(කේ. බුද්ධික කුමාරසිරි)
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් ඝාතනයට ලක්වු තරුණයින් දෙදෙනාගේ ඝාතකයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හංවැල්ල ඇඹුල්ගම සමගි මාවතේ පදිංචිව සිටි තාරක මධුෂංක නමැති 22 හැවිරිදි තරුණයකු සහ ඇඹුල්ගම මංසන්ධියේ ව්‍යාපාරිකයකු වන ජීවන් කුමාර මඩපාතගේ නැමැති 32 හැවිරිදි විවාහකයෙකි.
හංවැල්ල ජල්තර පාසල් ක්‍රීඩාංගනයේ අත්පන්දු ක්‍රීඩාවේ යෙදී සිටියදී තියුණු ආයුධ අතැතිව එම ස්ථානයට පැමිණි තවත් තරුණ පිරිසක් ඔහුට බරපතල කැපුම් තුවාල සිදුකර ඇත.
හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම තරුණයා මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd