IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


හොරොව්පොතාන ප්‍රා. සභාවේ මහ පුටුවට පොරයක්

(පැතුම් දර්ශන)
 
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ලබාගැනීම සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර  තියුණු තරඟයක් නිර්මාණය වී ඇති බවට  තොරතුරු අනාවරණය වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයකු අතර මෙම තරඟය පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රාදේශීය සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීමට ඔවුන් දැඩි උත්සාහයක නිරතවන බවද වැඩිදුරටත් අනාවරණය වෙයි. 

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ වර්තමාන සභාපතිවරයා ලෙස චාරික උදයංග විජෙරත්න මහතා කටයුතු කරන අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයෙන්  තේරී පත්විය.  2018 වසරේ අප්‍රේල් 8 වනදා සිට මේ දක්වා ඔහු සිය තනතුර හොබවනු ලබයි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළ අතර එහිදී ඔවුන්ට මන්ත්‍රී ධූර 8ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීධූර 7ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීධුර 4ක් සහ එක් ස්වාධීන මන්ත්‍රීධූරයක් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවට හිමිවිය.

පසුව  සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී වර්තමාන සභාපති චාරික උදයංග විජෙරත්න මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහ ස්වාධීන මන්ත්‍රී හිමිනමගේ ඡන්දය හිමිවීමෙන් ඔහු සභාපති ධුරයට පත්විය.

මේ වන විට කෙසේ හො වර්තමාන සභාපතිවරයා ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රධානතම අරමුණ වී ඇතිමුත්, පක්ෂ දෙකෙහිම මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාපතිධූරය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් ගැටලු පැන නැගී ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙම තත්වය හමුවේ වත්මන් සභාපතිවරයා  2020 වසර වෙනුවෙන් වන  අයවැය කෙටුම්පත ලබන 28 වනදා සභාවට ඉදිරිපත් කිරීමට ද නියමිතය.

මේ සම්බන්ධයෙන් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.
 
"ප්‍රාදේශීය සභා පනත අනුව ඉල්ලා අස්වීමකින් තොරව සභාපතිවරයෙකු වෙනස් කිරීමේ ක්‍රමවේදයක් නෑ. මම ඉදිරියේදී ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය සභා පනත අනුව. එයින් පිට කිසිදු ක්‍රියාමාර්ගයකට මම එකඟ වෙන්නෑ"යැයි සභාපතිවරයා කීය.



අදහස් (0)

හොරොව්පොතාන ප්‍රා. සභාවේ මහ පුටුවට පොරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 148 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1000 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site