IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


‘ළඟම පාසල හොඳම පාසල කිරීමෙන් ඉගෙනගත් තැනත් නැතිවෙලා‘

(අජිත්ලාල් ශාන්තඋදය)

බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉඹුල්පේ සාරිපුත්ත විද්‍යාලය ‘ළඟම පාසල හොඳම පාසල’’ ලෙස නම් කිරීමෙන් පසු ඉදිකිරීම් ඇරඹූ නව තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ අතරමග නවතා දැමීමෙන් දරුවන් රැසක් ඉගෙනගත් පන්ති කාමර අහිමිවීමෙන් ඔවුන් බලවත් අසීරුතාවක පත්ව ඇතැයි එම විද්‍යාලයේ සිසුන්ගේ මව්පියෝ පවසති.

ව්‍යාපෘතියේ පළමුවන අදියර යටතේ සාරිපුත්ත විද්‍යාලය සංවර්ධනය කිරිමට තෝරාගෙන තිබූ බවත් ඒ අනුව 2016 වසර අවසානයේ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට නියමිතව තිබූ බවත් ඔවුහු පවසති.

එහෙත් එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුව ලබාගත් පෞද්ගලික සමාගම ඉදිකිරීම් කටයුතු ආරම්භ කළේ 2017 වසරේ මාර්තු මාසයේ බැවින් පාසලේ පන්ති පැවැත්වීම සඳහා තිබු පැරණි ගොඩනැගිල්ක් සහ ටකරං සෙවිලි කර තාවකාලිකව ඉදිකර තිබූ ගොඩනැගිල්ල ද ඉවත් කිරීමට සිදුවූ බව එම විද්‍යාලයේ මව්පියන් මෙන් පාසල් සංවර්ධන සමිති නිලධාරීහු ද කියති.

2018 වසරේ මෙම නව තෙමහල් ගොඩනැගිල්ලේ වැඩ අවසන් වෙතැයි බලාපොරොත්තු වුවද, මේවන විට ගොඩනැගිල්ල බිම්මහලට පමණක් සීමා කරමින් කොන්ක‍්‍රීට් තට්ටුව (ස්ලැබ් එක) පමණක් දමා මාස කිහිපයක සිට වැඩ නවතා ඇතැයි ද කියති.

මේ සම්බන්‍ධයෙන් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මීට මාස දෙකකට පමණ පෙර ලිඛිතව දැනුම් දුන්න ද මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බවද ඔවුහු කියති.

මව්පියන් පවසන කාරණාව සම්බන්‍ධයෙන් විමසීමක් කළ අවස්ථාවේ විදුහල්පතිවරයා පැවසුවේ මාධ්‍යයට තොරතුරු දීමට තමන්ට අවසරයක් නැති බවයි. එහෙත් මව්පියන් කියන කරුණ සත්‍යයක් බවත් ඔහු පිළිගත්තේය.

මෙම පාසල සබරගමු පළාත් සභා පාසලක් නිසා මව්පියන්ගේ දුක්ගැනවිල්ල සම්බන්‍ධයෙන් සබරගමු පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගෙන් විමසූවිට ඔහු පැවසුවේ මධ්‍යම රජයේ අරමුදල් මක මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක බවයි. කොන්ත‍්‍රාත්කරු වැඩ නැවැත්වීමට හේතුව ඔහුට මෙතෙක් කළ වැඩ සඳහා මුදල් නොගෙවීම ද, එසේත් නැතහොත් වෙනත් හේතුවක් ද යන්න පිළිබඳව ඉදිකිරිම් අධීක්‍ෂණය කරන පළාත් ඉංජිනේරු සේවා දේපාර්තමේන්තුවෙන් විමසා ඉදිකිරීම් කඩිනම් කිරිමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා කීවේය.



අදහස් (1)

‘ළඟම පාසල හොඳම පාසල කිරීමෙන් ඉගෙනගත් තැනත් නැතිවෙලා‘

ravi Monday, 23 October 2017 09:27 AM

ඔබට සතුටුයිද දැන්.....?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 192 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1053 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site