව උදරාබාධ ආශ්‍රිත රෝග පවතී. ශනි දශා ගත කරන අය සෞඛ්‍යය රැක ගන්න.   


මකර   


ධනු ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි සමග බුධ හය වැන්නේ ගමන් කරන විට ලග්නාධිපති ශනි දොළෙස්වැන්නේත් ගුරු දස වැන්නේත් ගමන් කරයි. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අයගේ උදව් උපකාර ලැබෙන අතර නීතිමය අංශවල සහයෝගය ලැබෙනු ඇත. සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබෙන නිසා රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. සතුරු කරදරයකින් නිදහස් විය හැකියි. බලාපොරොත්තු වූ ණය මුදලක් ලබා ගැනීමට පහසුකම් සැලසේ. මේ අතර වියදම් පාලනය කර ගන්න. චිත්ත ධෛර්යය ඉහළ මට්ටමක පවතී.   


කුම්භ   


කුම්භ ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි සමග බුධ පස් වැන්නේ ගමන් කරන විට ලග්නාධිපති ශනි එකොළොස්වැන්නේත් ගුරු නම වැන්නේත් ගමන් කරයි. අධ්‍යාපන කටයුතුවලට සුබ බවක් පෙනේ. දරුවන් ගැන සැලකිලිමත් වන්න. මේ අතර ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේදී වඩාත් දූරදර්ශී වන්න. විවාහ අපේක්ෂිත පෙම් සබඳතාවලට එතරම් යහපත් නොවේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලදී උසස් අය සමග කල්පනාකාරීව කටයුතු කරන්න. අාගම දහමට සිත යොමු වේ. යහපත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකි වේ. මේ අතර නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට හා විද්‍යාරම්භයට සුබ නැකැත් උදා වේ.   


මීන   


මීන ලග්න හිමියන්ගේ කේන්දරයේ රවි සමග බුධ හතර වැන්නේ ගමන් කරන විට ලග්නාධිපති ගුරු අට වැන්නේ ගමන් කරයි. ගෘහ ජීවිතයේ කටයුතු තරමක් සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාට සුබයි. මේ අතර ඉඩකඩම් හෝ දේපළ පිළිබඳ නීතිමය ප්‍රශ්න ඇති වීමට කරුණු යෙදිය හැකියි. එම නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. මව පියා ගැන තරමක් සැලකිලිමත් වන්න. තනි තීරණ ගැනීමෙන් වළකින්න. නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කිය වීමට හා විද්‍යාරම්භයට සුබ නැකැත් උදා වේ. ගුරු දශා ගත කරන අය දියවැඩියාව හා කොලෙස්ටරෝල් වැනි රෝගවලින් ප්‍රවේසම් වන්න.   


මේ අනුව රවි මාරුව සමහර ලග්නවලට සුබ පල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් උදා කරන බව පෙනේ. රවි අපලය ඇති අය ඉරිදා දින රවි හෝරාවෙන් බුද්ධ පූජා, බෝධි පූජා සහ ආලෝක පූජා තැබීම සුබය. කතරගම දෙවි පිහිට පැතීමත් සූර්ය පිරිත කියවීම යහපත් වේ. මෙවැනි ශාන්තිකර්ම මගින් අපල සමනය කර ගත හැක. තවද රවි අපලයක් ඇති විට නායකත්වය ලැබීමට බාධා ඇති කරයි. අව්වේ වැඩ කිරීම, උෂ්ණාධික ආහාර ගැනීම සුදුසු නොවේ. වතුර බීම අතපසු කරන්න එපා. මව්පියන්ට උපස්ථාන කිරීම සුබය. ඇස් අන්ධ අයට උපකාර කරන්න.   

 

 

 

 


​ෙජ්‍යාතිර්වේදිනී   
අජන්තා ඒකනායක, 
අංක 121, මාංගොඩ, මැදමහනුවර.  



අදහස් (0)

උදා වූ කෝණ මාසය ඔබට කොහොමද ?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10924 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6211 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5932 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5251 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3239 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1707 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site