IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


හමුදා සෙබළා මැරූ පුද්ගලයාට මරණ දඬුවම


 
ඩී.ජී.සුගතපාල



පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්න්ධයෙන් විත්තිකරුවෙකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිකලරත්න මහතා විත්තිකරු මිනි මැරිමේ චෝදනාවට වරදකරු බවට තිරණය කොට අද (09)  මරණිය දණ්ඩනය නියම  කළේය.
 
මෙසේ මරණිය දණ්ඩනය නියම  කරනු ලැබුවේ රත්නායක ගිගනගේ සුගත් නමැති විත්තිකරුවෙකුටය.
 
අහංගම පොලිස් වසමේ කෝදාගොඩදී 2005 පෙබරවාරි 22 වැනි දින කෝදාගොඩ අද්දරගේ මහේෂ් අමරකීර්ති නමැති තිදරු පියාට  පිහියෙන් ඇන ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි.
 
මියගිය අය හිටපු හමුදා සෙබලෙකු වන බවත් විවාහයෙන් පසු කනංකේ බිරිඳගේ නිවසේ පචිංචිව සිටි බවත් එසේ සිටියදි සිද්ධියවු දින සවස හයයි හතළිස් පහට පමණ   කෝදාගොඩ ප්‍රදේශයේ මළ ගෙදරක යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් පසුව රාත්‍රි හතයි තිහට පමණ ඔහුගේ මවට කැගසන ශබ්දයක් ඇසි එම ස්ථානයට දුව යනවිට  මියගිය අය තුවාල ලබා  පාරේ වැටි සිටි බවත් නඩු විභාගයේදි අනාවරණය විය.
 



අදහස් (0)

හමුදා සෙබළා මැරූ පුද්ගලයාට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 331 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2143 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site