IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)
 
නාවික හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් හෙරොයින් ග්‍රෑම් 5 යි මිලි ග්‍රෑම් 750 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක්  අද (23) අත්අඩංගුවට ගෙන තිබේ.

 
අක්කරපත්තුව ඔලුවිල් පාලමුනේ ජලාල්පුර ප්‍රදේශයේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලන්දර් ලෙබ්බේ සහාජාන් නැමැති 29 හැවිරිදි අයෙකු සහ සයිව් තම්බි මොහමඩි රිස්වි නැමැති 26 හැවිරිදි අයෙකි.
 
අත්අඩංගුවට ගත් දෙදෙනා පාලමුනේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
 
අයිස්ක්‍රීම් විකුණන වෑන් රථයක් තුළ මෙම මත්කුඩු තිබූ අතර පාසල් සිසුන් ඉලක්ක කරගෙන මෙම මත්කුඩු ජාවාරම සිදුවන්නට ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් පැවසීය.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අක්කරපත්තුව පොලිස් ස්ථානයට භාරදී තිබේ.



අදහස් (0)

හෙරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 100 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 903 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site