( රංජිත් රාජපක්‍ෂ )
නොර්වුඩ් එල්බොඩ තේ වතුයායේ අනවසරයෙන් මැණීක් ගරමින් සිටි බව කියන වතුකම්කරුවන් දෙදෙනකු අද (13) අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය කියයි.
ඔවුන් එම තේ වතුයාය හරහා ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඇද තිබෙන අධිබලැති විදුලි රැහැනකින් නීති විරෝධී ලෙස විදුලි රැහැන් ඇද විදුලිය ලබාගෙන වතුර මෝටරයක් උපයෝගි කරගෙන පරිසර විනාශ වන අයුරින් මෙලෙස මැණික් ගරා ඇතැයි කියැවේ.
මැණීක් ගැරිමට යොදාගත් බව කියන උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුරේ පැත්තේ දේශපාලකයන්ගේ හෙන්චයියෝ කරන පරිසර විනාශයට වඩා ලොකු විනාශයක් මේ උදලු දෙකෙනුයි, ගැරුම් වට්ටියෙනුයි , වතුර පොම්පෙනුයි කරලා තියනවා නේද ??