(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගිනි අවි රැගෙන යතුරු පැදියකින් හොරණ පොකුණුවිට ඉන්ධන පිරවුම් හලට කඩා වැඳුණු පුද්ගලයන් දෙදෙනෙකු ඉන්ධන හලේ පොම්පකරුවන් අත තිබූ මුදල් කොල්ල කා පලා ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි.
සුදුපාටට හුරු රෙදි කඩක් ඇස් දෙක ආසන්නය තෙක් බැඳගෙන යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවන්ට ගිනි අවි එල්ල කර මෙම කොල්ලය සිදුකර තිබූ බව පොලිසිය කියයි.
කොල්ලකෑ මුදල කොපමණදැයි මෙතෙක් අනාවරණය වී නැතැ බව පොලිසිය කියයි.
හොරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd