වසන්ත චන්ද්‍රපාල
හිමිදුරාව හතේ ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් වාර්තාවිමත් සමගම හිමිදුරාව ගම්මානයට යන මාර්ග කිපයක් වසා දැමිමට උහන ප්‍රාදේශිය කොවිඩ්19 කමිටුව තීරණය කළ බව උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිරෝෂන ලියනගේ මහතා පැවසිය.
ඒ අනුව හිමිදුරාවට ඇතුල්වෙන උහන වවුල් ගස් හන්දිය,පාලම් කදවුර හන්දිය,අභයපුර හන්දිය,සැටල්හන්දිය,සහ කහටගස්යාය සිට එන මාර්ගය වසා දැමිමට තීරණය කර අැත.
දැනට මෙම ගම්මනායෙන් පිටවිමට හෝ ඇතුල්විමට අවකාශ නොලැබෙන බව ආරක්ෂක අංශ පවසයි.
මේ වෙන විට උහන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්,පොලීසිය විසින් මෙම කොවිඩි ආසාදිතයා ඇසුරු කරන ලද පුද්ගලයින් සොයා ඒ අයගේ නිවෙස් වලට යමින් සිටින බවද උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ වාරණ දැම්මත් ඔය පැතිවල මිනිස්සු කැලේ පාරවල්වලින් රිංගනවා. මිනිස්සු දැනුවත්කරලම තමයි නවත්වගන්න වෙන්නේ. ඒත් සමහර අති පණ්ඩිතයෝ ඉන්නවා අපේ ගම්වල දොස්තරලට සුව සේවකයින්ට වඩා පොරවල් කියල හිතන. හරිම ඇණ...