ඩී.ජී.සුගතපාල
හෙරොයින් ග්‍රෑම් 30යි මිලි ග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයකු ගාල්ල බස් නැවතුම්පොලේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හබරාදුව අඟුලුගහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 31 හැවිරිදි සැකකරු අපරාධ රැසක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇති පුද්ගලයෙකි.
බන්ධනාගාරයේ දී හඳුනාගත් පුද්ගලයකු මගින් හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි. ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd