(දිලීප් ජයසේකර)
විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරුකර , ගාල්ලේ සිට හම්බන්තොට හෙරොයින් මත් කුඩු ගෙනැවිත් අලෙවි කළ ප්‍රධාන ජාවාරම්කරු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ජේ.ඒ.නාලක සංජිව ජයසුරිය මහතා අද (23) නියෝග කෙරුණි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිස්සමහාරාම යෝධ කණ්ඩිය පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කලක් තිස්සේ ගාල්ල හා කොළඹ ප්‍රදේශ වලින් හෙරොයින් රැගෙනවිත් හම්බන්තොට ප්‍රදේශයේ සිටින හෙරොයින් ජාවාරම් කරුවන්ට බෙදාහැර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් හම්බන්තොට පොලිස් නිලධාරීන්ට ලද ඔත්තුවකට අනුව ඊයේ (22) රාත්‍රි සිදුකල වැටලීමකදී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේදී හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 3140ක් ඉනේ සගවාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටපත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදී හම්බන්තොට ප්‍රදේශයේ සිදුකෙරෙන හෙරොයින් මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් කරුණු රැසක්ද අනාවරණය කරගැනිමට හැකිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd