IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හොරෙන් ජලය ලබාගත් ස්ථාන 15කට ලක්ෂ 22ක දඩයක්

(ජයන්ත සමරකෝන්)
 
කොළොන්නාව ප්‍රදේශයේ කරන ලද හදිසි වැටලීමකදී හොරෙන් ජලය ලබාගත් අවන්හල් 2කට, බේකරි 2කට, ඉදිකිරීමේ වැඩබිමකට සහ නිවාස 10කට රුපියල් ලක්ෂ 22ක දඩමුදලක් නියම කළ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය පවසයි.
 
ජල බිල්පත් නොගෙවීම මත මෙම ගෘහස්ථ හා ව්‍යාපාරික ස්ථාන සියල්ලෙහිම ජල සැපයුම විසන්ධි කර තිබූ බවද, වෙනත් ජල සම්බන්ධතාවන් යොදාගෙන දීර්ඝ කාලයක් තිස්සේ මෙම ජල සොරකම කර ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.
 
හිඹුටාන, අංගොඩ හා කොටිකාවත්ත ප්‍රදේශවල ජල සොරකම සිදුව ඇති බවට ලද පැමිණිලි ගණනාවක් අනුව කොළඹ අනවසර ජල වැටලීම් අංශය මෙම පරීක්ෂාව කර ඇතැයිද එම මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (0)

හොරෙන් ජලය ලබාගත් ස්ථාන 15කට ලක්ෂ 22ක දඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site