
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද හමුදාවේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩවලට ආධාර යැයි පවසා කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවලට ගොස් හිමිවරුන්ගෙන් මුදල් ලබාගෙන වංචා කළ විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකු අද (20) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි.
දොඩංගොඩ, මීගහතැන්න, බදුරලිය හා මතුගම විහාරස්ථානවලට ගොස් මුදල් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකාර විශ්‍රාමික පොලිස් සැරයන්වරයා යුද හමුදාවේ සෙබළෙකු ලෙස පෙනී සිට මෙම වංචාව කර ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd