(ඩී.කේ.රත්න)
නායයෑමේ දැඩි අවදානමක් මතුවීමෙන් හල්දුම්මුල්ල ඉදල්ගස්හින්න වතුයායේ 28 ලැයිමට අයත් පවුල් තුනක සාමාජිකයින් 16 දෙනෙකු අද (25) ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
ප‍්‍රදේශයට ඇදහැළෙන වර්ෂාවත් සමඟ මෙම නිවාසවලට ඉහළින් පිහිටි කඳුවැටියේ ඇති ගල් කුට්ටි පෙරළීමෙන් නිවාසවල පදිංචිකරුවන් මෙසේ එම නිවාසවලින් ඉවත් කර තිබේ.
මෙම නිවාසවලින් ඉවත් කළ ජනතාව මේ වන විට ඥාතී නිවාසවල පදිංචි කරවීමට ආපදා කළමනාකරණ අංශය කටයුතු කර ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.