(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේයස් වත්තේ ‘බී’ කොටසේ නිවාස නවයකින් යුතු වතු පේළි නිවසක බිත්ති පුපුරා, ඉරිතලා, ගිලා බැසීම හේතුවෙන් පවුල් 9ක 34දෙනෙකු 26දා සවස (ඊයේ) ඉන් ඉවත්කළ බව කොලොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා පැවසීය.
පිරිමි, කාන්තා සහ දරුවන් මෙලෙස ඉවත් කළ අතර ඔවුන්ට හේයස් දෙමළ විiාලයේ ආරක්‍ෂිත නවත්වා ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය. මේ දිනවල වැසි ඇදහැලුනත් මිලිමීටර් 25ට වැඩියෙන් එම ප්‍රදේශයට වැසි නොලැබූණු බවද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
එතරම් බෑවුම් නොමැති ස්ථානයක මෙම වතු නිවාස පේලිය පිහිටා ඇත. පොළොවෙ ඉරිතැලීම් අඩි 8ක් 10ක් ගැඹුරට නිරීක්‍ෂණය වන බව කොළොන්න පොලීසිය පවසයි. මෙම වතු නිවාස වසර 100කට වැඩි කාලයකට පෙර ඉදිකළ ඒවා බව වතු පාලනාධිකාරිය පැවසීය.
රත්නපුර ඇඹිලිපිටිය පාරේ මාදම්ප හන්දියෙන් දෙනියාය ඒ 17 පාරේ සූරියකන්ද පසුකර ඉදිරියට යද්දී හේයස්වත්ත හමුවෙයි. ඇඹිලිපිටිය දෙසින් කොළොන්න පාරේ පැමිණෙද්දී කෑල්ල හන්දියෙන් හැරී ඉදිරියට යද්දී හමුවන වළකට හන්දියෙන් කිලෝමීටර් දෙකහමාරක් පමණක් යද්දී හේයස්වත්තේ බී කොටස හමුවෙයි.
ඉවත්කළ පවුල් සඳහා වියළි ආහාර ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයා පියවර ගත්තේය. ගොඩනැගිලි හා පර්යේෂණායතනයේ නිලධාරින්ට දන්වා ඇති බවත් ඔවුන් පැමිණ ලබාදෙන නිර්දේශ මත ඉදිරි පියවර ගන්නා බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.





2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
458
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හේයස් වත්තේ වතු නිවාසවල ගිලා බැසීම් හේතුවෙන් 34 දෙනෙකු ඉවත්කරයි
චමින්ද Wednesday, 01 May 2019 12:31 AM
1969 වසරේ දෙසැම්බර් මාසයේ ඔය කියන ප්‍රදේශයේ නාය යාමෙන් විශාල පිරිසක් මියගිය අතර එම නාය යාමෙන් ගලාගිය පස් කොලොන්න කඩමංඩිය දක්වාම පැමිණියා.