IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හබරාදූව තරුණයාගේ ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් බාරවේ


 
(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
 
හබරාදුව ගිනටිගල හන්දියේ දී තරුණයකුට පිහියෙන් ඇන ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු  නිතිඥයකුගේ මාර්ගයෙන් පොලිසියට බාර වු බව හබරාදුව පොලිසිය කියයි. 


ඉකුත් 24 වැනි දා ගිණිගල හන්දියේ දී පිහිඇනුමට ලක්වී මෙසේ ඝාතනය කර තිබුණේ  හබරාදුව මිපේ ඉස්කෝලවත්තේ පදිංචිව සිටි  ලක්ප්‍රිය අකලංක  ලොකුපට්ටිය (27) නැමති තරුණයෙකි.


මෙකී  ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පොලිසියට බාරවු තිදෙනා මීපේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


මීට වසර දෙකකට පමණ ඉහතදී විහාරස්ථානයක පැවති පෙරහරකදී ඇති වු ආරවුලක් නිසා  දෙපාර්ශවය අතර පැවති  පැරණි අමනාපයක් හේතුවෙන් මෙම ඝාතනය වී ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. 


එම ආරවුලෙන් පසු  මෙම අයියා මලෝවරු තිදෙනා පදිංචිව සිටි  නිවසට පිරිසක් ගොස් පහරදී ඇති බවද පොලිසිය කියයි. මේ සම්බන්ධව අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවද පොලිසිය පවසයි.
 



අදහස් (0)

හබරාදූව තරුණයාගේ ඝාතනයට එකම පවුලේ තිදෙනෙක් බාරවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site