(ක.ග.කරුණාරත්න)

මුහුණු පොතේ හිමිනමක් ලෙස පෙනී සිටිමින් ලැප්ටොප් ස්මාර්ට්, දුරකථන, පරිගණක ආදිය අඩුමිලට ලබාදෙන බවට පුද්ගලයින් රවටා ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු අද (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශණ සිදු කළ එහි පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මාතර බෙලිඅත්ත ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව අනාවරණය වී ඇත. 25 හැවිරිදි එක්දරු පියෙකු වන  මොහු වැඩිපුරම මුදල් වංචාකර ඇත්තේ විහාරස්ථානවල වැඩ වසන ස්වාමින් වහන්සේලාගෙන් බවද කියති.

භාණ් අඩුමිලට ලබාදෙන බව පවසා සැකකරු ඊෂි කෑෂ් ක‍්‍රමයට මුදල් ගෙන්වාගෙන මෙලෙස වංචාකර තිබෙන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.