IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හඹරණදී සිදුවූ අනතුරු 3 කින් පුද්ගලයින් 23 ක් රෝහලේ

(ක.ග.කරුණාරත්න)

හබරණ පොලිස් වසමේ ස්ථාන තුනකදී අද (23) සිදුවූ රිය අනතුරු 3 කින් කාන්තාවන් 7 ක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි.

හබරණ - ත‍්‍රිකුණාමලය ප‍්‍රධාන මාර්ගයේ හිරිගල්පොත්ත ප‍්‍රදේශයේදී වන්දනාකරුවන් පිරිසක් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීම නිසා කාන්තාවන් 7 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.ඔවුන්ප‍්‍ රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇත.

පොළොන්නරුව හබරණ ප‍්‍රධාන මාර්ගයේ හබරණ දේවාලේ කඬේට ආසන්නයේදී ලොරි රථ දෙකක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් මෝටර් රථයේ ගමන් ගත් 04 දෙනෙක් තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි.

තුවාලකරුවන් ප‍්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කර ඇත. ඔවුහු දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණයවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ප‍්‍රදේශයට අධික වර්ෂාවක් පැවැතී ඇති අතර මුලින්ම ධාවනය වෙමින් තිබූ ලොරියක් ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන තිබේ.

මද වේලාවකින් ඒ ස්ථානය පසුකර යමින් තිබූ තවත් ලොරියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී කලින් පෙරලුණු ලොරිය මතට වැටී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මේ අතර හබරණ පොලොන්නරුව ප‍්‍රධාන මාර්ගයේ මොරගස්වැව ප‍්‍රදේශයේදී ලොරියක් සහ බස් රථයක් අනතුරට ලක්වීමෙන් බස් රථයේ ගමන් ගත් අයෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරු ප‍්‍රතිකාර සඳහා හබරණ රෝහලට ඇතුළත් කර ඇත.



අදහස් (0)

හඹරණදී සිදුවූ අනතුරු 3 කින් පුද්ගලයින් 23 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site