(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන පිරවුම්හළෙන් රුපියල් 346,840 ක් වටිනා ඩීසල් ලීටර් 3335 ක් සොරා ගනු ලැබු පුද්ගලයන් දෙදෙනෙකු අද(15) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි බවුසර් රථ රියදුරකු සහ රිය සහායකවරයෙකි.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ඉන්ධන ගබඩාවට පෞද්ගලික බවුසර් රථයක් මගින් ගෙන ආ ඩීසල් සම්පුර්ණ තොගයම පිරවුම්හලේ ටැංකි තුළට නොදමා ඉන්ධන ලීටර් 3335 ක් බවුසරයේම රඳවා ගෙන සැකකරුවන් රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගුවන් හමුදා නිලධාරින් ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකළ පොලිසිය මෙම ඉන්ධන තොගය ගල්ගමුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක හිමිකරුවකුගේ නිවසේ තබා තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.
මෙම ඉන්ධන වංචාව සම්බන්ධයෙන් ගුවන් හමුදා භටයකුගේ ද සහාය ලැබී ඇතැයි පොලිසිය කියයි. අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනා අද (15) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd