ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිලිබඳව ජාතික භික්ෂු පෙරමුණ විසින් සංවිධානය කළ
"රට වෙනුවෙන් සම්මත කළ යුතු 20" මැයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ භික්ෂු කථිකාව කොළඹ තුංමුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (13) පැවැත්විය.
මෙම අවස්ථාවට ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුශාසක මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමියන් එහි ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත, බටුවන්ගල රාහුල,කපුගම අත්තදස්සී යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නය වැඩම කළ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතල සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස්.කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd