කේ බුද්ධික කුමාරසිරි
හෝමාගම නියඳගල - මාකඹුර මාර්ගයේ 15 වැනි පටුමඟ ආසන්නයේ දී මාර්ගයේ ගමන් කරමින් තිබූ ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවත තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
අනතුරට ලක් වූ තී‍්‍ර රෝද රථයේ පුද්ගලයින් හය දෙනෙකු ගමන් කර ඇති අතර මාර්ගයේ පල්ලමක් තිබූ ස්ථානයක දී තී‍්‍ර රෝද රථ රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමන් මෙම අනතුර සිදුව තිබේ.
මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ කොළඹ වරායේ කම්කරුවෙකු ලෙස සේවය කළ බලංගොඩ වැලිපත කළුපේඩිගම පදිංචිව සිටි මහකදුරුව අප්පුහාමිලාගේ මහින්ද වනිගසේකර නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd