(ක.ග. කරුණාරත්න)
හෙරොයින් මත්කුඩු තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙකු අද (16) දහවල් පොලොන්නරුව බැදිවැවදී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලායාමට උත්සාහ කරද්දී පොලිසිය විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු සන්තකයේ තිබී මත්කුඩු තොගයද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් වෙඩි පහරට ලක් වූ සැකකරු මේ වනවිට පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇත. හෙතෙම පොලොන්නරුව බීඕපී 317 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී තිබේ.
පොලොන්නරුව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd