(දයාරත්න ඇඹෝගම)
පසුගිය මාස හතරක කාලයේදී වන අලි හය දෙනෙකු ඝාතනය කර ඇති අතර එම ඝාතනයන් පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව වනජිවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්.ඒ.සරත් මහතා සදහන් කළේය.
පසුගිය මාස 04 ක කාලයේදී හොරොව්පොතාන වන ජීවි කලාපය තුළ පමණක් වන අලි ඝාතන 06 වාර්තා වී තිබුණි.
එම මරණ වලට හේතුවී ඇත්තේ හක්කපටස් වන අලින්ට ලබා දීම හා වෙඩි තැබීම් නිතර නිතර සිදුවී බව අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙසේ දිගින් දිගට වන අලි ඝාතනය කිරිම හෝ තුවාල ලබා මිය යාම් වැඩි වුවහොත් ඉතා කෙටි කාලයකින් වන අලි සම්පත වඳවී යාමේ තර්ජනයක් ඇති විය හැකි යැයි ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd