IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙරොයින් සමඟ කතක් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


කිරුළපන පැරණි වෙළඳ සංකීර්ණය අසල පදික වේදිකාවේ ජංගම වෙළෙඳ කුටියක් තුළ කොස් වෙළඳාමේ නිරත වන මුවාවෙන්,හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100 ක් තිසර පටය තුළ සගවා ගෙන සිටි කාන්තාවක් අද (11) අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන කූඹිකැලේ ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව හෙරොයින් අලෙවි කරන බවට පොලීසියට ලද තොරතුරක් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමෙදී, හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100   තිබී සොයා ගෙන තිබේ.

මෙම කාන්තාව පදික වේදිකාවේ ජංගම වෙළෙඳ කුටියක් තුළ කොස් වෙළඳාම සිදු කිරීමට අමතරව,රෝල්ස් පැටිස් වැනි ආහාර ද්‍රව්‍ය ද  නිපදවා අලෙවි කරන අතර ඒ මුවාවෙන් හෙරොයින් අලෙවි කර ඇති බවට පොලීසිය සැක කරයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ ප්‍රශ්න කිරීමේදී සන්තකයේ තබාගෙන තිබූ හෙරොයින්  බන්ධනාගාරගතව සිටින සිය පුත්‍රයාට ලබාදීම සඳහා මිලදී ගත් ඒවා බවට පවසා ඇතැයි පොලිසිය කියයි .

එසේ බන්ධනාගාරගතව සිටින සැකකාරියගේ පුත්‍රයා හෙරොයින් ග්‍රෑම් 25 ක් සමග අත්අඩංගුවට ගෙන   බන්ධනාගාරගත කළ  අයකු බවද පොලිසිය පවසයි.

සැකකාරිය මාලිගාකන්ද අංක 2 අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි පරීක්ෂණ කිරීමට නියමිතය. 



අදහස් (0)

හෙරොයින් සමඟ කතක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site