රොමේෂ් මධුෂංඛ
යාපනයේ අරාලි වඩුක්කොඩ්ඩෙයි ප්‍රදේශයේ දී අවුරුද්දක් වයසැති බිළිඳකු අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.
අරාලි බටහිර වඩුක්කොඩ්ඩෙයිහි පිහිටි නිවසක ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳකට මෙම දරුවා වැටී ඇති අතර මව හා පියා දරුවා නොමැති වීමෙන් සොයන අවස්ථාවේදී දරුවා ගෙවත්තේ ළිඳට වැටී සිටියදී සොයාගෙන ඇත.
ළිඳට වැටී ඇති අවුරුද්දක් වයසැති බිළිඳා එම අවස්ථාවේදීම දෙමාපියන් වඩුක්කොඩ්ඩඩෙයි රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා මියගොස් තිබේ.
ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුද්දක් වයසැති සෙලවනාදන් ඩිලක්ෂණ් නැමති දරුවෙකු වන අතර දරුවාගේ දෙමාපියන් කුලී වැඩ කිරීමට ගොස් සිටීම නිසා දරුවා ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී මෙසේ ළිඳට වැටී ඇති බවට පරික්ෂණ සිදු කළ යාපනය පොලීසි සැක පල කර සිටින අතරම දරුවන් පිළිබඳ සැළකිලිමත් නොවීම නිසා මෙම සිදුවීම සිදුව ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ළිඳට වැටී බිළිඳකු මරුට