ශිරාන් රණසිංහ
කාලයක් තිස්සේ හෙරොයින් ජාවාමේ නිරත වු කාන්තාවක් රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා හෙරොයින් තොගයක් ද සමඟ කොහුවල පොලිසිය මගින් ඊයේ (28) රාත්‍රීයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකාරිය සන්තකයේ තිබු හෙරොයින් ග්‍රෑම් 73 යි මිලිග්‍රෑම් 529 ක් සොයාගත් බව කොහුවල පොලිසිය සඳහන් කරයි.
දෙහිවල ශ්‍රී වනරානාරාම පාරේ කාන්තාවක් හෙරොයින් ජාවාරමේ නිරත වන බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදුකර ඇත.
මෙම කාන්තාව දෙදරු මවක් වන අතර ඇගේ සැමියා ද කළක් හෙරොයින් ජාවාරමේ නිරතව සිට පසුව හෙරොයින් වලට ඇබ්බැහි වී පවුල අතහැර ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd