(ඩබ්.ඒ පියතිලක)
ටී 56 ගිනි අවි දෙකක කොටස් , ගුවන් යානා නාශක ජිව උණ්ඩ , කඩු 3ක් සහ හිස් පතුරම් කොපු ඇතුළු ආයුධ රැසක් මින්නේරිය ජයන්තිපුර තඹළවැව ප්‍රදේශයේ යුද හමුදා සෙබළකුගේ නිවසේ සඟවා තිබියදී අද (17) අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය පවසයි.
යාය 05, තඹලවැව , ජයන්තිපුර ප්‍රදේශයේ නිවසක අවි සහ කඩු සඟවා ඇති බවට ලද තොරතුරක් අනුව එම නිවස පරීක්ෂා කිරීමේ දී ටී 56 අවි සඳහා යොදා ගන්නා මැගසින් 02 , ටී 56 අවි දෙකක කොකින් හැඩල් 02 , බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන හිස් පතුරම් කොපු 08 , පතුරම් ගැබි රදවනයක්, අවි පටි 02 ක් සහ කඩු 03ක් සොයාගත් බව පොලිසිය කීය.
ටී 56 ගිනි අවි දෙකේ ඉතිරි කොටස් තිබේ දැයි නිවස සහ ගෙවත්ත පරීක්ෂාවකට ලක් කළත් ඉතිරි කොටස් හමු නොවූ බව පොලිසිය පවසයි.
මෙම අවි හමු වූ නිවසේ හිමිකරු යුද හමුදා සෙබලෙක් වන අතර ඔහු 6 වෙනි පාබළ රෙජිමේන්තුවේ ත්‍රිකුණාමල කඳවුරේ සේවය කරන බවත් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරි පරීක්ෂණ ආරම්භ කර ඇති බව මින්නේරිය පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
52
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
932
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හමුදා සෙබළාගේ නිවසේ ගුවන් යානා නාශක උණ්ඩ