IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


හොරෙන් යුක්‍රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )
 
ව්‍යාජ ලෙස   දකුණු කොරියානු  ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් යූක්‍රේනය වෙත පලා යෑමට තැත් කළ වියට්නාම් ජාතිකයන් පස් දෙනෙකු  අද(20)  දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
 
 මෙම වියට්නාම් ජාතිකයන් පස් දෙනා 30 හැවිරිදි වියේ පසු වන තරුණයන් සිව් දෙනෙකු සහ එක් තරුණියකගෙන් සමන්විත වේ .
 

ඔවුන් මෙම දකුණු කොරියානු ව්‍යාජ  ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉකුත් 18 දින අලුයම 12.40 ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ ඕ.බී.- 185 දරන ගුවන් යානයෙන්  60 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු සමග  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
 ඉන් පසුව මෙම පිරිස අද 20 දින දහවල් 11.05 ට  යූක්‍රේනය බලා පිටත්ව යන යූක්‍රේන ගුවන් සේවයේ පී.එස්.- 388 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
 ගුවන් තොටුපළට පැමිණි මොවුන් අදාළ ගුවන් යානය වෙත ඇතුළු වීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඇතුළු වීමේ අවසර පත්‍ර ද ලබා ගෙන ඇති අතර , මෙම පිරිස අතර සිටි එක් වියට්නාම් ජාතිකයෙකු මෙම ගුවන් යානය තුළට ඇතුළු වී අසුන් ගෙන ද තිබේ . 
 
 කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ පර්යන්තය වෙත ඒ වනවිට පැමිණ සිටි ඉතිරි වියට්නාම් ජාතිකයන් සිව් දෙනා සතුව තිබූ  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමග අත් අඩංගුවට ගැනීමෙන් පසුව , ගුවන් යානය තුළ අසුන් ගෙන සිටි ඉතිරි ගුවන් මගියා ද යානයෙන් බස්සවා අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .



අදහස් (0)

හොරෙන් යුක්‍රේනයට යාමට ගිය වියට්නාම ජාතිකයින් 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site