(මනෝප‍්‍රිය ගුණසේකර)
හෙරොයින් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි හෙරොයින් ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මරණ දඬුවම අද (13) නියම කළේය.
35 හැවරිදි දෙදරු පියෙකු වූ විත්තිකරුගේ ක‍්‍රියාවෙන් සමාජයට සිදුවී ඇති ඛේදජනක තත්වය සැළකිල්ලට ගන්නා බව විත්තිකරුට දඬුවම් පමුණුවමින් විනිසුරුවරයා සඳහන් කළේය.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇතැයි පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු වු මුණියන්ඩි උපුල් චමින්ද නමැත්තාටය.
2016 අගොස්තු මස 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්ත ප‍්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 13.23 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.
ඒ අනුව විත්තිකරුට මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවකදී මෙම මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට මරණ දඬුවම්