(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ ’හාවුන් ’ දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පතුරොම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන් දෙදෙනෙකු සමග දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව දඹුල්ල බීට්ටු වන නිලධාරී එඩ්වඩ් නොයෙල් මහතා පැවසිය.
වන සංරක්ෂණ නිලධාරී කණ්ඩායමක් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ ඉනාමලුව රක්ෂිතයේ මුර සංචාරයක නිරතව ඇත්තේ කැලෑ ගිනි තැබීම් සහ දඩයක්කරුවන්ගෙන් දිගින් දිගටම සිදුවන හානි පිළිබඳව සොයා බැලීම සඳහා වන අතර අලුයම තුනට පමණ විදුලි පන්දම් එළියක් දැක රක්ෂිතයේ සැඟවී සිටිමින් දඩයමේ ගොස් නැවත නිවෙස් බලා යමින් සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව නිලධාරීහු කියති.
කාලයක් තිස්සේ මෙම පුද්ගලයන් ඉනාමලුව රක්ෂිතයේ වන සතුන් දඩයම් කරමින් සංචාරක හෝටල්වලට මස් අලෙවි කිරීම සිදු කරන බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.
මෙම දඩයක්කරුවන් දිගින් දිගටම ප්‍රදේශයේ දඩ මස් අලෙවි කිරීම සඳහා නම් දරා සිටින පුද්ගලයන් බවත් සංචාරක හෝටල්වලට සහ විවිධ සාදවලට දඩමස් සැපයීම ඔවුන්ගේ රැකියාව බවට පත්ව ඇතැයි වර නිලධාරීහු කියති.
සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 30
76
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
731
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හාවුන් දඩයමේ ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
ආනන්ද පිටබැද්දර Monday, 01 April 2019 06:11 AM
අහිංසක සත්තු මරාගෙන කන මේවගේ නපුරු මිනිස්සු නිසා තමයි අපේ රටට මේවගේ නියං කාලයක් හා නරක දේශගුණික විිපර්යාස ඇතිවෙන්නෙ සියලු දෙවියනුත් මගෙ මවුබිම දිහා දැන් බලන්නෙ නැහැ.නිලධාරීන් රෑ නිදිවරා ගෙන තම රැකියාව අකුරටම සිදුකිරීම ගැන ඉතාම සතුටුයි