( ඔගස්ටින් ප්‍රනාන්දු)
කොවිඩ් 19 වසංගතය පැතිරිම පාලනය කිරිම පිණිස අගුළු දැමු හලාවත වැල්ල ධීවර ගම්මානය විවෘත කිරිමට සෞඛ්‍ය අංශ අද ( 15 ) අවසර දුන් බව හලාවත නගර සභාව කියයි.
මේ අනුව එම ගම්මානයේ ග්‍රාම නිලධාරි වසම් හතරක ජීවත් වන පවුල් තුන් දහසකට අධික ප්‍රමාණයක සාමාජික සාමාජිකාවන්ට තම ගම් පළාත් වලින් පිටතට සංචරණය වීමට අවසර ලැබේ.
පසුගිය 26 වන දින කොරෝනා රෝගින් කිහිප දෙනෙකු සොයා ගත් නිසා මෙම ගම්මාන අගුළු දැමීමට පියවර ගත් අතර මේ නිසා එම ප්‍රෙද්ශයේ ජනතාව විවිධ ගැටළුවලට මුහුණ දුන් බව මාධ්‍ය මගින් පවා පෙන්වා දි තිබුණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.