(ඩී. ජී. සුගතපාල)

හොරොයින් මිලි ග්‍රෑම් 669ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ අධි චෝදනා දෙකට වරද පිළිගත් විත්තිකාරියකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. පී. එස්. නිස්සංක මහතා විසින් බරපතල වැඩසහිත වසර හයක සිරදඬුවම් සහ රුපියල් 30,000/- දඩ අද (6) නියම කළේය.

දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 12 ක සිරදඬුවමක් ද විත්තිකාරියට නියම විය.

මෙසේ දඬුවම් නියම වුයේ ගාල්ල මහමෝදර පදිංචි 25 හැවිරිදි විත්තිකාර තිදරු මවකටය.

ගාල්ල පොලිස් වසමේ මහමෝදර දී 2017 10 31 වැනි දා හෙරොයින් මිලිග්‍රෑම් 669ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබිණි.