IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


හම්බන්තොට පැරණි කච්චේරිය ආශ්‍රිත ගොඩනැගිලි අභාවයට යන ලකුණු

(සනත් ගමගේ)
 
හම්බන්තොට පැරණි කච්චේරි සංකීර්ණය පිහිටා තිබූ ස්ථානයේ පිහිටි පෞරාණික ගොඩනැගිලි නිසි ලෙස සංරක්ෂණය නොවීම  හේතුවෙන් එම ස්ථානය  අභාවයට පත්වෙමින් ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ගාමිණි ශ්‍රී ආනන්ද මහතා පැවසීය.
 
හම්බන්තොට හිටපු ප්‍රසිද්ධ උප ඒජන්තවරයෙකු වන ලෙනාඩ් වුල්ෆ් මහතා සිටි දිසාපති බංගලාව, වර්තමාන දිසාපතිවරයා  සිටින ස්ථානය, පැරණි එල්ලුම් ගහ, හම්බන්තොට පැරණි උසාවි සංකීර්ණය හා නඩු ඇසීම් කළ ශාලව, පැරණි ස්මාරක ඇතුළු ඉතා වටිනා ස්ථාන රැසක් මෙම භූමියේ පිහිටා ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මගින් මෙම ස්ථානයේ රුහුණු උරුමය පිළිබඳව කෞතුකාගාරයක්ද පවත්වාගෙන යනු ලැබේ.
 
මේවායින් ඇතැම් ස්ථාන සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා නිසි ලෙස නඩත්තු නොවීමත් සංචාරකයින්ට නැරඹීමට තරම් අවශ්‍ය පහසුකම් සලසා නොතිබීමත් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවෙන් මෙම ස්ථානයට නිසි ලෙස නිලධාරීන් යොදවා  නැතිවීමත් ගැටළුවක් වී ඇති බවද  නියෝජ්‍ය නගරාධිපතිවරයා කීය. දිනෙන්දින මෙම ස්ථාන අභාවයට පත්වෙමින් ඇති බවත් මහ නගර සභාවට හෝ මෙම ස්ථාන පවරාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගතයුතු බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී ප්‍රකාශ කලේය.
 
 
එල්ලුම් ගහ පිහිටි ස්ථානයට යන මාර්ගය සකසා තිබුනද එම මාර්ගයේ දෙපස කටුඅන්දර වැවී ඇති හෙයින් එල්ලුම් ගහ නැරඹීමට පෙර කටු අන්දර කැළයේ එල්ලී සිටීමට සිදුවන බව නියෝජ්‍ය නගරාධිපතිවරයා සඳහන් කළේය. 
 
මේ  සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දන්වා යැවීමට කටයුතු කරන බව හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

 



අදහස් (1)

හම්බන්තොට පැරණි කච්චේරිය ආශ්‍රිත ගොඩනැගිලි අභාවයට යන ලකුණු

D N Priyantha Wednesday, 10 April 2019 12:34 PM

මෙම ස්ථානය සංරක්ෂණය කල යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 192 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1053 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site