IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හැරී පෝ‍ටර්ගේ තොප්පිය නිර්මාණය කළ කණ්ඩායම උසස් අධ්‍යාපන ඇමති හමුවෙයි

(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර රොබෝටික්ස් තරඟාවලියේ දී ලොව අනෙකුත් නව නිර්මාණ පරාජය කරමින් පළමු ස්ථානය දිනාගත්  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම අද (3) විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ගොස් උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය.
 
සුප‍්‍රකට ළමා චිත‍්‍රපට කතා මාලාවක් වන ‘හැරී පෝටර්’ වෙනුවෙන් මෙම ශිෂ්‍ය කණ්ඩායම විසින් නිපදවූ හැරී පෝටර් පැළද සිටින මැජික් තොප්පියට මෙම ජයග‍්‍රහණය හිමිවූ අතර එම ජයග‍්‍රාහී ශිෂ්‍ය කණ්ඩායම අමාත්‍යවරයාගේ විශේෂ ආරාධනාවක් පරිදි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණියහ.
 
මෙම අවස්ථාවට පැමිණ සිටි සියලූම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, පීඨාධිපතිවරුන් සහ ලේඛකාධිකාරීවරුන් ඉදිරියේ එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන්ගේ නිර්මාණය හදුන්වා දෙන ලදී.
  
එම කණ්ඩායමේ නියෝජිතයන් වන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ, පරිගණක අධ්‍යයනාංශයේ ආචාර්ය රවීන්ද්‍ර ද සිල්වා, අදීෂ ගම්මන්පිල, අචල විජේසිංහ, තෙහානි වන්නිආරච්චි, විරාජි අමරජීව, දුවිනි ජයසිංහ යන ‍මෙලෙස පැමිණ අමාත්‍යවරයා හමුවූහ.

 



අදහස් (0)

හැරී පෝ‍ටර්ගේ තොප්පිය නිර්මාණය කළ කණ්ඩායම උසස් අධ්‍යාපන ඇමති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site