(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න රක්ෂිත වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ රහසේ රැගෙනයාමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 50,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (31) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 25,000 බැගින් දඩ මුදලක් ගෙවන ලෙස මෙසේ මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද්දේ මහරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙනෙකුටය.
අනවසර ලෙස හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රැගෙන ගොස් වනෝද්‍යානය තුළ තබාගෙන සිටියදී වනෝද්‍යාන නිලධාරීන් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ සහකාර භාරකරු පී. ටී. දයාරත්න, අඩවි සහකාර පී. එම්. පිත පනාවලගේ, වන සත්ව නියාමකධාරක ලක්මාල් සමරකෝන්, කේෂ්ත්‍ර සහායකවරුන්වන රවීන් ලක්මාල්, උදය කුමාර යන නිලධාරී මහත්වරුන් මෙම වැටලීම සිදුකර එම පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙනතිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd